යැන්ග්සි මොන තරම් එයාගෙ හිතට වැට කඩොලු දාගෙන හිටියත් චෙං ඉස්සරහදි එයාගෙ හදවත ගැහෙන වේගය නිසා ඒ ශබ්දය පිටත් ඇහෙයි කියල බය වෙන තරම් වේගයෙන් ගැහුනා........
චෙංගෙ සමහර හැසිරීමුත් යැන්ග්සිගෙ මේ දුර්වලකමට හේතු උනා.... යැන්ග්සිට ආදරය නොකලත් චෙං යැන්ග්සිට අනුකම්පා කරන්න පෙලඹුනේ යැන්ග්සිට ගෙදරින්, දෙමව්පියන්ගෙන් කිසිම දවසක ආදරයක් කරුණාවක් ලැබිලා නෑ කියල දැනගත්ත දා ඉදලයි. චෙං තේරුම් ගත්තා යැන්ග්සි මේ තරම් රළු විදිහට හැසිරෙන්න හේතුව.... ඉතිං එයා යැන්ග්සි එක්ක කාලය ගත කලා සමහර වෙලාවලට.... තමන්ගෙ ලඟින් චෙං රැදෙන ඒ හැම තත්පරයකටම යැන්ග්සි පුදුමාකාර තරම් ලෝභ උනා... එයාගෙ ඇදුම් පැලදුම් කතාබහ හැසිරීම පවා එයා වෙනස් කරගත්තා චෙං නිසාම.... ශාන් එක්ක තිබ්බ තරහත් අමතක උනත් ආයෙමත් ඒ කේන්තිය පිපිරිලා ගියේ ශූටින් අතරතුරදි ශාන්ට සිද්ධ වෙච්ච පුංචි තුවාලයක් නිසා බෝ වගේම චෙංත් කලබල උන හැටි දැකලයි... යැන්ග්සිටත් තුවාල වෙලා තිබුනා මොකද ශාන් යැන්ග්සි එක්කයි ඒ කොටස රූගත කලේ... චෙංගෙ අවධානය සම්පූර්ණයෙන්ම යොමු වෙලා තිබුනේ ශාන්ට විතරක් වෙද්දි ආයෙමත් යැන්ග්සිගෙ හිතේ යටපත් වෙලා තිබුන ශාන් ගැන තියෙන කේන්තිය දෙගුණ වෙලා දැනුනා.....යැන්ග්සි ගෙදර ගිය ගමන් කලේ call එකක් ගත්ත එක.....
............................................................................................
මේ වෙද්දි ඩ්රාමා එකේ වැඩ සේරම වගේ ශූටින් ඉවර කරලා තිබුනේ හැම දෙනාගෙම තිබුන උපරිම කැපකිරීම් නිසාමයි....ලබන මාසය වෙද්දි ඩ්රාමා එක telecast කරන්න තීරණය වෙලාත් තිබුනා... ප්රචාරක කටයුතු වලට පිං සිද්ධ වෙන්න ශාන් බෝ දෙන්නට තාමත් කිසි ප්රශ්නයක් නැතිව හම්බෙන්න පුලුවන් උනා.... ඒත් ඒ දෙන්න ගැන විවිධාකාර කට කතා නම් මේ වෙද්දී පැතිරිලා තිබුනත් දෙන්නාම මේ කිසිම දෙයක් ගැන වද උනේ නම් නෑ..... ආයෙමත් කොහෙත්ම වෙන් වෙන්න අදහසක් දෙන්නාටම තිබුනේ නෑ.... මොකද ඒ විරහව විදින්න විඳවන්න අනෙක් කෙනා රිද්වන්න දෙන්නාටම උවමනා උනේ නැති නිසයි.....
ඒ වගේම දෙන්නාගෙ පුංචි පුංචි ආදරණීය දඟ වැඩ රණ්ඩු නම් එන්න එන්නම වැඩි උනා..... තමන් මොන තරම් busy උනත් අනිත් කෙනා ගැන හොයලා බලන්න දෙන්නාම උපරිමයෙන්ම උත්සාහ කලා...