Chapter 12

650 125 5
                                    

බෝ ව එතනම දාල ශාන් ඉක්මනට ඩ්‍රෙසින් රූම් එකෙන් එලියට දිවුවෙ බෝ සැනසුම් සුසුමක් හෙලලා නැගිටිද්දී....
        හැබැයි ඒත් එක්කම එයා දැක්කේ ශාන් ලෑස්ති කරලා තිබ්බ එයාගෙ බෑග් එක දාලයි දුවලා තියෙන්නෙ කියල. බෝ ඉක්මනට ශාන්ගෙ බෑග් එක අරන් එලියට ගියේ නැත්නම් එයාගෙ පිස්සු බනීට අයෙත් කොච්චර මහන්සියෙන් උනත් ඩ්‍රෙසින් රූම් එකට එන්න වෙන නිසයි. එයා හිතුවා වගේම බනී ඩ්‍රෙසින් රූම් එකට යද්දි මඟදී බෝට හම්බුනා. ඇත්ත වශයෙන්ම බනී ආවෙ බෝට හිතින් හොදටම බනින ගමන්. බෝ නිසානෙ එයාට එක එක ඒව අමතක වෙන්නෙ. ඉස්සෙල්ලාම මාස්ක් එක අද බෑග් එක....
               "ර්ර්ර්ර්ර්ර් මෝඩ බෝ"
බෝ ඉතිං ලකුණු දාගන්නත් කියල හිතන් තමා ශාන්ගෙ බෑග් එකත් උස්සන් යන්නෙ ශාන් ගිය පැත්තට. බෝට ශාන්ව දැක්කම මාර සතුටු හිතුනෙ ගොඩක්ම මේ පාර නම් බනී එයාට තෑන්ක් කරයි කියල. (ඇත්තටම බනීගෙ බෑග් එක අද ගොඩක් බරයි) ඒත් බෑග් එකත් උස්සන් වැනි වැනී තනියම ශාන්ගෙ බෑග් එක දිහා බල බල එන බෝව දැක්කම ශාන්ගෙ මූන රතු උනේ බෝගෙ cute විකාර වලට...
             හැබැයි ඉතිං තරහ මූඩ් එකක් ආරූඪ කරගත්ත ශාන් බෝගෙ ගාවට ඇවිත් බෑග් එක උදුරගන බෝට රැවුවෙ නිකන් බෝ ලොකූ වැරද්දක් ශාන්ට මේ දැන් කලා වගෙයි. ඒත් එක්කම අනිත් පැත්තට හැරුන ශාන් ඉක්මනටම එතනින් යන්න ගියේ වෙච්ච දේ තේරුම් ගන්න බැරුව එතනම හිටන් ඉන්න බෝව දැක්කම එයාට හිනා යනවා කියල දන්න නිසයි. බෝ එතනම ගල් ගැහිලා බලන් ඉදලා ඉන්නෙ බෑග් එකත් බරට බරේ උස්සන් යන ශාන් දිහාට දිවත් එලියට දාල ඇද කලේ අපරාදෙ බෑග් එක උස්සන් ආවෙ කියල හිතින් එයටම බැනගන්න ගමන්....😂😂😂

ටික වෙලාවකින් එලියට ආව බෝ දැක්කෙ ඩිරෙක්ට එක්ක කතා කර කර ඉන්න ශාන්ව. ඒ නිසා බෝටත් නිකමට වගේ ඒ පැත්තට යන්න හිතුනා. එතකොට ඩිරෙක්ට එයාටත් කතා කරලා කියුවේ main actressව තෝරගත්තා කියලා.
            බෝ හිතන් ඉන්නෙ actress කවුරු උනත් මොකද කියලයි. එයාට ඕන කෙනා කොහොමත් ඒකෙ ඉන්නවානෙ...😛😛

යැන්ග්සිව තමා main actress විදිහට අරගන්න තීරණය කරලා තියෙන්නෙ කියද්දිත් මුලු වෙලාවෙම ශාන්ගෙ දිහා බලාගෙනම ඔලුව වන වන හිටිය බෝ වගේම බෝ දිහා නොබල බිම බලන් හිටිය ශානුත් එක පාරටම ඩිරෙක්ට දිහා බැලුවා.... ඩිරෙක්ට මුකුත් දැක්කෙ නෑ වගේ "හරි එහෙනම් ළමයි හෙට හම්බෙමුකො අපි... " කියලා හිමීට මාරු උනේ දෙන්නගෙම ප්‍රතිචාරය එයා හිතපු විදිහටම අවුල් නිසයි.
            ශානුයි බෝයි ආයෙත් තනි උනත් දෙන්නම හිත හිත හිටියෙ මොන මරාලයක්ද මේ කඩන් පාත් උනේ කියලයි. මේ අතර staff එකේ කෙනෙක් ශාන්ට කතා කලේ එයාගෙ taxi එක ඇවිත් කියලයි. එතකොට තමා දෙන්නා අයෙත් හරි සිහියට ආවෙ. බෝ ශාන්ගෙන් ඇහුවේ ඇයි taxi එකේ යන්නෙ කියලයි. "මගෙ කාර් එකේ පොඩි අවුලක් ඒකයි"  එහෙම කියල ශාන් ගියා. 

බෝත් ඉක්මනට ඇවිත් ශාන්ගෙ taxi එක පස්සෙන් ගියා ශාන් බහිනකන්ම. ශාන් මේක දැක්කා. ශාන් අපාර්ට්මන්ට් එකට ගිහින් බෝට call එකක් ගත්තා. බෝ පුදුමෙනුත් පුදුමයට පත් උනා ශාන්ගෙ call එක දැකලා. බෝ අන්සර් කලාම ශාන් ඇහුවෙ බෝ ඉන්නෙ කොහෙද කියලයි. "බනී ඇයි ඔයා එහෙම අහන්නේ?? ඇයි ඔයාට මොනාහරි ඕනද?? ඔයාට අසනීපයක්ද???" බෝ කලබලෙන් ප්‍රශ්න වැලක් ඇහුවත් ශාන්ගෙ ප්‍රශ්නෙට උත්තර දුන්නෙ නෑ... ඉතිං ශාන්ට ආයෙම කලින් ප්‍රශ්නෙම අහන්න සිද්ද උනා. "මම... මම මේ ඉන්නෙ මඟ" බෝ උත්තර දුන්නේ හරි අමාරුවෙන්. එතකොට ශාන් බෝට කතා කලා"ඔයා ඉන්නෙ මගෙ අපාර්ට්මන්ට් එක ලඟනේද??" ශාන්ගෙ ඒ ප්‍රශ්නයට බෝ උත්තර දුන්නෙ නෑ. ඉතිං ශාන්ම ආයෙත් කතා කලා..."මම දැක්ක ඔයාව ඉතිං බොරු කියන්න හදන්න එපා..." බෝ මේ පාර නම් උත්තර දුන්නා. " දැක්කනම් ඇයි ඇහුවෙ??? " මේ විදිහට පටන් ගත්ත කතා බහ ඉවර උනේ බෝ ගෙදරට ගියාටත් පස්සෙයි. කතාබහ කිවුවාට රණ්ඩුව කියුවොත් වැරදිත් නෑ....

            මේ විදිහට දවස් 5ක්ම ගෙවුනේ ශාන්ගෙ ඩ්‍රාමා එකේ ශූටින් ඉවර වෙලා වගේම ඊට පහු වෙනිදා එයාලගෙ අලුත් ඩ්‍රාමා එකේ ස්ක්‍රිප්ට් කියවන්න යන්න තියෙද්දීයි. මේ දවස් කිහිපයේදි ශාන් නොදැනුවත්වම බෝ ශාන්ගෙ හිතේ ගැඹුරුම තැනේ පැලපදියම් වෙලා හිටියා. මේ වෙද්දි ශාන් බෝගෙ පුංචි වචනයක් msg එකක් call එකක් වෙනුවෙන් බලන් හිටියෙ හිත බෝවම ඉල්ලන නිසයි. බෝගෙ පුංචි පුංචි දඟ වැඩ දඟ කතා වලට ශාන් පුදුම තරන් ආදරේ කලා. ඒත් එයා පිටින් එයාටම කියා ගත්තෙ බෝ එයාගෙ යාලුවෙක් විතරයි කියලයි......

...................................................................................

මම ඔයාලට කියුවනේ ළමයි මේ මගෙ 1st ff එක කියල අනික මම මේක type කරන්නෙත් phone එකෙන් ඉතිං මම පස්සේ කියවද්දි මමම දකිනවා සමහර වචන එහෙම වැරදියට type වෙලා තියනවා.
අනිත් එක මගේ කතාවෙ සමහර නොගැලපෙන තැන් එහෙම ඇති.. ඉතිං මම ඔයාල ඔක්කොමල්ලගෙන්ම සමාව ඉල්ලන කැමති ඒ දේවල් ගැන...

රූ...❤

Love You More - Completed Where stories live. Discover now