Chapter 10

690 133 11
                                    

බෝ ශාන්ගෙ මූනට තවත් එයාගෙ මූණ ලං කලේ ශාන්ගෙ sharp නහයට එයාගෙ නහය ගෑවෙන විදිහට. ශාන්ට දැන් හුස්ම ගන්නත් අමතකයි. බෝ ආයෙමත් එයාගෙ තොල් ශාන්ගෙ නහයට ලං කලේ ශාන්ගෙ විරුද්ධවයක් නොතිබ්බ නිසයි. ශාන් තාමත් ඉන්නෙ අත් වලින් කට වහන් හැබැයි එයාට බෝගෙ ඇස් වලින් මිදෙන්න නම් එයාට බැරි වුනා. බෝගෙ හුස්ම ශාන්ගෙ මූනෙ වදිනකොට ශාන්ගෙ ඇස් අඩත් බගෙට පියවිලා තිබ්බා. බෝ හිමින් ශාන්ගෙ අත් දෙක එයාගෙ අත් දෙකෙන් අල්ලගත්තා. ඒත් ශාන්ට තේරුමක් නෑ. බෝ හිමින් හිමින් ශානෙගෙ අත් එයාගෙ මූනෙන් පහලට කලා. ඊට පස්සේ එයා ටිකක් පිටි පස්සට වෙලා ශාන්ගෙ මූන දිහා බලන් ඉන්නවා දැන්...

ශාන් හිමින් සැරේ ඇස් ඇරියා. එයා දැක්කා බෝ එයාගෙ මූන දිහා බලන් ඉන්නවා. එත් එක්කම වෙච්ච දේ මතක් වුන ශාන් ඉක්මනට බිම බලාගත්තා. බෝට දවසින් දවස ශාන් ගැන තියන ආදරේ වැඩි උනේ මේ ශාන්ගෙ කෝලම් වැඩ වලට පින් සිද්ද වෙන්න තමා.  ශාන් දැක්ක බෝ එයා දිහා බලන් හිනා වෙනවා. එයා ඉක්මනට එතනින් යන්න හැදුවත් යන්න බැරි වුනේ බෝ ඉස්සෙල්ල අල්ලගත්ත අත් තාමත් අත ඇරල නොතිබ්බ නිසයි. ඒත් ශාන් කොහොමහරි එක අතක් අත ඇරවත්තා. ඊට පස්සේ එයා අනික් අත අත් ඇරවගන්න හිතන් පුලුවන් තරම් හයියෙන් බෝගෙන් ඈතට එක පාර දුවන්න හැදුවේ. බෝට තේරුනා ශාන්ගෙ කපටි වැඩේ. ශාන් දුවන්න හද්දිම බෝ එක පාරට ශාන්ව එයා ගාවට ඇදලා ගත්තා. ශාන් කැරකිලා ඇවිත් නතර උනේ බෝගෙ පපුවට පිට හිටින විදිහට. බෝ ඒ එක්කම ශාන්ව තුරුලු කරගත්තා පිටි පස්සෙන්. ශාන් ගැලවෙන්න දැගලුවත් එයාට කෑගහන්න බෑනේ... වට පිටේ කට්ටියට ඇහෙනවානේ. ශාන් කොච්චර ශක්තිමත් කෙනෙක් උනත් බෝගෙ අත් දෙකෙන් ගැලවෙන්න එයාට බැරි උනා. ශාන් මෙහෙම එයාගෙන් ඈත් හදන එක බෝගෙ හිතට ලොකු දුකක් එකතු කලා. බෝ ශාන්ට ලන් වෙන්න හදපු හැම වෙලාවකම ශාන් කලේ පැනල යන්න හදපු එකයි. වෙලාවකට බෝව රිජෙක්ට් නොකලත් බෝව දැක්ක ගමන් උත්සාහ කලේ බෝ, බෝගෙ ඇස් මග අරින්නනේ.

බෝ තවත් තද කරලා ශාන්ගෙ පිට එයාගෙ පපුවට ලන් කරගත්තෙ බනීව එයාගෙන් කවුරු හරි උදුරන් ගියොත් කියල බයෙන් වගෙයි. ශාන්ගෙ ඇගිලි බෝගෙ ඇගිලි වල තවත් තෙරපුනා මේ පාර. බෝ හිමින් ශාන්ගෙ කන් වලට එයාගෙ තොල් ලං කරලා මෙහෙම කිවුවෙ ඇස් වල කදුලු පුරෝගෙන " ලබන මාසෙ ඉදන් අලුත් ඩ්‍රාමා එකේ shooting වලට ලෑස්ති වෙන්න. හැබැයි එතකොටවත් මේ වගේ දුවන්න තියාගන්න එපා මගෙන් ඈතට.  මට ගොඩක් දුක හිතෙනවා එතකොට " කියලා කිවුවා. අන්තිම ටික කියද්දි බෝගෙ කටහඩ බිදුනා කියල ශාන්ට දැනුනා. "ඔයාගෙ අකමැත්තෙන් ඔයාට ලං වෙන්න ඕන නෑ. ඒත් ඔයා ගාවදි ඔයා ගාවදි විතරක් මට මාව control නැති වෙනවා බනී... ඇත්තටම මට සමාවෙන්න ඒත් ඔයාට පුලුවන්ද මට එකම එක මාසයක් දෙන්න මට ?? ඔයාට එතකොටත් මාව එපා නම් මම ඔයාට කරදර කරන්නෙ නෑ. ඩ්‍රාමා එක පටන් ගන්න තව මාසයක් තියනවනේ plz ඒ මාසෙදි මාව මග අරින්නෙ නැතිව මාත් එක්ක ඉන්නවාද ." බෝගෙ කදුලු ශාන්ගෙ උරහිස් වලට වැටෙද්දී ශාන්ට එයාගෙ මුලු හිතම ලොකූ අදුරකින් වෙලිලා යනවා වගේ දැනුනා. එයාට ඕන උනා බෝව සනසවන්න.

ඒත් එයා බය උනා ඒකෙන් බෝ එයාව තවත් වැරදි විදිහට තේරුම් ගනී කියල. ඒත් ශාන්ට පුලුවන් කමක් තිබ්බෙ නෑ එච්චර අහිංසක විදිහට ඉල්ලපු ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්නත් බෑ.
ඒ පාර බෝ ශාන්ව එයාගෙ පැත්තට හරව ගත්තා. බෝගෙ කදුලු පිරුන ඇස් දැක්කම ශාන්ගෙ අත් එයාටම නොදන්වම බෝගෙ කදුලු පිහ දැම්මා. මොකද බොගෙ කදුලු ශාන්ගෙ මුලු හිතම පුච්චලා දානවා වගෙයි එයාට දැනුනේ.

ශාන්ගෙ ස්පර්ශයත් එක්ක බෝ ශාන්ගෙ ඇස් වලට එබුනේ උත්තරයක් බලාපොරොත්තුවෙන්.

බෝගෙ ඇස් දිහා බලන්ම ශාන් කල්පනා කලා. " ඇයි මම මෙයා ඉස්සරහ මෙච්චර දුර්වල වෙන්නෙ ? ඇයි මම එයාව එයා මාව touch කරද්දී මටත් නොදැනිම මෙච්චර ආස වෙන්නෙ?? ඇයි මම මෙයාව රිජෙක්ට් කරන්නෙ නැත්තේ?? එයාව දැක්කම මට මේ දැනෙන්න මේ අමුතුම හැඟීම මොකක්ද්?? ඇයි එයාගෙ කදුලු ඉස්සරහදි මම මෙච්චර දුකින්? මමත් එයාට කැමතිද?? නෑ.. නෑ... එහෙම වෙන්න බෑ... මම මේක දැන්ම රිජෙක්ට් කරනවද??"  ටිකක් වෙලා මෙහෙම එයා එක්කම තර්ක කර කර හිටිය ශාන් බෝ දිහා බලලා එයාගෙ ඔලුව වැනුවෙ .......

...................................................................................
ළමයි ශාන් කියන්න ඇත්තේ හාද ?? බෑද???😛😛

රූ...❤

Love You More - Completed Where stories live. Discover now