Chapter 40

391 83 7
                                    

News එක තිබ්බේ "ප්‍රකට Wang Groupහි හිමිකරු අත් අඩංගුවට" කියලයි. ශාන්ට කරන්න ඕන දෙයක් හිතාගන්න බැරි උනා.... "මම මම දැන් මොකද කරන්නේ.... බෝට කතා කරන්නත් විදිහකුත් නෑ... අනික කතා කරන එක කරදරයක් වෙයි දැන් ගත්තොත්.... එයා කොහෙ කාත් එක්ක ඉන්නවාද දන්නේ නෑනෙ..... මම .... මම.... දැන් මොකද කරන්නේ...." ශාන්ට දැනුනේ පුදුම අසරණකමක්. ජීවිතේ පළවෙනි වතාවට එයා එයාගෙ මේ ජීවිතය ගැන කලකිරුනා. ශාන්ගෙ ඇස් වල කදුලු පිරිලා තිබ්බේ කරන්න ඕන දෙයක් හිතාගන්න බැරි කමිනුයි. ඒ අතරෙයි එයාට යැන්ග්සිව මතකෙට ආවේ. ශාන්ගෙ මලානික වෙලා තිබ්බ ඇස් වල බලාපොරොත්තුවකින් එළිය උනා. එයා විශ්වාස කලා යැන්ග්සි එයාට උදව් කරයි කියල.
බෝගෙ තාත්තා වෙච්ච දේ නිසා ඩිරෙක්ට ශූටින් එකත් නතර කලේ බෝ නැතුව ශූටින් කරන එකේ වැඩක් නැති නිසයි. ශාන්ට උනත් හරියට මේකට සම්බන්ධ වෙන්න බැරි බව ඩිරෙක්ට දැනන් හිටියා. ඒ ඔක්කොටම වඩා බෝගෙ තාත්තා කියන්නේ ඩිරෙක්ටගෙ හොදම යාලුවෙක් නිසයි.
එයාගෙ කාර් එකට නගින යැන්ග්සිව දැක්කම ශාන් ඉක්මනට දුවන් ගිහින් එයාට කතා කලේ යැන්ග්සිට බෝට උදව් කරන්න පුලුවන් කියලා දැනන් උන්න නිසයි. ශාන්ගෙ කලබල වෙච්ච මූන දැක්කම යැන්ග්සි ශාන්ට කතා කලේ පුදුම දුකකින්. ශාන් බාගෙට පැහැදිලි කරද්දි යැන්ග්සි ශාන්ගෙ පිටට තට්ටුවක් දදා හිටියේ හරියට ශාන්ව සන්සුන් කරන්න වගෙයි.
"අපි නිදහස් තැනක ඉදන්ම කතා කරමුද ශාන් ....??? මෙතන ඔක්කොම බලනවා.... අනික ඔයාගෙ ඇස් වල කදුලු පිරිලා..." යැන්ග්සි එහෙම කියල ශාන් එක්කම එතනින් පිටත් උනා. ශාන් හිටියේ හරි සිහියකින් නෙමෙයි. එයා හිටියෙ බෝ වෙනුවෙන් ඕනම දෙයක් කරන්න පුලුවන් මානසිකත්වයකිනුයි. යැන්ග්සි ශාන්ව එක්කන් ගියේ කවුරුත් නැති පාළු පිට්ටනියකට. යැන්ග්සි කාර් එකෙන් බහිද්දිම ශානුත් බැහැලා දුවගෙන ආයෙ යැන්ග්සි ගාවට ආවෙ කදුලින් බොඳ උන ඇස් වලින්මයි.
මිනිත්තුවක් දෙකක්.... යැන්ග්සි සම්පූර්ණයෙන්ම නිශ්ශබ්දයි.... මේ නිසයි ශාන් එයාගෙ කතාව නතර කරලා හැරිලා බැලුවේ....ශාන් බලද්දිම යැන්ග්සිත් ශාන් දිහා බැලුවා. හැබැයි ඒ හිනාව වියරුවෙන් පිරිලයි තිබුනේ.... ඒක දැක්කම ශාන්ට බයත් හිතුනා.... ඒත් එයා ආයෙත් බෝ ගැන කියන්න පටන් ගද්දිම යැන්ග්සි මහ ඒ වියරු හිනාවෙන් හයියෙන්ම හිනා වෙන්න ගත්තේ ශාන්ගෙ හිතේ බයක් වගේම සැකයකුත් සටහන් වෙද්දීයි.
"ඔයා... ඒ ඔයා.... එහෙම නේද???" ශාන් එහෙම කියුවේ යැන්ග්සිට ඇඟිල්ලත් දික් කරලයි.
"ඕඕඕ... ඇති යන්තම් අපේ ශාන්ට තේරුනා.... ඔව් ඒ මම තමා...." යැන්ග්සිගෙ හිනාව කතාව හැසිරීම මේ හැම එකක්ම කියා පෑවෙ යැන්ග්සි අවසිහියෙන් පසුවෙන බවක් වගෙයි.
"බෝ නම් කවදාවත්ම මාව විශ්වාස කලේ නෑ... එයා ඒ නිසා ඔයාගෙ ආරක්ශාවට ගොඩක් ගොඩක් දේවල් කලා. ඒත් ඔයා.... ඔයා නම් මාව විශ්වාස කලානේ.... බෝගැන සමහර දේවල් දැන ගන්න ඔයත් මට උදව් කලානේ..." යැන්ග්සි මේ ටික කියද්දිත් ශාන් හිටියේ අත් දෙකෙන්ම එයාගෙ කොන්ඩෙන් අල්ලගෙන බිම වාඩි වෙලායි. මේ වචන නිසා ශාන්ගෙ ඇස් වලින් කදුලු කඩන් වැටුනේ ඉඩෝරයකට පස්සේ එක පාරට කඩන් හැලුන මුරුගසන් වරුසාවක් වගෙයි. ඇත්තටම ශාන් නිසා යැන්ග්සිට බෝ ගැන කිසිම දෙයක් දැනගන්න ලැබිලා තිබුනේ නෑ.... කලිනුත් කියුවා වගේ ශාන් යැන්ග්සි එක්ක කතා බහ කලේ ආගිය තොරතුරු විතරයි. යැන්ග්සි එහෙම ශාන්ට කියුවේ ශාන්ට වරදකාරී හැඟීමක් ඇඟවීමටයි. යැන්ග්සිගෙ උත්සාහ හරියට හරි ගියේ මේ වෙච්ච හැම දේකටම ශාන් එයාටම දොස් පවර ගන්න ගනිද්දීයි.
ඒත් එක පාරටම නැගිටපු ශාන් යැන්ග්සිගෙ බෙල්ලෙන් තද කරලා අල්ලගත්තා.... තමුන්ට...තමුන්ට මගෙ එක්ක නම් ප්‍රශ්නෙ තියෙන්නේ ඒක මාත් එක්ක විසඳගන්න තිබ්බා. ඇයි මේකට බෝව ඇදලා ගත්තේ.... ඇයි බෝගෙ පවුලේ අයව ඇදලා ගත්තේ.....
යැන්ග්සිගෙ ආරක්ශකයින් ඉක්මනට ඇවිත් ශාන්ගෙ අත අයින් නොකරන්න යැන්ග්සිට මොනවා හරි නරක දෙයක් වෙන්නත් තිබුනා.

බෝ මේ විදිහට හැසිරෙයි කියලා බලාපොරොත්තු උනත් ශාන්ගෙන් නම් යැන්ග්සි කීයටවත් මේ වගේ හැසිරීමක් බලාපොරොත්තු උනේ නෑ.... කේන්තියෙන් රතු උන ඇස් වලින් බලලා ඒ වගේම මූනට සරදම් සිනාවක් තවරගෙන යැන්ග්සි ඊළඟට කියුව දේ නිසා ශාන් ආයෙමත් පොඩි දරුවෙක් ගානට බිම වාඩි වෙලා අඩන්න ගත්තේ දෙලොවක් අතර තනි උනා වගේ දැනෙද්දීයි.....

"තමුන්ට කොහෙන්ද එච්චර හයියක් ශාන්.... මම මේ දේ කරන්න හිටියේ දැන්මම නම් නෙමෙයි. හැබැයි තමුන්ගේ හැසිරීම නිසා මට මේ තීරණය දැන්මම ගන්න වෙනවා..... තමුන්ට පුලුවන් යිබෝගෙ පවුල යීබෝව මේකෙන් අයින් කරන්න හැබැයි ......😬😬"

...................................................................................
හැබැයි ....??? ඉතුරු ටික සම්පූර්ණ කරන්න ළමයි බනින්න එපා.....
පුලුවන් උනොත් බෝනස් දෙන්නම් ළමයි.... පොරොන්දු වෙන්න නම් බෑ හැබැයි .....
රූ...❤️

Love You More - Completed Where stories live. Discover now