Chapter 6

808 153 10
                                    

අතීත කතාව......

"යීබෝ...." නිලියට ඉන්න ගර්ල් එහෙම කියන ගමන් ශාන්ගෙ මූණ දිහා බැලුවෙ පිටස්කවල ජීවියෙක් දිහා බලන ගානට. ශාන්ට කියන්න කිසිම දෙයක් මතක් උනේ නෑ. නිකන්ම නිකන් සමාවෙන්න කියල කියන්නත් බෑනෙ drama එකට කිසිම සම්බන්ධයක් නැති බෝගෙ නම කිව්ව එකට හේතුවක් නොකියා. ඒත් ඉතිං ඇත්ත හේතුව කියන්නත් බෑනෙ. ශාන් නිලිය දිහා බලලා එයගෙ cuteම හිනාව දැම්මෙ එහෙමවත් ශේප් වෙන්න. ඒත් මුලු group එකම එයා දිහා බලන් ඉන්නව දැක්ක ශාන්ට දැනුනෙ හුස්ම හිරවෙලා වගෙයි. මොනාද දැන් කියන්නෙ මෙයාලට????

එතකොට ශාන්ට වෙච්ච අකරතැබ්බය දැක්ක ඩිරෙක්ට ඉක්මනින් එතනට ඇවිත් ශාන්ගෙ විකර වැඩේට කරුණු ඉදිරිපත් කලා අනිත් අයට. මොකද මේ කතාව මීඩියා වලට දැන ගන්න හම්බුනොත් ශාන් විතරක් නෙමෙයි බෝගෙත් නම විනාස කරලා දානවා කියල ඩිරෙක්ට දැනන් හිටිය නිසා.
බෝ කියන්නෙ ඩිරෙක්ටගෙ හොඳම යාලුවාගෙ පුතා, ඒ වගේම ශාන් කියන්නෙත් එයාට හම්බෙච්ච හොඳම ළමයෙක්. ශාන් ඇයි මෙහෙම කියුවේ කියල ඩිරෙක්ටට එයගෙන් (ශාන්ගෙන්) අහන්න ඕන වුනත් ඉස්සෙල්ලාම මේකෙන් ශාන්ව බේරන් ඉන්න ඕනෙ කියල එයා දැනන් හිටියා.

''හරි හරි ශාන්. ඊලඟ drama එකේ ඉන්නෙ මේ දෙන්නා තමා. ප්‍රධාන චරිත දෙකට. ඒ script එක කියවපු වෙලේ ඉදන් ශාන් පුදුම ආසවකින් ඉන්නෙ ඒකෙ රඟපාන්න. ඒ නිසා නේද ශාන් මේ😎 වෙන වෙන කතා කියන්නෙ.''

ඩිරෙක්ට එහෙම කිවුවාම ශාන්🙄 උඩ බිම බැලුවෙ මොන script එකද මොන drama එකද කියල හිතා ගන්න බැරුව. එයා ඩිරෙක්ට දිහා බලුවම ඩිරෙක්ට ශාන්ට ඉඟි කලේ ඔව් කියල කියන්න කියල. ඩිරෙක්ට කිව්ව දේ නොතේරුනත් එයා බෝගෙ නම කිවුව නිසා වෙන්න පුලුවන් දේ දන්න හින්ද ශාන් හිනා වෙලා කියුව ඔව් කියල.

ඉතිං මුලු කන්ඩායමේම අය ඩිරෙක්ටවයි ශාන්වයි වට කරගත්තෙ අලුත් ඩ්‍රාමා එක ගැන අහන්න.

බෝයි ශානුයි එක ඩ්‍රාමා එකක....
කවුද එතකොට main actress????
හැමෝටම තිබ්බ ලොකුම ප්‍රශ්නෙ ඒක.
''ඒක තාම හිතලා නෑ'' ඩිරෙක්ට අන්තිමට එහෙම කියුවේ බේරෙන්න බැරිම තැන.  ඇත්තටම ශාන්ව බේරගන්න නිසා ඩිරෙක්ට මෙහෙම කිවුවට එයාගෙ හිතේ අදහසක් තිබ්බ ඇත්තටම බෝවයි ශාන්වයි එකට එකතු කරන් ඩ්‍රාමා එකක් කරන්න. ඇත්තටම මේ වෙද්දි script එකත් ලෑස්ති කරලා තමා තිබ්බෙ. ඒත් ප්‍රශ්නෙ තිබ්බෙ නිශ්පාදනයට කෙනෙක් හොයාගන්න එකයි. මොකද ඒ ඩ්‍රාමා එකට ටිකක් ලොකු cost එකක් යනවා කියල එයා දන්නවා.
හැබැයි ඒකටත් විසදුමක් තිබ්බ ඒ තමා main actress විදිහට යැන්ග්සිව ගන්න එක.

බෝට ශාන් ගැන තියෙන්නේ යාලුකමට එහා ගිය හැගීමක් කියල ඩිරෙක්ට මේ වෙද්දි දැනන් හිටියා. ශාන් කියන්නෙ අහිංසක මුකුත් නොදන්න කෙනෙක් කියලත් එයා දැනන් හිටියා. ඒ වගේම එයා ඒ දෙන්න එකතු වෙනවට කැමැත්තෙනුත් හිටියෙ.
ඒ නිසාමයි එයාගෙ හිතට මුලින්ම මේ දෙන්න දාල ඩ්‍රාමා එකක් කරන්න අදහසක් ආවෙත්... ඒත් යැන්ග්සිව මේකට සම්බන්ධ කරගත්තොත් මොනා වෙයිද කියල එයාට බයක් තිබ්බ. මොකද යැන්ග්සි බෝට කැමැත්තෙන් ඉන්නෙ කියලත් එයා දන්නවා...

ශාන්ට බෝව හම්බවෙන්න තිබ්බ උවමනව දැන් නම් වැඩිපුර දැනෙන්න ගත්තෙ මේ අලුත් කතාවෙ සිද්ධියත් එක්ක.

...................................................................................

ඔන්න ළමයි අද රෑ ඉදන් ඔයලට තේරෙන විදිහට කතාව පටන් ගනී. ඇයි ශාන් බෝට මෙහෙම කරන්න හේතුව කියල ඉක්මනින් කියන්නම්කෝ

අපේ ඩිරෙක්ටට thanks කරන්න ළමයි. මොකද එයානේ මේ master plan එක ගහන්නෙ දෙන්නව එකතු කරන්න 😂😂.
          
රූ...❤️

Love You More - Completed Where stories live. Discover now