Chapter 8

711 139 12
                                    

ශාන්ගෙ උඩුහිතට බෝගෙ ඇස් මග අරින්න ඕන වුනත් එයාගෙ යටිහිත කියුවෙ වෙන කතාවත්. ශාන් එයා එක්කම තර්ක කර කර බෝගෙ ඇස් දිහාම බලන් හිටියෙ ශාන්ගෙ යටිහිතේ බෝගෙ ගැන අමුතුම හැඟීමක් ලියලනකොටයි.
බෝ හිමීට එයාගෙ දිග ඇඟිලි ශාන්ගෙ උපන් ලපය උඩින් තිබ්බෙ මල් පෙත්තක් අල්ලනනව වගෙ පරිස්සමට. ශාන් කලබල වෙලා හිටියත් බෝගෙන් ඈත් වෙන්න උවමනවක් එයාට තිබ්බෙත් නෑ. බෝගෙ අනිත් අතේ ඇඟිලි ශාන්ගෙ ලා රතු දිග තොල් මත එහෙ මෙහෙ ගියෙ ඒ දෙන්නම වෙනම ලෝකෙක තනි වෙද්දි. මේ වෙද්දි ශාන්ගෙ ඇස් බාගෙට පිය වෙලා තිබ්බෙ බෝගෙ ඇගිලි වල පහස එයා ආසාවෙන් විඳිනවා කියල බෝට අඟවන්න වගෙයි. ඒ ඇස් දෙක දැකපු බෝ ශාන්ගෙ තොල් දෙක ටිකක් තදින් ඇඟිලි වලින් තද කලා. එතකොට ශාන්ගෙ මුවින් පිට වෙච්ච හීනි කෙදිරිය නිසා බෝගෙ සීමා මායිම් සේරම බිදුනා.

බෝ හිමින් ශාන්ගෙ තොල් ලගට එයාගෙ තොල් අරන් යද්දිම ශාන්ගෙ phone එක ring උනේ දෙන්නවම මේ ලෝකෙට ගේන ගමන්. ඉක්මනින් ශාන් ගාවින් නැගිටින්න ගිය බෝගෙ පිට පිටිපස්සෙ තිබ්බ stool එකේ වැදුනා. (ඒකනම් රිදුන සාන්ත සුපිරියටම) බෝ හිතින් call එක ගත්ත කෙනාටත් බනින ගමන් stool එකටත් බනින ගත්තෙ වෙච්ච දේ එක්ක දැනුන ලැජ්ජාව වගේම ඒ වේදනව දරා ගන්න බැරුව හරිම අමාරුවෙන් පිට අතගාගන්න ගමනුයි.
ශාන් ඒ සද්දෙට එක පාරට ඇස් ඇරියත් එයා නම් තාම ඉන්නෙ මේ ලෝකෙ නෙමෙයි. අඩුගානෙ රින්ග් වෙන්නෙ තමන්ගෙ phone එක නේද කියලවත් ශාන්ට තේරුමක් නෑ. එයා නිකන් ඉන්නෙ අහසෙ පා වෙනවා වගේ feeling එකක. දෙවෙනි පාරටත් phone එක රින්ග් වෙද්දි යාන්තමට වගේ ශාන්ට පුලුවන් උනා මහපොළොවට පය තියාගන්න.

"Hello ඩිරෙක්ට, ඔ.. ඔව් සර් ආවා ආව සර්...නෑ සර් මට හම්බුනා Mr. යීබෝව. නෑ සර් අමාරු උනේ නෑ හොයාගන්න.. ගොඩක් thank you සර් මෙ meeting එක ලෑස්ති කරල දුන්නට. හරි සර් හරි. තියන්නම්"
බෝට තේරුනා ඒ ඩිරෙක්ට ශාන් ආවද අහන්නයි ගත්තෙ කියල. ඒත් බෝට ඩිරෙක්ට එක්ක පුදුම කෙන්තියක් ආවෙ. එයා මොකටද ශාන් ගැන එච්චර හොයන්නේ. බෝ නම් කේන්තියෙන් පුපුරනවා.

මේ ආපු කෝල් එකට පින් සිද්ද වෙන්න ශාන්ට ආයෙ මතක් උනා ඇයි එයා යීබෝව හම්බෙන්න ආවෙ කියල. ඒත් දැන් වෙච්ච දේවල් එක්ක මූණක් බලන්න පුලුවන්ද දෙන්නට දෙන්නගෙ. එහෙමයි කියල මේ ප්‍රශ්නෙ අහන්නෙ නැතුවත් බෑ. අන්තිමට ශාන් කලේ අහක බලගෙනම බෝගෙන් ප්‍රශ්නෙ අහපු එක.
" ඇත්තටම Mr. යීබෝ ඔයා දැනටමත් දන්නවානෙ මම ඇයි මෙතනට ආවෙ ඔයාව හම්බෙන්න කියල. ඇත්තටම ඇයි ඔයා මට උදව් කලේ මම මේ මුකුත් දැනන් හිටියෙත් නෑ.අනික .. අනික මම හිතන් හිටියෙ මගෙ දක්ශකම හින්දයි මට මේ දේවල් ලැබෙන්නේ කියල ඒත් දැන් හිතද්දි මට මගෙ ගැනම ලැජ්ජයි.."
බෝ දැනන් හිටියෙ ශාන් කියන්නෙ පුදුම අහිංසක කෙනෙක් කියල. මේ මෙතන දැන් කොච්චි කරලක් වගේ පුපුරන ශාන් දිහා බෝ බැලුවේ පුදුම වෙලා. (හැබැයි ශාන් ඉන්නෙ අහක බලන්🙄)
බෝට තේරුනා ශාන් අහක බලන් ඉන්නෙ බෝගෙ මූණ බලන්න බැරි නිසා කියල.
බෝගෙ මූණෙ ලස්සන හීන් හිනාවක් ඇඳුනෙ ශාන්ගෙ රතු වෙච්ච කන් දෙක දැකලයි. බෝගෙ හිත ආයෙ නොසන්සුන් උනත් එයා එයාවම පාලනය කරගත්තෙ ශාන් ඉන්නෙ බය වෙලා කියල තේරුන නිසයි.
බෝ සෝෆා එකෙන් වාඩිවෙලා ශාන්ගෙ ප්‍රශ්න වලට උත්තර දෙන්න පටන් ගත්තා.
" බනී ඔයා ඇත්තටම හිතනවද ඔයා දක්ශ නැත්නම් ඔයාට මෙච්චර දුරක් මෙච්චර ටික කාලෙකින් එන්න ලැබෙයි කියල. මම කලේ ඔයාට පොඩි අවස්තා ටිකක් හොයල දුන්න එක විතරයි." බෝ එහෙම කියල තාමත් අහක බලන් ඉන්න ශාන් දිහා බලල හිනා වුනා.
"බනී ඔයා මුලු වෙලාවෙම හිටන් ඉන්නද කල්පනාව?? වාඩි වෙන්න ඇවිත්."
බෝ එහෙම කියුවම ශාන් හිමීට මුමුණන මුමුණන බනින්න ගත්තා " හිටන් ඉන්නෙ ආසාවට නෙමෙයි නේ. මටත් මහන්සි තමා. ඒත් එක පාරක් වාඩි වෙලා වෙච්ච දේ මදැයි."
බෝට තේරුනා ශාන් එයාට බනිනව කියල. එයා නැගිටල ගිහින් ශාන්ගෙ කනට එයාගෙ තොල් ගෑවෙන් නොගෑවෙන තරමට ලන් කරල "බය වෙන්න එපා අයෙ අදට මුකුත් කරන්නෙ නෑ"  බෝගෙ හුස්ම ශාන්ගෙ බෙල්ල පිටිපස්සට වගේම කනට වැදුනා. ඒ දැනුන ලා ස්පර්ශය නිසා ශාන්ගෙ කන් තව තවත් රතු උනේ එයාගෙ මූණත් ඒ එක්කම රතු වෙද්දි.
බෝව පෙරලගෙන වගේ ශාන් ඉක්මනට අයෙත් ඇවිත් සෝෆා එකෙන් වාඩි වුනා.
"ර්ර්ර්ර් මෝඩයා.." ශාන්ගෙ මූණට අබ දැම්මත් පුපුරන්න ලන් උන තාච්චියක් වගෙයි.😖😖

බෝත් ඇවිත් අයෙත් හිමීට වාඩිවුනා ශාන්ගෙ එහා පැත්තෙන්. ඊටපස්සෙ ශාන් අයෙත් බෝගෙන් ඇහුව ප්‍රශ්නයට බෝට කට කොනකට හිනවක් ආවා.
ශාන් බෝගෙන් ඇහුවෙ ඇයි එයාට විතරක් විශේෂ විදිහකට සලකන්නෙ කියල. එයා හීනෙකින්වත් හිතුවෙ නෑ බෝ එයාට ඒ වගේ උත්තරයක් දෙයි කියල.
"ඇත්තටම බනී... " බෝ උත්තරේ දෙන්න කලින්  ශාන් බෝගෙ ඇගට කඩන් පැන්නෙ රවා ගෙනමයි. " බනී කියන්න එපා මට තේරුනාද???" මේ පාර නම් බෝට හයියෙන්ම හිනා ගියා රතු වෙච්ච මූණ හතරැස් කරන් එයාගෙ මූණ දිහා බලන් ඉන්න බනීව දැක්කම.😡😡
බෝ හිනා වෙද්දි චූටි වෙන එයාගෙ තරු ඇස් දැක්කම ශාන්ගෙ මූනෙ තිබ්බ කේන්ති පෙනුම නැතිවෙලා ගියෙ හරියට පෙට්‍රල් ටිකකට ගිනි තිබ්බම ඇවිලෙන තරම් ඉක්මනට.
බෝගෙ මූන දිහා ශාන් බලන් ඉන්නෙ වශී වෙලා වගේ කියල බෝ දැක්කම එයාගෙ හිනාව නතර උනා. ඒ එක්කම ශාන් ආයෙත් ලැජ්ජවෙන් බිම බලා ගත්තා. මොකද බෝ දැක්කනෙ එයා බෝව ගිලින්නවගේ බලන් ඉන්නවා.😜  බෝගෙන් ආයෙමත් ශාන් ඇහුවා "ඇයි ඒ.. ඇයි ඒ මට ඔයා විශේෂයෙන් සලකන්නෙ?"
බෝ ශාන්ගෙ මූණ එයාගෙ පැත්තට හරව ගත්තා. ඊට පස්සේ අත් දෙකෙන්ම ශාන්ගෙ මූණ දෙපැත්තෙන් අල්ලගෙන හේතුව කියුවා...
"ඇත්තටම ඔයා ඔය ප්‍රශ්නෙ මගෙන් කෝල් කරල ඇහුවනම් අද මට කියන්න දෙයක් නැති වෙනවා. මොකද මමවත් ඒකට හරි උත්තරයක් දැනන් හිටියෙනැති නිසා. ඒත් අද මේ දැන් ටිකකට කලින් වෙච්ච දේ එක්ක ඔයාට හිතාගන්න බැරිද ඔයාව මට විශේෂ වෙන්න හේතුව??" ශාන්ගෙ ඇස් අස්සට එබෙන ගමන් බෝ අහද්දි ශාන්ගෙ ඇස් ගැස්සෙන හැටි බෝ හොදටම දැක්කා. බෝගෙ අත් දෙක අයින් කලේ කලබලෙන්. ඊට පස්සේ ශාන් එයාගෙ හැඟීම් වචන කරන්න ගත්තෙ ඒ කලබයත් එක්කමයි. "ඒත් මම ...මම පිරිමි කෙනෙක්.... ඔ.. ඔයා ඇයි??..." බෝගෙ දිහා කලබලෙන් බැලුව ශාන් එතනින් නැගිටල දුවලා එලියට ගියා. එයා හොටෙල් එකෙන් එලියට යනකන්ම දුවගෙනයි ගියේ. එයා කොච්චර කලබල වෙලාද හිටියෙ කියුවොතින් මාස්ක් එකවත් නැතුවයි එයා එලියට ඇවිත් තිබ්බේ.
...................................................................................

රූ❤

Love You More - Completed Where stories live. Discover now