Chapter 41

371 85 7
                                    

ශාන්ගෙ මේ වියරු වැටුන හැසිරීම යැන්ග්සිගෙ හිතේ පොඩි බයක් ඇති කලා. මොකද එයා හිතන් හිටියේ ශාන් එයා කියන ඕනම දෙයක් කරයි කියලයි. ශාන්ට කවදාවත්ම මේ විදිහෙ පැත්තක් තියෙයි කියල යැන්ග්සි තියා ශාන්වත් දැනන් හිටියේ නෑ.

"මොනවද මට කරන්න තියෙන්නේ...??? එයාලව බේරගන්න...." ශාන්ගෙ හඬ බිදිලා තිබ්බා එහෙම අහද්දිත්.

"සරලයි.... ඔයට තියෙන්නේ මම කියන දේවල් කරන්න විතරයි... ඉස්සෙල්ලාම බෝට සැකයක් නොවෙන විදිහට බෝගෙන් ඈත් වෙන්න. නිකන් නෙමෙයි ඔයා බෝව රිජෙක්ට් කරන්න ඕනෙ. ඊට පස්සේ ඔයා රඟපාන්න ඕනෙ මගෙ bf විදිහටයි. Bf කියුවට මට ඔයා කැමති වගෙයි.... ඔයා ගොඩාක් හොද නලුවෙක් නිසා ඒක අමාරු වෙන්නේ නම් නෑ..." යැන්ග්සි එහෙම කියුවෙ බිම බලන් ඉන්න ශාන්ගෙ මූන දිහා බලලායි.

ශාන්ට දැනුනේ එයාගෙ මුලු ලෝකෙම එක පාරට විනාස උනා වගෙයි. එයා ආයෙමත් අඩන්න ගත්තේ බිම වාඩි වෙලායි. ඒත් එයාට කිසිම අදහසක් තිබ්බේ නැ බෝව අමතක කරන්න.ශාන්ගෙ ඇස් වලින් කදුලු වැටුනත් එයා යැන්ග්සි දිහාබැලුවේ කේන්තියෙන් පිරිච්ච ඇස් වලින්. එයා යැන්ග්සි දිහා රවලා බලන් ඉන්න විදිහට යැන්ග්සිට තේරුනා ශාන් ලේසියෙන් බෝව අත් හරින්නේ නැති විත්ත්ති.
ශාන් මේ තීරණය ගත්තේ නැතිනම් යැන්ග්සි කරපු හැම දේම වතුරෙ... ඉතිං ආයෙත් යැන්ග්සි කතා කලේ ඒ නිසයි.
"ඔයාට පුලුවන් ශාන් බෝව අතාරින්නෙ නැතුව ඉන්නත්. හැබැයි එතකොට මතක තියාගන්න මේවයෙ අවසානය නෙමෙයි මේ පටන් ගැනීමක් විතරයි කියල. ඔයා එහෙම තීරණයක් ගත්තොතින් සමහර විට ලඟදිම බෝට විරුද්ධවත් නඩුවක් වැටෙන්න පුලුවන්.... ගෑනු ළමෙකුට කරදර කලා වගේ එකක් එහෙම....." යැන්ග්සිගෙ ඒ කතාවත් එක්ක ශාන් ආයෙමත් අසරණ උනේ එයා දැනන් හිටිය නිසායි ඒ වගේ දේකින් වෙන්න පුලුවන් දේවල්. බෝ අහිංසකයි කියල ඔප්පු කරන්න ගත වෙන කාලය ඇතුලත බෝගෙ මුලු ජීවිතේම නැති කරලා දානවා අනිත් අය අනිවාර්යයෙන්ම ..... මොකද ගොඩක් අය බෝට ඊරිසියා කලා. බෝ කියන්නෙ හුඟක් පුංචි වයසකදි මේ තැනට ආපු කෙනෙක් නිසා.

ශාන්ව එතනම දාලා යැන්ග්සි ගියේ ශාන්ට දැන් වෙන කරන්න දෙයක් නැති බව දන්න නිසයි.

ශාන් අපාර්ට්මන්ට් එකට ගියේ cab එකක එයා මේ වෙද්දිත් තීරණය කරලා තිබුනා බෝව අතාරින්න. ඒත් ඒකට කියන්න හේතුවක් .... බෝට කියන්නේ මොකක්ද??? බෝගෙ reaction එක මොන වගේ වෙයිද..?? ශාන්ගෙ ඇස් වලින් සැරෙන් සැරේ කදුලු කඩන්  වැටුනේ බෝගෙන් ඈත් වෙන්න තියා එහෙම දෙයක් ගැන හිතන්නවත් එයා අකමැති නිසයි.

ශාන් මේ විදිහට හිතින් වද වෙන අතරේ බෝ හුගක් කාර්‍ය්බහුල උනේ එයාට ආපු ප්‍රශ්න නිසයි. බෝගෙ තාත්තාට එදාම ඇප දීලා ගෙදර එක්කන් ආවත් තව දුරටත් එයාගෙ තාත්තාට පුලුවන් කමක් තිබුනේ නෑ මේ දේවල් වලට තනියම මුහුණ දෙන්නත්. ඒ නිසා බෝට සිද්ධ උනා ඒ හැම දේකටම උදව් කරන්න. මේ හේතුව නිසා බෝට සමහර වෙලාවලට ශාන්ව miss උනත් ශාන්ගෙ හිතේ පුංචිමවත් තරහක් ඇති උනේ නෑ ඒ ගැන. ඒත් එයා බෝට පෙන්නුවේ එයා ඒ දේවල් නිසා තරහෙන් වගෙයි. ඒ හැම පාරකම බෝගෙ හිත රිදෙනවට වඩා දහ ගුණයක් ශ්6හිත රිදුනා.

කොච්චර busy උනත් බෝ කොහොමහරි ශූටින් වලටත් සහභාගි උනේ ශාන් එක්ක රැදෙන්න එයාට එතකොට පුලුවන් නිසයි. ඒත් බෝට තේරුනේ ශාන් ටික ටික වෙනස් වෙන බවකුයි.
මොකද ශාන් බෝව මඟ ඇරලා ගිහින් පැය ගණන් යැන්ග්සි එක්ක කතා බහ කරන්න පටන් ගත්ත නිසයි.

ශාන්ට යැන්ග්සි තර්ජනය කරලා සතියකට විතර පස්සේ ශාන් යැන්ග්සිට call කරලා එයා කියපු විදිහට කරන්නම් කියල කැමති උනේ කලින් දවසේ බෝ ශාන්ගෙ ගෙදර ඇවිත් ශාන්ට තුරුල් වෙලා එයාට මේ දවස් කොච්චර අමාරුද කියල කියමින් අඬපු විදිහ මතක් කරගෙනයි. ශාන්ට ඕන උනේ බෝව මේ කරදර වලින් අයින් කරන්නයි. ඒත් ඒකෙන් බෝට හොදක් වෙයිද.???

බෝට ශාන්ගෙ හැසිරීම ප්‍රශ්නයක් වෙද්දි එයා ශාන්ට කියුවේ හම්බෙන්න ඕනෙ කියලයි. ඉතිං ඒ දෙන්නා හම්බුනේ දෙන්නාගෙම හිත් වල ගොඩක් ප්‍රශ්න , දුක් හිර කරගෙනයි.....

........................
අතීත කතාව මෙතනින් ඉවරයි....
..................................................................................
Chapter 1 ඉදන් chapter 5 වල මුල් බාගය වෙනකන් ආයෙත් හොදට  බලලා එන්න ළමයි....
වර්තමනය ගැන රෑ ඉදන් දෙනවා

රූ...❤️

Love You More - Completed Where stories live. Discover now