"අපි දෙන්නාට කොච්චර කාලයක් මේ විදිහට ඉන්න පුලුවන් වෙයිද බෝ??" ශාන් අහුවත් එයා බෝගෙන් ඒ ප්‍රශ්නයට උත්තරයක් බලාපොරොත්තු උනේ නෑ. බෝගෙ මූණ එයාගෙ පැත්තට හරවගත්ත ශාන්ගෙ ඒ ඇස් දිහා ටිකක් වෙලා බලන් හිටියා. ඊට පස්සේ එයා කියුවෙ "මට පොරොන්දු වෙන්න බෝ කවද හරි දවසක මම නිසා ඔයාට කරදරයක් ඇති වෙන්න ගියොත් මාව අතැරලා යනවා කියල. මම වෙනුවෙන් මැදිහත් වෙන්නෙ නෑ කියල. " ඒ වචනත් එක්ක මෙච්චර වෙලා සතුටින් පිරිලා තිබ්බ බෝගෙ ඇස් ටිකෙන් ටික තරහින් රතු වෙන හැටි දැක්කම ශාන්ට බය හිතුනා. ඒත් ඒක ශාන්ට අත්‍යාවශ්‍ය වෙච්ච පොරොන්දුවක්. ඉතිං එයා කොච්චර බය උනත් බෝට එයාගෙ බය නොපෙන්වන්න එයා උත්සාහ කලා.
තරහින් රතු වෙච්ච බෝගෙ ඇස් ඒ එක්කම කදුලින් බර උනේ ශාන්ගෙ ඇස් වලටත් කදුලු පුරවන ගමන්. ශාන්ගෙ නලලට එයාගෙ නලල හේත්තු කරගත්ත බෝ ශාන්ට කියුවෙ
" මම කවදාවත්ම ඔයාව අතාරින්නෙ නෑ බනී.... මම ඔයාව අතාරිනව කියන්නෙ මගෙ soul එක අතරිනව වගේ දෙයක් වෙයි... ප්ලීස් ආයෙ කවදාවත්ම ඔය කතාව මට කියන්න එපා. අනික මාව දාල යන්නත් එපා. මම කවදාවත් ඔයාට යන්න දෙන්නෙත් නෑ." ඒ විදිහට. ශාන්ගෙ ඇස් වලින් නැවතිල්ලක් නැතිව කඩන් වැටෙන් කදුලු එයාගෙ අත් වලින් පිහල දාපු බෝ එයගෙ කදුලුත් පිහාගත්තා. ඊලගට ආයෙත් ශාන්ගෙ තොල් වලට බර වෙලා ටිකක් තදින් සිපගත්තා. බෝ ශාන්ගෙ තොල් වලින් අයින් උනේ ශාන්ගෙ රතු තොල් වල යටි තොලේ පැත්තක පුංචි love bite එකකුත් ඉතුරු කරලයි. මේ පාර නම් ශාන්ට හොදටම රිදුනා. ශාන්ගෙ වේදනාවෙන් පිරුණු මූන දිහා බලල බෝ කටකොනකින් හිනා වෙලා මෙහෙම කියුවා. "1st time නිසා ඔතනින් නැවතුනේ ආයෙත් වෙන් වෙන කතාවක් කියුවොත්.........." එහෙම කියල බෝ බැලුවේ ශාන්ගෙ පපුව වගේම කකුල් දිහායි. බෝ කියුව දේ තේරුන ගමන් ශාන්ගෙ මූන අයෙමත් තද රතු උනා.දෙන්නත් එක්ක ආයෙ බයික් එකට නැග්ගෙ ගෙදරට යන්නයි. බයික් එකේ යනකන් ශාන් කලේ බෝගෙ පපුව පුරා එයාගෙ අත් ගෙනියන ගමන් බෝගෙ පිට සිපගන්න එකයි. ශාන්ගෙ මේ දඟ වැඩ වලට බෝට ශාන් ගැන තිබ්බ ආදරේ තවත් වැඩි උනා. බෝ ශාන්ව පරිස්සමට ශාන්ගෙ ගෙවල් හරියෙන් බස්සල බලන් හිටියෙ ශාන් අපාර්ට්මන්ට් එකට් යන දිහායි. හැබැයි ශාන් එන්න කලින් බෝගෙන් පොරොන්දු ගොඩක් ගත්තා. බයික් එකේ හයියෙන් යන්න බෑ කියන එකට හැර බෝ අනිත් ඔක්කොටම එකඟ උනා.
1. වෙලාවට කන්න ඕන.
2. කන්න කලින් ශාන්ට කියන්න ඕන.
3. රෑ වෙලා ගමන් බෑ. එකී මෙකී නොකී බොහෝ දේවල් වලට බෝට එකඟ වෙන්න උනා.😂😂😂..................................................................................
රූ...❤️