බෝ යැන්ග්සි දිහා බැලුවෙ පිලිකුල් බැල්මකිනුයි... එයාට හිතුනේම යැන්ග්සිට කන පිපිරෙන්නම පාරක් ගහන්නයි.... බෝව රතු උනේ කේන්තියටමයි... බෝ ආයෙමත් කල්පනා කලේ යැන්ග්සිට විරුද්ධව ආවට ගියාට මුකුත් කරන්න බැරි නිසා ඔක්කොටම කලින් මේ ගැන හරි හමන් සාක්ශියක් හොයාගෙන ඉන්න ඕනෙ කියලයි.... මේ විදිහට කල්පනා කරපු බෝ ආයෙමත් නිකමට වගේ යැන්ග්සි දිහා බැලුවම එයාට කරන්න ඕනෙ දේ ගැන ආයෙමත් සැකයක් ඇති උනා... මොකද යැන්ග්සි මේ වෙද්දිත් හිටියෙ පියවි සිහියෙන් නෙමෙයි. එයා හිටියෙ අවසිහියකින්. යැන්ග්සිට එයාගෙ අම්මා වතුර ටිකක් හරි පොවන්න ගත්තත් එයා ඒකවත් බිව්වෙ නෑ... බෝ ආයෙමත් එයාගෙ මතකයෙම අතරමං උනේ යැන්ග්සි මේකට සම්බන්ධ නම් ඇයි එයා දැන් මේ විදිහට හැසිරෙන්නේ කියල හිතාගන්න බැරුවයි... බෝ ආයෙමත් ශාන් ගාවට එන්න නැගිට්ටා... ඒත් එයාට රූම් එකේ දොර ගාවටවත් එන්න ලැබුනේ නෑ යැන්ග්සි කලන්තෙ දාල වැටුනේ එයාගෙ අම්මටවත් එයාව අල්ලගන්න බැරිව බිමට වැටෙද්දීයි....
............................................................................................
ශාන්ට සිහිය ඇවිදිල්ලා දැන් සතියක කාලයක් ගත් උනා.... මේ සතියම බෝට ශාන් ගාවින්ම රැදෙන්න උවමනා උනත් ශාන් බෝට තහංචි දාලයි තිබුනේ ඒ විදිහට ලඟ ඉන්න එපා කියල. මොකද ඒ වෙද්දිත් ඒ දෙන්නා ගැන පැතිරිලා තිබුන කට කතා හින්දා සමහර කාරණා වලදි ඒ දෙන්නා හුඟක් අපහසුතාවයට ලක් උනා... ඒ වගේම සමහර රසිකයින් පවා ඒ දෙන්නාව දාල ගියා... ඒ ඔක්කොටම වඩා ශාන් කැමති උනේම නෑ බෝට කිසිම කෙනෙක් එයාලගෙ සම්බන්ධය නැතිනම් එයාව සම්බන්ධ කරලා අපහස කරනවා බලන්න. එයාට නම් ඕනම දෙයක් දරාගන්න පුලුවන් ඒත් බෝට කියන හැම ඒ විදිහෙ වචනයක් ගානෙම ශාන් හිත තමා වැඩිපුරම රිදුනෙ. ශාන් එයාගෙ ලඟින් රැදෙනවා නම් බෝට නම් කවුරු මොනව කියුවත් ගානක් තිබුනේ නෑ... එයාට රිදුනේ ශාන් එයාගෙන් ඈත් වෙද්දි විතරමයි...
ඒත් ඉතිං ශාන් අන්තිමට බෝට තර්ජනය කලේ කියන දේ අහන්නේ නැතුව ආවොතින් එයා හොයාගන්න බැරි විදිහට වෙන hospital එකක admit වෙනවා ආයෙ හොඳ වෙනකන්ම callවත් කරන්නේත් නෑ කියලයි... අන්තිමට බෝ ශාන්ගෙ ඉල්ලීමට කැමති උනේ හැමදාම රෑට වීඩියෝ කෝල් එකක් ගන්න ශාන් කැමති උනාට පස්සෙයි...