මොකද එයාලට නිදහසේ එළියට යන්න පුලුවන් කමක් නෑනෙ. අනිත් අයගෙ අවධානය එයාලට එන්නෙ නැති විදිහට පාඩුවෙ එයාලට යන්න එන්න විදිහක් තිබ්බෙ නෑනෙ. අනික බෝ කියල කියන්නෙ කවුරු එක්කවත් ලේසියෙන් යාළුකම හදාගන්න කෙනෙක් නෙමෙයිනේ... ඉතිං එක පාරට ශාන් එක්ක එහෙ මෙහෙ ගියොත් ප්රශ්නයක් වෙන්න පුලුවන් කියල ඒ දෙන්නා හිතුවා.
මහලොකුවට බෝට හම්බෙන්න ඕන කියුවට ශාන්ට දැන් නම් හිතට දැනෙන්න නොසන්සුන්කමක්. මේ දවස් වල ශාන්ට එච්චර ලොකු වැඩක් තිබ්බෙ නෑ. ඩ්රාමා එකේ shooting ඉවර උනා විතරයි වගේම අනිත් ඩ්රාමා එකට තව කල් තිබ්බනෙ. මේ දවස් වල කලින් ඩ්රාමා එකේ production වැඩ වලට සහභාගි වෙන ගමන් තමා හිටියෙ එයා.
බෝත් මේ ටිකේ ටිකක් නිදහසේ හිටියේ. බෝ පහුවදා උදේ ඉදන්ම ශාන්ට call msg කලේ රෑට යන ගමන ගැන මතක් කරන ගමන් ඇඳන් එන ඇදුම මොකක්ද?? ෆිල්ම් එක බලද්දී කන්නෙ මොනාද??? බෝට ප්රශ්න ගොඩායි...😂😂 බෝගෙ මේ හැම ප්රශ්නයක් ගානෙම ශාන්ගෙ හදවත ගැහෙන වේගය දෙගුණයක් උනා.☺️☺️
කොහොමින් කොහොම හරි රෑ උනේ යන්න වෙලාවත් හරි යද්දි. බෝ ආවෙ එයාගෙ බයික් එකේ. එයා එද්දි ෆිල්ම් එක පටන් ගන්න තව විනාඩි 25ක් විතරම තිබ්බා. එයා හිටියෙ කලු මාස්ක් එක දාලා වගේම කලු හූඩි ටී ශර්ට් එකක් ඇදලා. ගොඩක් රෑ වෙලා තිබ්බ නිසා වැඩිය සෙනග හිටියෙත් නෑ. බෝ snack shop එකකට ඇවිත් ශාන් කන්න කැමති කියුව සේරම දේවල් ගත්තෙ ඇත්තටම මෙච්චර එක මනුස්සයෙක්ට කන්න පුලුවන්ද කියලවත් හිතන්නෙ නැතුවයි. ෆිල්ම් එක පටන් ගන්න විනාඩි 5ක් විතර තියෙද්දි ශාන් ආවෙ කලු මාස්ක් එකක් එක්ක සුදුපාට හූඩි ටී ශර්ට් එකක් ඇදලායි. ශාන් එද්දි බෝ හිටියෙ පුදුම අමාරුවකින්, ශාන් එන්නෙ නැති වෙයිද කියල බයකිනුයි එයා හිටියේ. ශාන්ව දැක්කම බෝගෙ මූනේ හරිම ලස්සන හිනාවක් ඇදුනා. එයාගෙ ඇස් දෙකෙනුත් ඒ සතුට හොදටම පෙනුනා. දෙන්නත් එක්කම ෆිල්ම් හෝල් එකට ගිහින් පිටි පස්සෙන් ඉද ගත්තා. මුලු හෝල් එකටම හිටියෙත් couples 4ක් විතරයි. 😋😋
බෝ බලන්න තෝරගන තිබ්බෙ romantic ෆිල්ම් එකක්. ශාන් ඊයෙ කියුවෙ horror movie එකක් බලන්න යමුයි කියලයි. (බෝ කොච්චර බයද කියල ඔයාල දන්නව ඇතිනෙ horror movies වලට )ෆිල්ම් එක දැක්ක ගමන් ශාන් බෝ දිහා බැලුවෙ ඇසුත් ලොකු කරන්, ඊටත් එහා බෝ කන්න අරන් ඇවිත් තිබ්බ ජාති ගොඩ........
බෝ සූටි බබෙක් වගේ ශාන් දිහා බලලා හිනා වෙලා snack එකකුත් කඩන් හොදට හරි බරි ගැහිලා වාඩි උනේ ෆිල්ම් එක බලන්න හිතාගෙනයි. හැබැයි බෝට වැඩි වෙලාවක් එහෙම ඉන්න බැරි උනේ එයා තෝරගෙන තිබ්බ ෆිල්ම් එකේ ලස්සන නිසයි. බෝට කෙල ගිලින්නත් අමතක වෙච්ච ගානයි. එයා හිමින් සැරේ ශාන් දිහා බැලුවෙ ශාන්ව තවත් එහා පැත්තෙ වාඩි කරවන් ෆිල්ම් එක නිකන්ම බලන්න බැරි බව හොදින්ම තේරුන නිසයි. ශාන් ඉන්නෙ ඊටත් වඩා අමාරුවෙන් කියල බෝට හිතුනේ කලුවරේ උනත් ලාවට පෙනෙන ලැජ්ජාව පිරිච්ච ශාන්ගෙ ඇස් දෙක දැක්කමයි. බෝ හිමින් සැරේ ශාන්ගෙ අතින් අල්ලගත්තෙ තවත් නම් ඒ හැඟීම් එයාට දරාගන්න බැරි වෙද්දීයි................................................................................................
අද නම් දිගා කොටසක් දුන්නා ළමයි ඔන්න........😁😁
බනින්න එපා ඉතිං චුට්ටයි නම්.....රූ...❤️