ශාන් චෙංව පිලිගත්තේ ඉතිං එයාගෙ සුපුරුදු ලස්සනම ලස්සන බනී හිනාවෙනුයි.... ශාන් මේ වෙද්දිත් යන්න ලෑස්ති වෙලාමයි හිටියෙ function එකට මොකද නැතිනම් එයාට වෙලාවට යන්න බැරි වෙන නිසා... අනික චෙං පැහැදිලිවම කියුවේ එයාට ඕන කරන්නේ මිනිත්තු 15ක් විතරමයි කියලයි.....
ඒත් ශාන් ඇත්තටම ටිකක් පුදුම උනේ චෙං ඇදගෙන ඉන්න විදිහ දැක්කමයි... චෙං කියන්නේ වැඩිය බාහිර ආටෝප නැති සරල කෙනෙක්... එයා ඕනම තැනකට ඇදුම් උනත් ඇන්දේ සරල සාමාන්‍ය පහසු විදිහටයි.... ඒත් අද... අද එයාගෙ ඇදුම් පැලදුම් ඔක්කොම සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා...
චෙං ඇදන් හිටියේ full suit එකක්.... දිලිසෙන විදිහට මැදපු සපත්තු දෙකක් වගේම කොන්ඩෙත් ජෙල් කරලා උඩට කරලා හදලායි හිටියෙ.....
අද චෙංගෙන් දිස් උනේ වෙනම පුද්ලයෙකුගෙ රූපයක්... ඇත්තටම එයාගෙ කඩවසම් බව හුගක් කැපිලා පෙනුනා අද.... චෙංව දැක්කම ගමන්ම ශාන්ගෙ ප්‍රතිචාර උනේ...." Woww.... චෙං අයියා.... just wow... " ඇත්තටම ශාන්ට වෙන කියන්න දෙයක් මතක් උනේම නෑ.... ඒ තරම් චෙං අද ගොඩක් වෙනස්නේ.....
"හරි ඉතිං කියන්නකෝ බලන්න.... ඔයා මේ මොකද මෙහෙම ඇදලා මෙහෙ ආවෙ.... මනමාලියෙවත් බලන්න යන ගමන් වගේ....." චෙං ගෙට ඇතුලු වෙච්ච වෙලේ ඉදන්ම ශාන් කලේ චෙංව අපහසුතාවයට ලක් කරපු එකමයි.... ශාන්ගෙ මේ කෝලම් දිහා බලන් ඉද්දි චෙංට දැනුනේ එයාගෙ හුස්ම හුර වෙනවා වගෙයි... මොකද ශාන් එයාට අයිති නෑනේ කවදාවත්ම.... එයා ශාන්ගෙ හිනාව අස්සෙම හිර වෙලා උන්නත් ඒකෙන් එයාව ගලව ගත්තෙත් ඉතිං ශාන්ගෙ මල විකාර කතාම තමා...... ශාන්ගෙ කතා ටික අහන් ඉද්දි චෙංගෙ මූන තව තව රතු උනේ ලැජ්ජාවෙනුයි....
ටික වෙලාවකින් හරි සිහියට ආපු චෙං ශාන්ට කතා කලේ එයා ආපු කාරණාව ගැනයි.....
" ඇත්තටම ශාන් මේ එහෙම ගමනක් තමා යන්න යන්නේ.... මේ.... මම... මම.... යන්නේ යැන්ග්සිව හම්බෙන්න..... " චෙංගෙ ඒ වචන ටිකත් එක්ක මෙච්චර වෙලා චෙංව අවුස්ස අවුස්ස හිටපු ශාන්ගෙ ඇස් දෙක ලොකුම ලොකු උනේ පුදුමයෙන්.... "චෙං අයියා.... ඔයා එයාට කැමතියිද???? ඇයි අනේ එහෙනම් ඒක හැංගුවේ අපෙනුත්.... ඔයා හොද නෑ...." ශාන් එහෙම කියුවේ ඇත්තටම දුකෙන්.... එයා චෙංට සැලකුවේ එයාගෙම සහෝදරයෙකුට වගෙයි.... ඉතිං එයාට දුක හිතුනා චෙං මේ ගැන නොකියපු එකට....."ශාන් පොඩ්ඩක් ඉන්න.... මම එයාට කැමති උනා නෙමෙයි.... ගෙදරින් ආපු proposal එකක් මේක.... මම මගේ පුද්ගලික දේවල් වැඩිය බෙදා නොගත්තේ මේ නිසයි... මොකද මගෙ තාත්තා ලොකු politicians එක්නෙක් උන Mr. ෆෙන්මින්ග්... මම මේක කියන්න අකමැති උනේ මේක දැනගත්තම හුගක් අය මගෙන් ඈත් වෙයි කියල හිතුන නිසයි....අනෙක මට විශේෂ සැලකිලි උවමනා නැති නිසායි......... ඒත් මට තව දුරටත් ඒක රහසක් විදිහට තියාගන්න බෑ...... අනිත් එක මම අකමැති බොරු කාරයෙක් වෙන්නත්.... විශේෂයෙන්ම ඔයාල දෙන්නාට..... Soo මම හිතනවා ඔයාල දෙන්න මට සමාව දෙයි කියල..... " චෙං අන්තිම ටික කියුවේ ඇස් වලකදුලු පුරවගෙනයි.......
...................................................................................
මොකද කියන්නේ ළමයි ශාන් චෙංට සමාව දෙයිද???
පරක්කු උනාට සොරි ළමයි....
රූ...❤️