වර්තමානය....
ශාන් එයගෙ අපාර්ට්මන්ට් එකට ඇවිත් දැන් ටිකක් වෙලා. වෙනදානම් ආපු ගමන් wash දාලා fresh වෙලා ඉන්න ශාන් අද ඉන්නෙ එයා ඉන්නෙ කොහෙද කියලවත් තේරුමක් නැති ගානට. බෝ ගැන හිතලම බෝව අතාරින්න හිතුවත් ශාන්ට දැන් නොතේරෙන්නේ එයාට තව කොච්චර කාලයක් මේ දේ බෝ ඉස්සරහ කරන්න පුලුවන් වෙයිද කියලයි. ජීවිතේට මොන ප්රශ්නෙ ආවත් ඒවා ඔක්කොටම හිනා වෙලා මූණ දෙන කෙනෙක් තමා ශාන්. ඒත් මේ ප්රශ්නයට හිනා වෙලා මූණ දෙන්න තියා අඬ අඬවත් මූණ දෙන්න පුලුවන් වෙයිද කියල එයාට සැකයි. ශාන්ටවත් නොදැනම අයෙත් එයගෙ ඇස් වල පිරිච්ච කදුලු කම්මුල් දිගේ ඇදුනෙ බෝ ගැන එයාගෙ හිතේ තියන හැඟීම කොයි තරම් ගැඹුරුද කියල එයටම තේරුම් කරන්න වගෙයි.
එක පාරටම එයගෙ පපුවට සීතලට වැටිච්ච කදුලු බිංදුවක් නිසා ශාන් අයෙ එයගෙ හරි සිහියට ආවා. එතකොට තමා එයාට තේරුනේ එයා ආයෙත් අඬනවා කියල. වෙනද හැමදාම රෑට එයගෙ අපාර්ට්මන්ට් එකට ගිය ගමන් බෝ ශාන්ට දාන msg එක දාලද බලන්නයි ශාන් එයගෙ phone එක බැලුවෙ. ඒත් අද බෝගෙන් එක msg එකක්වත් තම ඇවිත් නෑ.''මම ඔයාට මගෙන් ඈත් වෙන්න කියල කිව්වා තමා බෝ. ඒත් මම කොහොමද ඔයා නැතුව ඉන්නෙ කියල මට තෙරෙන්නෙ නෑ. ඔයාටත් මේ තරමටම දුක දැනෙනවද බෝ. අනේ මම මේ විදින තරම් දුකක් ඔයාට දැනෙනෙ නැත්තම්...''
ශාන් එහෙම හිත හිත බලන් හිටියෙ බෝට හොරෙන් දවසක් බෝ නිදාගෙන ඉද්දි එයා ගත්ත බෝගෙ photo එක දිහා.
එදා බෝගෙ තුරුලට වෙලා එයා බෝගෙ මූණ දිහා බලන් හිටිය හැටි. බෝගෙ දග වැඩ නිසා දවස් දෙකක්ම අත් දිග ටී ශර්ට්ස්ම ශාන්ට අදින්න වෙච්ච හින්ද බෝ එයාට හිනා වෙවී විහිලු කරපු හැටි. බෝ හිනා වෙනකොට ඒ මූනෙ ලස්සන ශාන් ආයෙමත් අඬන්න ගත්තෙ බෝගෙ photo එක ඩිලීට් කරන්න හැදුවත් ඒකවත් එයාට කරන්න බැරි නිසයි.
''ඔයාගෙ photo එකවත් ඩිලීට් කරන්න බැරුව කොහොමද බෝ මම ඔයාව මගෙ හිතින් මකලා දාන්නෙ.....'' ශාන් හිතින් කොච්චර විදවනවද කියල එයගෙ ඉදිමිලා රතුවෙලා තිබ්බ ඇස් දකින ඕන කෙනෙකුට තෙරුම් ගන්න පුලුවන්. හැබැයි ඒ හිතේ තියන දුක පිටට පේන පෙනුමටත් වඩා 10 ගුණයකින්වත් වැඩී.ශාන් බෝට කිවුවා එයා බෝව පාවිච්චි කලා කියල ඒත් කවමදාකවත් එහෙම දෙයක් උනේ නෑ. බෝ එයාට හොරෙන් උදව් කරනවා කියල ශාන් දැනගන්නෙ talent show එකෙන් පස්සෙ මාස 6ක කාලයකුත් පහු උනාට පස්සෙයි. ඒ දැන ගන්නෙත් ශාන්ගෙ අලුත් ඩ්රාමා එකේ ඩිරෙක්ටට බෝ ශාන් ගැන අහන්න කෝල් කරපු වෙලාවක ශාන්ට වැරදීමකින් ඒ කෝල් එක ඇහුන නිසයි.
''ඔව් ඔව් යීබෝ. ශාන් ඇත්තටම ගොඩක් හොදට වැඩ ටික කරන් යනවා..... ඇත්තටම යීබෝ ඔයාට ගොඩක් thank you ශාන්ව මේකට මට රෙක්මන් කලාට... මම හිතා ගන්න බැරුව හිටියේ මේකට ගන්නෙ කාවද කියල... හරි හරි යීබෝ, ශාන්ට දැන ගන්න තියන්නෙ නෑ ඔයා ගැන. මම ඔයාගෙ ෆැමිලි ෆ්රෙන්ඩ් කෙනෙක්නේ පුතා. මම කොහොමටවත් මේක ශාන්ට දැනගන්න නොදී ඉන්නම්.''මේ ටික ඇහුනම ශාන්ට හිතාගන්න බැරි උනා මොකක්ද මේ උනේ කියල. ශාන් එදා ශූටින් ඉවර වෙනකන් හිටියෙ කොහොමද යීබෝව කන්ටැක් කරගන්නෙ කියල කලපනා කර කරමයි. ශාන් එයා මේ ගැන දන්න විත්ත්තියක් ඩිරෙක්ටට දැනෙන්න දුන්නෙ නැත්තෙ ඩිරෙක්ට බෝට කලින් කියුවොත් බෝට බොරුවක් කියන්න ලැස්ති වෙන්න කල් දෙන්න ඕන නැති නිසයි. මේ සිහියෙන් හිටිය ශාන්ට වෙනදට වඩා වැරදුනත් එක්ක.
ශාන්ට හිතාගන්න බැරි වුණේ බෝ එයා ගැන හොයන්නෙ ඇයි කියලයි. ඊටත් වඩා එයාව ඩිරෙක්ට කෙනෙකුට රෙක්මන් කරන්න තරම් ඒ දෙන්න අතර කිසිම සම්බන්ධකමක් නෑනෙ...ඒවා මේව කල්පනා කරන්න ගිහින් ශාන් එදා වෙනදට වඩා වැරදිත් කරලා බෝගෙ සිහියෙන් රඟපාන්න ගිහින් වෙච්ච හොදම වැඩේ තමා නිලියට ශාන්ට බෝ කියල කිය වෙච්ච එක. නිලිය ශාන් දිහා අමුතුවට බලන් ඉද්දි තමා ශාන්ට මතක් උනේ එයා කියුව ඩයලොග් එකේ නිලියගෙ නම වෙනුවට එයා කියුවේ යීබෝ කියලයි කියල.
...................................................................................
" බෝව හම්බෙන්න ශාන් යන්න හදන්නෙ ළමයි ආයෙ. මොනා වෙයිද??
රූ...❤️