හොටෙල් එකෙන් එලියට දිවුවට ශාන්ට වැඩි වෙලාවක් ඉන්න ලැබුනෙ නෑ වට පිටාවෙ හිටිය කට්ටිය ශාන්ව වට කරගත්තා. ඔය අතරෙ හිටියා මාධ්‍යවේදීන් පිරිසකුත්. දවල් වෙච්ච සිද්ධිය නිසා මුලු ඔක්කොමල්ලා මේ වෙද්දි දැනන් හිටියා. ශාන්නුයි බෝයි දෙන්න එක ඩ්‍රාමා එකක රඟපානවා කියල. බෝ තරම් ජනප්‍රිය නොවුනත් ශානුත් ඒ වෙද්දි ටිකක් විතර ජනප්‍රිය චරිතයක්. ඒක එහෙම වෙන්න ශාන්ගෙ දක්ශකම වගේම එයාගෙ පෙනුමත් ඔක්කොටම වඩා එයාගෙ ගතිගුණත් බලපෑවා.
මිනිස්සු අස්සෙ හිරවුනාට පස්සෙ තමා ශාන් පියවි සිහියට ආවෙ. ශාන් කොච්චර උත්සාහ කලත් එයාට එතනින් බේරෙන්න බැරි උනා. කට්ටියක් ශාන්ගෙ autograph ගන්න බලන් හිටියා ඔක්කොටම වගේ ශාන් එක්ක photo එකක් ගන්න ඕන උනා. මේ ඔක්කොම අතර මාධ්‍යවේදීන් අතර හිටිය කෙනෙක් අහපු ප්‍රශ්නයක් නිසා එක පාරට ඔක්කොම ටික තත්පර ගානකට නැවතුනා. " Mr. ශාන් ඇත්තද ඔයා ඊලගට රගපාන ඩ්‍රාමා එකේ Mr. යීබොත් ඉන්නවා කියන එක. අපිට ආරංචි හැටියට නම් ඔයා නම් මේක අද දවල් තහවුරු කරලා තිබ්බානේ. අපිට ඒ video clip එක හම්බුනා..." ශාන්ට දවල් තරු පෙන්න ගත්තා ඒ කතාවත් එක්ක. මිනිස්සු අතර තෙරපෙන එකවත් එයාට නොතේරෙන තරමට එයා මනෝලෝකයකට ගිහින් හිටියෙ. "දෙවියනේ... මේ මොකක්ද මේ උනේ.. දැන් මට මේක රිජෙක්ට් කරන්නත් බෑ.. මුලු ඔක්කොමල්ල මේක දන්නවා වගේ... ඒත් අර අර මෝඩ යීබෝ එක්ක කොහොමද කොහොමද මම.... මම රඟපාන්නේ...😖😖😖" මේ අතරෙදි එතනට ආපු ශාන්ගෙ ආරක්ශකයින් ශාන්ව පුදුම අමාරුවකින් ගලවගත්තා...
තමගෙ අපාර්ට්මන්ට් එකට ගිය ශාන්ට මැවිල පෙනුනෙ බෝගෙයි එයාගෙයි අතර වෙච්ච දේවල්. "පිස්සුද ශාන් ඇයි බෝ ඔයා ගාවට ලන් වෙද්දි ඔයා එයාව අයින් නොකලේ. ඇයි ඔයා ඇස් පියාගත්තේ.. " ශාන් එයාගෙන්ම අහන ගමනුයි හිටියේ.
මේ අතර බෝ නම් හිටියෙ සතුටින්. එයගෙ අපාර්ට්මන්ට් එකට යන්න බෝ නැගිටපු වෙලාවෙ තමා එයා දැක්කෙ ශාන් මාස්ක් එක දාල ගිහින් කියල. බෝ හොදින්ම දැනන් හිටියා මාස්ක් එක නැතුව ගිය ශාන්ට වෙන්න ඇති දේ ගැන. "කමක් නෑ අද මට නොකියා ගියාට ඔයාට ඔය දඩුවම විදින්න දෙනවා මම" බෝ එයාටම කියා ගත්තා. ශාන්ගෙ මාස්ක් එකත් අරන්ම තමා බෝ එයාගෙ අපාර්ට්මන්ට් එකට ගියෙ. බෝට වගේම ශාන්ටත් එදා රෑ නින්ද ගියෙ නෑ. බෝ වෙච්ච දේ ගැන සතුටින් හිත හිත ඉද්දි ශාන් හිටියෙ වෙච්ච දේ අමතක කරන්න උත්සාහ කරන ගමන්.