Chapter 4

1K 174 10
                                    


බෝට දැනුන ලැජ්ජාව නිමක් නෑ ඉතිං. ඒත් ඉතිං දැන් කරන්න දේකුත් නෑනේ. බෝ හිමීට අයෙමත් බිම බලාගත්තෙ බිම යන පුංචි කූඹි පේලියෙ අන්තිම කූඹියගෙ කකුලේ ඇදේ හොයනව වගේ පුදුම උනන්දුවකින්. කොහොමින් කොහොමහරි එදා ශාන් තමා winner උනේ talent show එකෙන්. ඇත්තටම ශාන් ගොඩක් දක්ශයි කියන එක බෝට එතකොට හොදටම තේරිලා තිබ්බා. ශාන්ට අයිති තෑගි වලින් එකක් දෙන්න බෝටත් යන්න උනා stage එකට. 
ශාන් නම් බෝ එයා ලගට ආව ගමන් බෝට එයගෙ ලස්සනම ලස්සන බනී හිනවක් දුන්නා. ඒ හිනාව දැක්ක ගමන් බෝ කලින් වෙච්ච දේ මතක නිසා ශාන්ගෙ ඇස් මගඇරල තැග්ග ශාන්ට දීලා පුලුවන් ඉක්මනට stage එකෙන් බැහැල ගියා. ඇත්තටම බලන් ඉන්න අය නම් දැක්කෙ ශාන්ගෙ ඇගට තෑග්ග විසි කරල බෝ දිවුවා වගෙයි.
අවසානයට  ශාන්ට කතා කරන්න අවස්තාවක් හම්බුනා එයා මේ ලබපු ජයග්‍රහණය ගැන. ඉස්සෙල්ලාම තමන්ගෙ අම්මා තාත්තාට ස්තූති කියපු ශාන් පිලිවලට එයගෙ ගුරුවරුන්ටත් ස්තූති කලා. එයගෙ රසිකයින්ටත් ස්තූති කරපු ශාන් හිමීට බැලුවෙ කඩි ගුලක් උඩ වාඩි වෙලා ඉන්නවා වගේ මූන රතුම රතු කරන් event එක ඉවර වෙනකන් බල බල ඉන්න බෝ දිහයි. ඒ බලල එයා කිවුව දේ ඇහුන බෝ ශාන් දිහා බැලුවෙ තමන්ට ශාන් කීව දේ අහුනෙ වැරදියට කියල හිතාගන්න බැරුව මොකද ශාන් ඒ කිවුවෙ එයගෙ නම.

" ඇත්තටම මට මෙතනට එන්න ලොකු ශක්තියක් වෙච්ච කෙනෙක් ඉන්නවා. හැබැයි ඒ කෙනාවත් දන්නේ නෑ එයා මට කොච්චර උදව් කරල තියනවද කියල. මම ගොඩක් සාමාන්‍ය පවුලක කෙනෙක් කියල ඔයාල හැමෝම දන්නවනේ. අද මම කියන්නම් මට ඒ ශක්තියක් වෙච්ච කෙනා කවුද කියල. ඇත්තටම ඒ තමා දැන් මේ මගෙ ඉස්සරහ වාඩිවෙලා ඉන්න Mr. යීබෝ." ශාන් එහෙම කිවුහම බෝට හුස්ම ගන්නත් අමතක උනා වගෙයි දැනුනේ. ඒත් එයට හොදටම sure  එයා මීට කලින් කවදාවත් ශාන්ව හම්බෙල නෑ කියල.
කවදද? කොහොමද? කොතනද? බෝගෙ ඔක්කොම ප්‍රශ්න වලට ශාන් ඊලගට කියුව ටිකෙන් උත්තර ලැබුනා එයාට.

" ඇත්තටම මම කන්නවත් සල්ලි හොයාගන්න බරුව දුක් වින්ද කාලයක් තිබ්බා. ඉතිං මම මගෙ හීන හැමදෙයක්ම අතැරල හිටියෙ ඒ වෙද්දි. මට ඕන උනේ මොකක් හරි රැකියාවක් විතරයි. ඔය අතරෙදි තමා මම Mr. යීබෝගෙ ඉන්ටර්විව් එකක් අහම්බෙන් වගේ දැක්කෙ. ඒකෙ බෝ හරි ලස්සනට තේරුම් කලා හීන අතරින්නේ අසරණකම් හින්ද විතරක් නෙමෙයි ඒ අය හිතේ දිරියක් නැති පරජිතයො කියල. ඒ සාකච්ඡාවේ අවසනයට එයා ඇහුව ඔයාත් උත්සාහවත් නොකරපු පරජිතයෙක් වෙනවද?? නැත්නම් අඩුමගනේ උත්සාහවත් කරනවද?? කියල. ඉතිං මම එදා තීරණය කලා උත්සාහ කරල ජයග්‍රාහකයෙක් වෙන්න." ශාන් එහෙම කියල බෝ දිහාට හැරිල ඔලුව නමල " Thank you Mr. යීබෝ " කියල කිවුවෙ ලස්සනට හිනා වෙන ගමන්මයි.

මේ අතර බෝ කල්පනා කලේ එයා කවද්ද මොන ඉන්ටර්විව් එකේදිද එහෙම දෙයක් කියුවේ කියල. කොහොම උනත් ශාන් එයා ගැන කියුව නිසා බෝට දැනුනෙ උඩ පනින්න තරම් සතුටක්. ඒත් හැබැයි එයා නෙමෙයි බනීගෙ මූණ දිහා බලන්නෙ.😂😂

මේ සේරම අස්සේ යැන්ග්සිට කේන්ති ගියේ ශාන් යැන්ග්සිට එක වචනයකින්වත් ස්තූති නොකරපු නිසයි. සාමාන්‍යයෙන් නම් බොරුවට හරි ඕන කෙනෙක් යැන්ග්සිට ස්තූති කරනවා මොන දේට ගියත්, යැන්ග්සි ගැන දන්න නිසා. මොකද යැන්ග්සිව ශේප් කරගන්න එක කොයි එකටත් හොද නිසා.

ඒත් ශාන් නම් වචනෙකින්වත් යැන්ග්සිව මතක් කලේ නෑ. ඊටත් එහා ලස්සනම ලස්සන cute ශාන්ව දැක්ක වෙලේ ඉදන් බෝගෙ වෙනසත් යැන්ග්සිට ඇල්ලුවෙම නෑ.
ඒත් යැන්ග්සි වැඩිය ඒක ගැන නොහිතුවෙ බෝ ගෑනු ලමෙක් එක්කවත් හරියකට සම්බන්ධකමක් පැවැත්වුවේ නැති නිසයි. ' අපි බලමුකෝ.......'  යැන්ග්සි හිතුවෙ එහෙමයි.

මේ talent show එකෙන් පස්සේ බෝට ශාන්ව ආයෙ හම්බුනේම නෑ. හැබැයි බෝ හොරෙන් ශාන්ගෙ හැම ඉදිරි පියවරකටම උදව් කලා. ඒත් ඒ හැම දෙයක්ම ශාන්ට රහසක් වුනා. මොකද බෝ කැමති වුනේ නෑ කවුරුත් ඒ ගැන දැන ගන්නවට. විශේෂයෙන්ම ශාන්.

...................................................................................
රූ...❤️

Love You More - Completed Where stories live. Discover now