බෝ ඒ වෙලේම නැගිට්ටෙ යැන්ග්සිව හම්බ වෙන්න යන්න. ඇස් වගේම මූණත් තරහින් රතු කරන් ඉන්න බෝව දැක්කම ශාන්ටත් බය හිතුනා. ශාන්ට තේරුනා දැන් බෝ යැන්ග්සිව හම්බෙන්න ගියොත් ලොකූ කරදරයක් දාගන්න විත්තිය. ශාන් බෝව නතර කරන්න උත්සාහ කලේ හොදටම බය වෙලා දැන් බෝ ගියොත් මොනව වෙයිද කියලයි එයාටම හිතාගන්න බැරි උනා....
"බෝ ප්ලීස් ...... ප්ලීස් බෝ... අනේ...... දැන් යන්න එපා..... " ශාන් අඬන්න ගත්තෙ බෝගෙ බෙල්ල බදාගෙන. බෝ ශාන්ව අයින් කරන්න උත්සාහ කරන තරමටම ශාන් බෝගෙ ඇඟේ එල්ලුනා. "ප්ලීස් බෝ මම කියන දේ චුට්ටකට අහන්න.... " බෝ නම් හිටියෙ ශාන් කියන දේවල් ඇහෙන මානසිකත්වයකින් නම් නෙමෙයි. එයා කේන්තියෙන් වියරු වැටිලයි හිටියෙ... අන්තිමට ශාන් එයාගෙ අන්තිම උත්සාහය විදිහට බෝගෙ තොල් වලට බර උනා. ශාන් තොල වල පහසින් බෝගෙ කේන්තිය ටික ටික සමනය වෙන්න ගත්තත් ඒ කේන්තිය සම්පූර්ණයෙන්ම පහ උනේ නැති වග ශාන්ට තේරුනේ බෝ එයාව සිපගන්න ඉඩ දුන්නට ශාන්ට පෙරලා සිප ගැනීමක් ශාන්ට නොලැබුන නිසයි. එක දිගට විනාඩි 15ක් විතර බෝගෙ තොල්වලම රැදුන ශාන් ඒ දෙතොලින් මිඳුනේ බෝ ටිකක් සන්සුන් කියල එයාට තේරුනාමයි.
ඊට පස්සේ බෝගෙ අතින් අල්ලන් ගිහින් සෝෆා එකේ වාඩිකරවපු ශාන් බෝගෙ ඉස්සරහින් දණගහගත්තේ බෝගෙ ඇස් දිහා බලාගෙමයි. ඒත් බෝ ඒ බැල්ම මඟහැරලා වෙන දිහාවක් බලාගත්තෙ යැන්ග්සිව හම්බෙන්න යන්න නොදුන්න එකට ශාන් එක්ක අමනාපයෙන්....
"බෝ.... බෝ.... යීබෝ..... අනේ බෝබෝ බලන්නකො මගෙ දිහා...." ශාන් කතා කරන්නෙ බෝ අහක බලන් හිටිය නිසයි. අන්තිමට බෝ ශාන් දිහා බැලුවෙ මෙහෙම කියන ගමන්මයි. "ඇයි දැන් ඔයා මාව නැවැත්වුවේ...??? හොද reason එකක් දෙන්න මට නැත්නම් ඇත්තටම මට ආයෙ තරහ යයි....."
බෝ එහෙම කියුවම ශාන් මූණට ආපු ඒ හිනාව ශාන් නතර කරගන්න උත්සාහ කලේ නෑ.... "එච්චටම ආදරෙයිද මට...." ශාන් එහෙම අහලා බෝගෙ එහා පැත්තෙන් වාඩි වෙලා එයාගෙ ඔලුව බෝගෙ උරහිස මත රදවගත්තෙ ලොකූ කතාවකට මුල පුරමින්.... "බෝ ඔයා දන්නවානෙ අපිට ගොඩාක් අයගෙන් හම්බෙන්නෙ ආශිර්වාදයක් නෙමෙයි කියල. අපි ගැන මිනිස්සු දැනගත්තොත් මිනිස්සු අනිවාර්යයෙන්ම කියයි මම ඔයාගෙ ඇඟේ එල්ලිලා ප්රසිද්ධ වෙන්න උත්සාහ කරනවා කියල. එතනින් පස්සේ මගේ මුලු ජීවිතේටම ජීවත් වෙන්න වෙන්නේ ඒ කතාවත් එක්කයි....."
ශාන් එයාව සම්බන්ධ කරලා කතා කලේ බෝට වෙන දේවල් කියුවට බෝ ඒ කිසි දෙයක් ගානකට ගන්නෙ නෑ කියල දන්න නිසයි.