බෝ චෙංට ආචාර කරලා අතට අත දුන්නෙ එකිනෙකාව අදුනගන්න ගමන්මයි. චෙංට හොදටම තේරුනා මේ දෙන්න අතර අමුතුම සම්බන්ධකමක් තියනව කියල බෝගෙ හැසිරීමෙන්....
චෙං ශාන්ගෙ යුනිවර්සිටි එකේ යාලුවෙක් කියල කියුවහම බෝ තවත් කලබල උනේ ශාන් වෙනුවෙන් චෙංගෙ ඇස් වල තියෙන්නේ හැඟීම් බෝට ලස්සනට කියවගන්න පුලුවන් උන නිසයි. බෝට කිසිම අදහසක් තිබ්බෙ නෑ ශාන්ව චෙං ගාව තනියම දාල යන්න කොහෙටවත්ම. ශාන්ගෙ ලස්සන ඇස් වලට අද , මූනට අද ගොඩක් දෙනෙක්ගෙ අවධානය යොමු වෙනවා දකිද්දී බෝට ආඩම්බරයක් වගේම ඒ එක්කම ඊරිසියාවකුත් ඇති උනේ එකටමයි. පුලුවන් උනා නම් බෝ ශාන්ව එයාගෙ සාක්කුවේ දාගන්නවා කාටවත් නොපෙනෙන්න...😂😂
මේ අතරෙ ඩිරෙක්ට බෝට කතා කලා. බෝ ශාන්ව චෙං ගාව දාල ගියෙ බොහොම අකමැත්තෙන්. මුලින්ම බෝ එයා එක්ක ශාන්ව අරන් යන්න try කලා. ඒත් ශාන් ඒක ප්රතික්ෂේප කලේ ඩිරෙක්ට කතා කලේ බෝට කියල කියමිනුයි. ඒ අස්සෙ චෙං කියුවෙ මම ශාන් එක්ක පොඩ්ඩක් ඉන්නම් යීබෝ ඔයා ගිහින් එන්න කියලයි. කියන්න සතුටුයි මිත්රවරුනි බෝගෙ මූන නිකන් අටපට්ටමක් වගෙයි යද්දි. 😂
බෝ ඩිරෙක්ට කතා කරපු වැඩේ ගැන අහල එද්දි යැන්ග්සි ඇවිත් ආයෙත් බෝගෙ ඇගේ එල්ලෙන්න හදද්දී බෝ බොහොම අමාරුවෙන් යැන්ග්සිව මඟ ඇරලා ශාන් ගාවට යන්නයි හැදුවෙ.....ඒත්.... ඒත් ශාන් හිටියෙ නෑ කලින් හිටිය තැන. ඒ වගේම චෙං හිටියෙත් නෑ.. බෝ වටේටම ඇස් අරන් ගිහින් කොච්චර හෙව්වත් ඒ දෙන්නගෙ චායාවකවත් බෝගෙ ඇහැට ගැටුනෙ නම් නෑ.
බෝ පිස්සුවෙන් වගේ හොයන්නෙ ශාන්ව කියල දැනන් හිටිය යැන්ග්සි හිමිහිට ආයෙත් බෝ ගාවට කිට්ටු උනා. "ඔයා හොයන්නෙ ශාන්ව නම් මට පුලුවන් ඔයාව එයා ගාවට එක්කන් යන්න." යැන්ග්සිගෙ වචනත් එක්ක බෝ තවත් නොසන්සුන් උනේ යැන්ග්සි කීයටවත් එයාටයි ශාන්ටයි උදව් නොකරන බව දැනන් හිටිය නිසයි. බෝගෙ හිත අනියත බයකින් පිරිලා ගියා. "කොහෙද....??" ඒ බෝගෙ කේන්තිය පිරුන කටහඩයි.
ඊලඟට බෝ යැන්ග්සිගෙ පිටිපස්සෙන් ගියෙ හොටෙල් එකෙන් එලියෙ ගාර්ඩ්න් එකට. බෝ හිතින් තැවුනේ ශාන්ට මොනාහරි කරදරයක් වෙලාද කියලයි. ඒත් බෝ දැක්කෙ චෙං එක්ක හිනා වෙවී කතා කරන ශාන්වයි. එකපාරට ශාන්ව වැටෙන්න ගියෙ අහක බලන් ගිය නිසා ගහක මුලක පැටලිලයි. ඒත් එක්කම චෙං ශාන්ගෙ ඉන වටා අත් දාල අල්ලගත්තෙ වැටෙන්න ගිය නිසා බය වෙච්ච ශාන්ගෙ මූන දිහා බලාගෙනයි. ටිකක් වෙලා ගියත් චෙං තාමත් ශාන්ව අතැරල හිටියෙ නෑ. ශාන් චෙං ගෙන් අයින් වෙන්න හදන ගමන් සපත්තුවකට ගල් පෑගෙන සද්දෙට ඒ දිහා බැලුව ශාන් බෝව දැක්කා. ඒත් එක්කම එයාගෙ මූනෙ අර ලස්සන බනී හිනාව ඇදුනා. චෙංගෙ අතින් මිදිලා බෝ ගාවට එන්න කකුලක් තියපු ශාන් ආයෙ එතනම නතර උනේ ඒ ලස්සන හිනාවත් අතුරුදහන් වෙලා තුනී කදුලු පටලයක් ඒ ඇස් වල බැඳෙද්දී....
..................................................................................
මොනා හින්ද ළමයි ශාන් නතර වෙන්න ඇත්තේ??රූ...❤️