චෙං..... බෝ මොනව කියන්නද දැන් ශාන්ට..... ඇත්ත කියන්න බෑ දැන්මම..... සිහිය ආව විතරයිනේ... බෝ හරි අමාරුවෙන් බොරු සිනහවකින් මුව සරසගෙන ශාන්ට කියුවෙ චෙං හොඳින් ඉන්නවා කියලයි... එයාටත් surgery එකක් කරපු බවත් දැන් normal රූම් එකකට එයාවත් මාරු කරපු බවත් බෝ කියුවත් චෙංගෙ කෝමා තත්ත්වය ගැන ශාන්ට නොකියා ඉන්න එයා පරිස්සම් උනා...
"බෝ එයා ඇත්තටම හොඳින් නේද??? Accident එක වෙද්දි එයා මාව protect කලා.... මගෙ ඔලුව කොහෙවත් නොවදින විදිහට එයා මාව තුරුල් කරගත්තා කියල මතකයි මට.... ඒත් එක්කම වගේ මට සිහිය නැති උනා.... " ශාන් එහෙම කියලා ආයෙම බෝ දිහාවට හැරුනේ එයාට චෙං ආරක්ශිතයි කියල තහවුරු කරගන්න උවමනා උන නිසයි....
"ම්ම්ම්ම්.... එයා හොදටම හොඳින් බනී.... ඔයා දැන් ආයෙ ටිකක් නිදා ගන්න... අනිවාර්යයෙන්ම ඔයාට දුන්න බෙහෙත් වලට නින්දයාවි ඔයාට.... බොරු දේවල් ගැන වද නොවී ටිකක් නිදාගන්න...."
බෝ එහෙම කියුවම ශාන්ගෙ මූනෙ ලස්සන ඒත් හුඟක් වෙහෙසකර සිනහවක් සටහන් උනා.... චෙං ආරක්ශිත බව එයා පිලිගත්තා... ඊට පස්සේ පුංචි වෙලාවකින් ආයෙමත් එයාගෙ ඇස් පිය උනේ බෙහෙත් වල සැරටමයි...ශාන්ට ආයෙම නින්ද ගියාම බෝ ගියේ චෙංව බලල එන්න යන්නයි....
............................................................................................Flashback....
පැය කිහිපයකට පෙර...ඩිනර් එකට එන්න ලෑස්ති වෙවී ඉද්දි යැන්ග්සිගෙ phone එකට call එකක් ආවෙ එයා ශාන්ව accident කරන්න contract එක දීලා තිබ්බ කෙනාගෙන්... එයා ශාන්ගෙන් මේ විදිහට පලිගන්න හිතුවේ ඒ දෙන්නම ශූටින් අතරෙදි තුවාල උන වෙලාවෙදියි... එයා ගැන කිසිම කෙනෙක් නොබලද්දි ශාන් ගැන හැමෝම හුඟක් කලබලෙන් හොයපු දවසෙදියි...
Call එක දැකපු ගමන්ම යැන්ග්සිගෙ මූනෙ ඇදුනෙ වියරු හිනාවක්.... call කරපු කෙනා කියුවේ එයා ඒ වෙද්දි ඉන්නේ ශාන්ගෙ apartment එක ඉස්සරහ කියලයි... යැන්ග්සි ඒ කෙනාට උපදෙස් දුන්නේ අදම මේ වැඩේ ඉවරයක් කරන්න කියලයි....
............................................................................................
හොටෙල් එකට ආපු ගමන් ආයෙම එයාට call එකක් ආවා.... ඒ ගමන contract එක ගත්ත කෙනා කියුවේ දෙන්නෙක් නැග්ගා කියලයි කාර් එකට....
Follow කරන අය හිටියෙ ටිකක් ඈතින් නිසා එයාල වැඩිය පැහැදිලිව දැක්කේ නෑ ශාන් ඇරුනම අනිත් කෙනා කවුද කියල....
යැන්ග්සිට කල්පනා කරන්න දෙයක් තිබුනේ නෑ... ' 'අනිවාර්යයෙන්ම ඒ යීබෝ වෙන්න ඕනේ....' එයා හිතුවෙ ඒ විදිහටයි... ඒත් ඒ එක්කම එයාට මතක් උනේ චෙං වෙන්නත් පුලුවන් කියලයි... ඒ නිසයි එයා ඇහුවෙ ඇදන් ඉන්නේ මොනවද කියල... මොකද චෙං හැමදාම අදින්නේ සරල චාම් ඇදුම් වගේම බෝ අදින්නේ පොඩ්ඩක් වෙනස් විදිහට නිසයි... එයාට හම්බුන උත්තරේ තමා 'full suit එකක් ඇදලා කොන්ඩෙ උඩට හදලා...' එහෙනම් ඒ චෙං වෙන්න බෑ කියල හිතුව යැන්ග්සිගෙ හිතට කුරිරු සතුටක් දැනුනේ ශාන් බෝ දෙන්නවම මේ විදිහට හම්බුන සතුටටයි...
...........................................................................................
හොටෙල් එකට ඇවිත් ටික වෙලාවකින් තමා එය දැනගත්තෙ එයාට ප්‍රොපෝස් කරලා තියෙන්නේ චෙංව කියල.... එයාට දැනුන සතුට කියල නිම කරන්න බැරි එකක් ඒ බව දැනගත්තාම..... ඒත්.... අන්තිමට අද.... අද එයාම කරපු දෙයක් නිසා එයාගෙ ආදරේ මරණය අබියසට ගෙනල්ලා....
Flashback end...
............................................................................................බෝ චෙංගෙ රූම් එකට ඇතුලු වෙද්දිම ඇහුනේ චෙංගෙ අම්මාගෙ ඉකි බිඳුම් හඬයි... චෙංගෙ තාත්තා හිටියෙත් එයාගෙ මුලු ලෝකෙම කඩන් වැටුන ගානට පැත්තකට වැටිලා යැන්ග්සිගෙ තාත්තා නොහිටියත් යැන්ග්සිගෙ අම්මාත් පැත්තකින් වාඩි වෙලා හිටියේ අසිහියෙන් වගේ ඉන්න යැන්ග්සිව වාරු කරගෙනයි...
බෝ චෙං ගාවට ගිහින් එයාගෙ අතක් අල්ලාගත්තා... ඒත් ඒ අත්.... ඒවා හරිම සීතලයි.... බෝගෙ අතින් නිකන්ම ඒ අත අතැරුනේ එයාට ඒ සීතල අතට වඩා එයාගෙ හිතට දරාගන්න බැරි තරමට දැනුන නිසයි.....
එයා නිකමට වගේ යැන්ග්සි ගාවට ගියේ මොනවා උනත් එතන හිටිය අයගෙන් එයා දැනන් හිටියෙ යැන්ග්සිව නිසයි.... ඒත්... යැන්ග්සි මුමුණන මුමුන හිටිය වචන ටික....
" මම දැනන් හිටියෙ නෑ.... ඔයා කියල... අනේ... මම එහෙම කලේ නෑ...." බෝට මුලින්ම මේ කිසි දෙයක අගක් මුලක් නොතේරුනත් යැන්ග්සි කියවන එයාට ටික වෙලාවක් යද්දි වෙච්ච දේ හිතාගන්න අමාරු උනේ නෑ......................................................................................
ළමයි පරක්කු උනාට සොරි....
අද කොටස ඔයාලට boringද දන්නේ නෑ...රූ...❤️