Entrance එක ගාව ඉදන් බලන් ඉද්දි යැන්ග්සි දැක්කේ මූණ රතු කරන් න බෝවයි. ඊට පස්සෙන් එන ශාන්වයි. "අපරාදෙ මටත් van එකේ එන්න තිබ්බේ. දෙන්නා තරහා වෙලා වගේ..." යැන්ග්සිග්ර් සිතුවිලි වලට එයාගෙම අස් සතුටින් දිලිසුනා.....
"පව්ව්ව්ව්......බෝට මාස එකහමාරෙන්ම එපා වෙලා වගේ....තමන්ගෙ තරමට ඉන්න දැනගන්න ඕනනෙ ඉතිං" යැන්ග්සිගේ ඒ කතාවට යැන්ග්සි ගාවින් ආපු ශාන්ගෙ ඇස් වල කදුලු පිරුනා. එයා ඇස් උස්සලා බැලුවෙ ඉස්සර වෙලා පුපුර පුපුර යන බෝ දිහා. ශාන්ට යැන්ග්සි නෙමෙයි කවුරු මොන දේ කියුවත් ශාන් ඒ කාටවත් නපුරු වෙන කෙනෙක් නෙමෙයි කියල දැනන් හිටිය බෝ හැම වෙලාවකදි ශාන්ගෙ පිටිපස්සෙන් හිටිය ලොකුම ශක්තියක් මේ චූටි කාලෙ තුලදි. ඒත් අද බෝ එයාගෙ බනී එක්ක තරහ අරන් දාල ගිහින් මඟ....
"මම හිතල කරපු වැරද්දකුත් නෙමෙයි ....ඇත්තටම එයාට මාව එපා වෙලාද....??" ඇස් වල කදුලු පුරෝගන බිම බලාගෙනම ශාන් හිත හිත එයාගෙ රූම් එකට ගියා.
ශාන්ව දාල ගියත් ආයෙ බෝ හිමීට හැරිලා බැලුවෙ එනවද කියලයි. මොකද එයා දැක්කනෙ ඉස්සරහ හිටිය යැන්ග්සිව. එතකොට එයා දැක්කෙ බිම බලන් එන ශාන්ව. "අදත් මොනාහරි කියන්න ඇති.." බෝට ශාන් ගැන දුක හිතුනත් එහෙම්ම හිටියෙ ශාන්ට දෙන දඩුවමක් විදිහට.
ශාන් රූම් එකට ආපු ගමන් අඬ අඬම call එකක් ගත්තෙ බෝට. යැන්ග්සිගෙ වචන ශාන්ව හුගක් ගැඹුරින් තුවාල කරලා තිබ්බා.... බෝට දැන් නම් ශාන් එක්ක තරහක් නොතිබ්බත් පොඩ්ඩක් අවුස්සන්න හිතාගෙනයි බෝ ඒ call එක answer නොකලේ.... බෝ ඉක්මනට wash එකක් දාගන්න ගියේ ඊට පස්සෙම ශාන්ගෙ රූම් එකට යන්න හිතාගෙනයි. එයා නිකමටවත් හිතුවෙ නෑ මේ වෙද්දි ශාන් ඉකිගහ ඉකිගහ අඬනවා කියල. බෝ call එක answer නොකරපු එකට ශාන්ට තවත් දුක හිතුනා.... එයා රූම් එකේ ඇඳ ගාව බිමින් වාඩිවෙලා හොදටම අඩන්න ගත්තා.
බෝ wash දාලා ඇවිත් බලද්දී miss calls 28ක් තිබ්බා එක්ක Msgs 37කුත් තිබ්බෙ ශාන්ගෙ නමින්. බෝට ඉන්න තැනත් අමතක උනේ ශාන්ට කරදරයක් කියල හිතුන නිසයි. අතට අහු උන ඇදුමකුත් ඇදගත්ත බෝ ඉක්මනින් ගියෙ ශාන්ගෙ රූම් එක හොයාගෙන. එයා ශාන්ගෙ රූම් එකේ දොරට තට්ටු කරන්න ගත්තා. තට්ටු කලා කියුවට ඒකට හරියන්නෙ නම් ගැහුවා කියලා කියුවොත් තමා. ශාන්ගෙන් ප්රතිචාරයක් නැති තැන බෝ ශාන්ගෙ නම කියල කතා කරන්න ගත්තෙ බයෙන් ගැහෙන කටහඬකින්....