ශාන් බෝ දෙන්නාව එකිනෙකාට ලං කරමින් කාලය ගෙවිලා ගියා. සැරෙන් සැරේ අලුත් ඩ්රාමා එකේ වැඩ වලදි යැන්ග්සිව මුන ගැහුනත් චෙංට තිබ්බ බයට යැන්ග්සි ඒ දෙන්නාට මුකුත් කියන්න කරන්න ආවෙ නෑ. මේ අතරතුරදි අලුත් ඩ්රාමා එකේ ශූටින් පටන් ගත්තා.
චෙං නම් ශාන් එක්ක පුලුවන් හැම වෙලේකම කතා කරන්න අවස්ථාවක් හදා ගත්තා. ඒ හැම වෙලාවකදිම මොන වැඩේ කර කර හිටියත් බෝ දෙන්නා මැද්දට ඇවිත් හැමදාකම ඒ කතාව කඩාකප්පල් කරා. 😂
ඉතිං මේ දෙන්නාගෙ මේ විකාර වැඩ නිසා මුලු ටීම් එකටම කිසිම වෙලාවක කම්මැලි කමක් නම් දැනුනේ නෑ. මොකද හැමදාම ඩ්රාමා එකේ ටීම් එකට මේ දෙන්නා නිසා ලොකු ලොකු බාල්දි වලින් ඇදගෙන නාන්න උනානෙ.
මතකනෙ 1st day යැන්ග්සි එක්ක අවුලක් දාගෙන ශාන් ගියා. ඒ එක්කම තවත් බොරුවක් කියල බෝත් ගියා. Script කියවන්න ගිය දවසෙදිත් අවුලක් උනා කියල මතකනේ. ඉතිං එයාල 3න් දෙනා අවුල් දාගත්තට අවසානයට ඒව විසඳන්න උනේ ඉතිං ටීම් එකේ අනිත් අයට....මොකද ශාන් ඉන්න තැනක යැන්ග්සි එක්ක බෝත් ඉන්නව කියල කියන්නෙ ඉතිං ගින්නක්ම තමා.චෙං හිටිය නිසා තත්වය පොඩ්ඩක් පාලනය වෙලා තිබ්බත් හදිස්සියෙම චෙංට ආයෙමත් රට යන්න සිද්ධ උනේ එයාගෙ අම්මා අසනීප උන නිසයි.
ශාන් නම් මුලු හිතින්ම දුක් උනා. මොකද චෙං එයාට ගොඩක් හොඳ යාලුවෙක් උනා මේ කාලෙදි. යැන්ග්සිගෙන් බේරගන්න එහෙම. බෝටත් ටිකක් දුක හිතුනත් පොඩි සතුටකුත් දැනුනේ දැන් චෙංට ශාන් වටේ කැරකෙන්න බැරි නිසයි. 😉 යැන්ග්සි .... යැන්ග්සිට නම් මේක ගොඩක් ලොකූ සතුටක් උනා. චෙන් නෑනෙ......
මේ අතර තුරදි 1st ටයිම් අලුත් ඩ්රාමා එකේ වැඩේට ටිකක් ඈත ලොකේශන් එකකට ගියා.
..................................................................................
ළමයි අද කතාව පොඩ්ඩයි .......රූ...❤️