ශාන් චෙංගෙ මූනට එබුනේ එයාගෙ ලස්සනම ලස්සන බනී හිනවෙන් ඒ මූන පුරවගෙනයි....
"අනේ අයියා.....🙂 ඇයි ඔයා සමාව ඉල්ලන්නේ.... අනික ඔයා ඒ දේ කලෙත් ඇත්තටම නරක හිතකින් නෙමෙයි කියල අපි හොදටම දන්නවානේ.... අපොයි දෙවියනේ.... ඔයා අඬන්නත් දන්නවාද???? කෝ කෝ බලන්න.... අපේ අනගිභවනීය චෙංගෙ ආකර්ශනීය කදුලු.... " ශාන්ගෙ පිස්සු කතාවලට ලේසියෙන්ම පුලුවන් උනා චෙංගෙ මූනට ලස්සන හිනාවක් ගෙන්න....
චෙංගෙ හිනාව ශාන්ගෙ හිතටත් ගෙනාවෙ සතුටක්...
"ඔන්න ඔහොම ඉන්න හිනා වෙලා අඬන බබෙක් නොවී... ඒත් ඔයා... ඔයා ඇත්තටම යැන්ග්සිට කැමතිද???" ශාන් ඇහුවෙ චෙං ඇත්තටම ඉන්නේ සතුටින්ද දුකෙන්ද කියල දැන ගන්නයි..... ඒ ප්රශ්නෙ එක්ක චෙං හිමීට කතාව පටන් ගත්තේ බිම බලාගෙනයි...
"ඇත්තටම කියුවොත් මුලින්ම මම කොහෙත්ම කැමති උනේ නෑ.... ඒත් කාලයත් එක්ක තේරුනා එයා එහෙම වෙලා තියෙන්නේ ආදරයක් ලැබෙන්නේ නැති නිසා කියල.... එයා හැම තැනකින්ම හොයලා තිබ්බේ ආදරේ... බෝගෙන් උනත් එයා caring බලාපොරොත්තු වෙන්න ඇති... ඉතිං මම හිතනවා එයා ඒ තරම් නරක නැතිව ඇති කියල.... ජීවිතේ වෙනස් කරගන්න තරම්... එයා ටිකක් නපුරුයි තමා... ඒත් ඒ නපුරුකමෙත් අමුතු cute ගතියක් තියනවා..." චෙංගෙ කතාවට ශාන් කිසිම බාධාවක් නොකර අහන් හිටියේ එයාගෙ මූනෙ ඉරියව් වෙනස් වෙන දිහාත් හොදට බලාගෙන... ශාන් කියන්නේ කොහොමත් හොඳ listener කෙනෙක්.... අන්තිමට ශාන්ට හිතුනේ චෙං යැන්ග්සිට ආදරේ කරන්න පටන් අරන් කියලයි.... ඉතිං එයාට හුඟක් සතුටුයි.... මොකද එයා චෙං ගැන දුක් උනා කවුරුත් නැති එක ගැන වගේම යැන්ග්සි ගැනත් එයාට සතුටු හිතුනා චෙං යැන්ග්සි ගැන මෙච්චර හොදට තේරුම් අරන් හිටිය නිසයි...ඒ ටික කියල ඉවර වෙද්දි නිකන්මට වගේ ඔරලෝසුව දිහා බලපු චෙංගෙ ඇස් නලලටම ගියෙ ශාන්ට වගේම එයාටත් හොදටම පරක්කු වෙලා තිබ්බ නිසයි...
"ශාන්.... වෙලාව... පරක්කුයි.... යමු ඉක්මනට.... ඉක්මනට ලෑස්ති වෙන්න.... චෙං එහෙම කියුවමයි ශාන්ටත් දාඩිය දැම්මේ.... එයා ලෑස්ති වෙලා තමා හිටියේ ඒ පොඩි අඩුම කුඩුම ටිකක් තිබ්බනෙ එල්ලගන්න...🤗🤗
"ඉක්මනට යමු... තත්පරයක් දෙන්න... එහෙම කියල ශාන් එයාගෙ රූම් එකට ගිහින් එලියට ආවෙ යතුරක් පෙන්ඩන්ට් එක විදිහට තියන මාලයක් වගේම බ්රේස්ලට් එකක් දාගෙන....