ශාන් හිටියෙ නැගිට ගන්න බැරි තරමට බීලා.... එයාට අඩු ගානෙ ඉන්න තැන ගැනවත් ගානක් නැතුව වගේ මාස්ක් එකත් ගලවගෙන අදුරුම අදුරු මුල්ලකට වෙලා තනියමයි හිටියේ.... බෝට ශාන්ගෙ මේ හැසිරීම ගැන හිතාගන්න බැරි උනේ ශාන් කියන්නේ මොන ප්රශ්නයට උනත් හුඟක් හිත ශක්තිමත් විදිහට මූන දෙන කෙනෙක් නිසයි... බෝ තව ටිකක් ශාන්ට ලං වෙද්දි දැක්කෙ ශාන් phone එක දිහා බලාගෙන තනියම කියවනවා කියලයි. ඒත් තව ටිකක් ලං වෙද්දී එයා දැක්කේ ශාන් කතා කරන්නේ phone එකේ තියන එයාගෙ photo එකක් දිහා බලාගෙන කියලායි. බෝට දැනුනේ ඇතුලින්ම එයාව පිච්චෙනවා වගෙයි. මොකද දැන් ආයෙ කවුරුත් පැහැදිලි කරන්න ඕන නෑ ඇයි ශාන් මෙතන ඉන්නේ කියල. බෝට තේරුනා එයා කරපු දේ නිසයි ශාන් මෙහෙම හැසිරෙන්නේ කියල.
බෝ ශාන් ගාවට ගිහින් ශාන්ගෙ උරහිසට උඩින් එයාගෙ අතක් තිබ්බා... එතකොට ශාන් ඒ කවුද කියල බලන්නයි ඔලුව හරවලා බැලුවේ. බෝගෙ මූන මාස්ක් එක නිසා නොපෙනුනත් ශාන්ට ඒ කෙනා ගාවින් ආවෙ හුගක් සුපුරුදු සුවඳක්.... ඒ නිසයි ශාන් එයාගෙ ලොකු ඇස් චූටි කරලා ඒ කෙනාගෙ මූන දිහා ආයෙත් හොදට බලන් හිටියේ.... "Lio... මගේ Lio.... ශාන් හයියෙන්ම කියුවේ ඒ මූනෙ හුගාක් ලස්සන වගේම අහිංසක cute බනී හිනාවෙන් පිරෙද්දීයි..... ඊට පස්සේ ශාන් නැගිටින්න හැදුවත් විසි වෙලා ගිහින් වැටෙන්න ගියත් බෝ ඉක්මනට ශාන්ගෙ ඉනෙන් අල්ලගත්ත නිසා ශාන්ට මුකුත් උනේ නම් නෑ..... හැබැයි ශාන්ගෙ වැඩ වලට පිං සිද්ධ වෙන්න වටේ පිටේ කට්ටියගෙ අවධානය ටිකක් ටිකක් එයාලාට යොමු වෙන්න පටන් අරන් තිබ්බා. නිකමට හරි කවුරු හරි මේ ගැන photo එකක්වත් ගත්තොත් වෙන දේ හොඳ නෑ පොඩ්ඩක්වත් කියල බෝ හොඳටම දැනන් හිටියා ඒ නිසා බෝ හැදුවේ ශාන්වත් අරන් ඉක්මනට එතනින් යන්නයි....
බෝ තාමත් වැටෙන්න යද්දි අල්ලගත්ත විදිහටම ඉන්න ශාන්ගෙ දිහා බලද්දී දැක්කේ ශාන් හරිම සතුටින් හිනා වෙවී එයාගෙ දිහාටව ඇඟිලි දෙකෙන් හාට් පෙන්න පෙන්න ඉන්නවා.... ශාන්ගෙ එක ඇහැක් වැහිලා තිබ්බා වගේම ඒ තොල් වලිනුත් බෝට kisses පා කරලා එවනවා වගේයි ශාන් හැසිරුනේ. බෝගෙ මූනෙ ලස්සනම ලස්සන හිනාවක් ඇදුනේ ශාන්ගෙ මේ cute look එක දැකලයි. ඊට පස්සේ ශාන්ගෙ මූනට ආපහු මාස්ක් එකත් දාලා ශාන්ව එයාගෙ පිට මතට ගත්ත බෝ ඉක්මනට එතනින් එලියට යන්නයි ගියේ. ඒත් බෝව එතනම නතර උනේ ශාන් කරපු දේවල් නිසයි...
බෝගෙ බඩත් තද වෙන තරමට තදින් එයාගෙ කකුල් බෝගෙ වටේ ඔතාගත්ත ශාන් බෝගෙ මූන සිපගන්න ගත්තා... දෙන්නාම හිටියෙ මාස්ක් දාල නිසා ශාන්ගෙ තොල් බෝගෙ මුවේ ස්පර්ශය නොවුනත් ශාන්ගෙ ඒ හැසිරීම බෝව නොසන්සුන් කලා....
ආරක්ශකයින්ට පිං සිද්ධ වෙන්න කාටවත් අහු නොවී ශාන්වත් අරන් එතනින් එලියට එන්න බෝට පුලුවන් උනා. එලියට එද්දී ශාන් හිටියෙ බෝගෙ උරහිසේ මූන හංගගෙනයි. ශාන්ගෙ අත් හුඟක් තදින් බෝගෙ බෙල්ල වටේ එතිලා තිබ්බා. ශාන්ගෙ ආරක්ශකයින් ශාන්ව අරන් යන්නම් කියල කියුවත් බෝ ඒකට කැමති උනේ නෑ. එයා ශානුත් එක්කම එයාගෙ කාර් එකට නැග්ගෙ ශාන්ව එයා බලාගන්නම් කියල ශාන්ගෙ ආරක්ශකයින්ව පිටත් කරලයි. ඊලගට එයා කියුවේ බෝගෙ අපාර්ට්මන්ට් එකට යමු කියලායි.. ඒ වෙද්දී ශාන්ගෙ ඔලුව බෝගෙ උකුල මත රැදෙන කොට බෝගෙ අතැඟිලි ශාන්ගෙ කෙහෙරැල් අස්සෙත් දියුවේ ශාන් තව තවත් සනීපෙට ඒ උකුලේ ගුලි වෙද්දීයි.
අපාර්ට්මන්ට් එක ගාවට ආවම බෝ ශාන්ට කොච්චර කතා කලත් ශාන්ට ලේසියෙන් ඇහැරුනේ නම් නෑ... බොහොම අමාරුවෙන් ඇහැරව ගත්තට පස්සේත් ශාන් කොහෙත්ම කැමති උනේ නෑ බහින්න ඒ වෙනුවට ශාන් කලේ බෝගෙ උකුලෙම ඉදන් බෝගෙ දිහාවට මූන හරවලා බෝගෙ දිහා අමනාපයෙන් වගේ බලන් උන්න එක... ඊට පස්සෙ එක පාරටම ශාන් බෝගෙ උකුල මතින් වාඩි උනේ කාර් එකේ වහලෙ ඔලුවත් වද්දගෙනයි.... එක අතකින් ඔලුව අත ගා ගන්න ගමන් ඔලුවත් ඇල කරලා බෝගෙ මූන දිහා ආයෙමත් බලන් හිටිය ශාන්ගෙ ඇඟිලි බෝගෙ තොල් මත නතර වෙද්දී බෝ නොසන්සුන් ඇස් වලින් බලන් හිටියේ ඊලගට ශාන් මොනවා කරයිද කියල හිතාගන්න බැරුවයි...
බෝගෙ තොල්මතින් සතුටින් එයාගෙ ඇඟිලි සියුම්ව එහෙ මෙහෙ ටිකක් වෙලා අරන් යද්දි ශාන්ගෙ ඇස් වල එක පාරටම කදුලු පිරුනේ බෝට වෙන දේවල් කිසි දෙයක් නොතේරෙද්දීයි. එක පාරටම බෝගෙ තොල් මතට බර උන ශාන් බෝගෙ තොල සිපගත්තේ හුඟක් දරුණු විදිහට... ඒක සම්පූර්ණයෙන්ම සපා කෑමක්.... බෝට ඒක වේදනාවක් උනත් ශාන්ගෙන් මිදෙන්න බෝට පොඩ්ඩක් වත් උවමනා උනේ නෑ ඒ වෙනුවට බෝ ශාන්ගෙ පිට මත ඇඟිලි ගෙන යමින් තව තවත් ශාන්ව එයාටම තුරුල් කරගත්තේ මාස ගානකින් පස්සේ එයාට මේ ලැබුන ශාන්ගෙ පහසට තව තවත් ලොබ බදිමිනුයි. අන්තිමට බෝගෙ යටි තොල තුවාල වෙන්නම හපපු ශාන් බෝගෙ තොල් වලින් මිදුනේ මේ විදිහට කියලාමයි.
"කාටවත් ලං වෙන්න එපා.... ඔයා මගේ Lio.... මගෙම විතරයි... ආයෙ තව කාට හරි එහෙම ලං උනොත් .... මට .... මට මොනවා වෙයිද දන්නේ නෑ..."
ඊට පස්සේ ආයෙමත් බෝගෙ තුවාල කරපු තොලට බර වෙලා එතන යාන්තමට දිවෙන් තෙත් කරන්න ගත්තෙ බෝට එයාගෙ control එක නැතිකරන්න වගෙයි..... ආයෙමත් බෝගෙ මුවින් ඈත් වෙලා ශාන් බෝගෙ ඇස් අස්සට එබුනේ පිරිලා තිබ්බ කදුලු පාලනයකින් තොරව බිමට කඩන් වැටෙද්දීයි... එයා ඊළඟට එයාගෙ පාපුවට අතත් තියාගෙන කියපු වචන ටික නිසා බෝගෙ ඇසුත් කදුලින්ම බර උනා... "මෙතන රිදෙන්න ගත්තා හොදටම.... මාව මැරෙයි කියල හිතෙන තරමටම....."
එහෙම කියල ශාන් බෝව තද කරලා බදගත්තේ කවුරු හරි බෝව එයාගෙන් උදුරන් යාවි කියල බයෙන් වගෙයි.....
බෝ ශාන්වත් අමාරුවෙන්ම කාර් එකෙන් එලියට අරන් ආයෙමත් එයාගෙ පිට මත තියාගෙන අපාර්ට්මන්ට් එකට යන්න ගත්තෙ හිතින් එයාටම බැනගන්න ගමන්... ඒත් දැන් නම් එයාට හොදටම විශ්වාසයි ශාන්ට එයාගෙන් ඈත් වෙන්න ඕන කියුවේ ඇත්තටම නොවන බව..... ඒත් එහෙනම් ඇයි..??? බෝගෙ කල්පනා ලෝකෙ බිඳ වැටුනේ ශාන් බෝගෙ බෙල්ල පිටි පස්සේ mole එක දිවෙන් තෙත් කරමින් සැරින් සැරේ ඒ මත් තොල් තද කරද්දීයි. බෝ ඒ පහස අමාරුවෙන්ම දරාගෙන යද්දි බෝගෙ මුලු ඇඟම අඩ පන කරමින් ශාන්ගෙ අත් බෝගෙ ටී ශර්ට් එක තුලින් ගමන් කරලා බෝගෙ පපුවේ සියුම් ස්ථනයන් මත නතර උනේ ඒවස් අදිමින් හා මිරිකගනිමිනුයි....
"බනී.... එප්පාහ්.... " ශාන් කොහෙත්ම හිටියෙ බෝ කියන දේවල් තේරෙන මානසිකත්වයකින් නෙමෙයි.
තවත් මේ දේවල දරාගන්න බැරි නිසා ඉක්මනින් දොර විවෘත කරපු බෝ ශාන්ව සෝෆා එක මතින් වැතිරෙන්න සලස්වලා බෝ ගියේ ශාන්ට බොන්න දෙන්න බෙහෙත් වගේම වතුර එකක් අරන් එන්නයි....
එයා ඒව අරන් එද්දී ශාන් .........................................................................................
ශාන් මොනවද ළමයි කරනවා ඇත්තේ.....??
ඔන්න ඔයාලගෙන් ගොඩක් අය හරියටම guess කරලා තිබ්බා ශාන් හිටියෙ drinks අරන් කියල.....
ඔන්න බෝනස් දුන්නා....❤රූ...❤️