Chapter 34

406 91 5
                                    

යැන්ග්සි තවත් එතැන ඉන්නේ නැතිව එක පාරට දුවගෙන ගියෙ washroom පැත්තට. මොකද එයාට එයාගෙ ඇඬිල්ල පාලනය කරගන්න බැරි උන නිසයි. යැන්ග්සි එයාට මොනා කියුවා කලත් ශාන් නම් යැන්ග්සි ගැන ගොඩක් වද උනා. මොකද යැන්ග්සි එයාගෙ ශොට්ස් ටික ඉවර නිසා කෙලින්ම ආයෙ හොටෙල් එකට ගිහින් තිබ්බා.
ශාන්ගෙ මේ කාරුණික හැසිරීම දිහා බෝ නම් බලන් ඉන්නේ කටත් ඇරගෙන.
"ඇත්තටම ඔයා හිතන්නේ අර යකින්න ඒ සමාව ගත්තේ ඇත්තටම කියලද බනී...... 🙄 " බෝ එහෙම අහුවේ ඇත්තටම ශාන් ඇයි මේ තරම් යැන්ග්සි ගැන වද වෙන්නේ කියල පුදුමයෙන් වගේම තරහෙන්. බෝගෙ ඒ ප්‍රශ්නෙට උත්තරේ විදිහට ශාන් ඔලුව වැනුවේ බෝගෙ ඉස්සරහදි කෙලින්ම ඒ ප්‍රශ්නයට ඔව් කියල උත්තර දෙන්න එයා බය වෙච්ච නිසයි. මොකද ශාන් දන්නවා බෝ යැන්ග්සිව විශ්වාස නොකරන බව. හැබැයි ඒ උත්තරේ එක්ක බෝගෙ කේන්තිය තවත් වැඩි උනා. "අම්මෝ... අම්මෝ.... බනී... 😡 ඔයා හිතන් ඉන්නේ ඔයා saint කෙනෙක් කියලද??? ඔච්චර.... ඔච්චරටම අනිත් අයට හොද වෙන්න යන්න එපා.😣😣 අනිත්  අය ඔයාගෙ ඔය හොඳ කමෙන් ප්‍රයෝජන ගන්නවා පෙන්නෙ නැද්ද බනී ඔයාට...."😖😖
බෝගෙ ඒ කතාවට ශාන් මුකුත් උත්තරයක් නොදී බිම බලන් හිටියෙ බෝ කියන්නෙ ඇත්ත කියල එයාත් දන්න නිසායි. "ඒත්... ඒත් බෝ මට බැහැ එහෙම කෙනෙක්ව රිද්දවන්න...." ශාන් එහෙම කියුවෙ හුඟක් දුකෙන් කියල බෝට තේරුනා. ඇත්තටම ශාන්ටත් එහෙම වෙන්න ඕන නැති උනත් ඒ තමා ශාන්ගෙ ස්භාවය කියල බෝත් දැනන් හිටියා. බෝ හිමීට ආයෙ ශාන්ගෙ අතින් අල්ලගත්තා. " අනේ සමාවෙන්න බනී.... මම හිතල නෙමෙයි කියුවේ. මට බය හිතුනේ ඒ යකින්න ඔයාට මොනව හරි කරයි කියලයි. මමත් ඔයාගෙ ආසම දෙයක් තමා ඔයාගෙ ඔය අහිංසක හිත. සමාවෙන්න වෙන්න ඔයාගෙ හිත රිද්දුවාට...." බෝ එහෙම කියල ශාන්ගෙ පිටට තට්ටුවකුත් දාල ආයෙත් එයාගෙ සුපුරුදු දඟකාර විලාසයෙන් ඒත් ගොඩක් ස්ථීරව මේ ටිකත් කියුවේ ශාන්ගෙ හිතට සැනසීමක් එක් කරමින්..."ඔයා ඔයාට කැමති විදිහකට යැන්ග්සි එක්ක ඉන්න. එයා ඔයාට මුකුත් කරදරයක් කරන්න හැදුවොත් ඒක මම බලාගන්නම්.... තේරුනාද මගෙ බනී...." බෝ අන්තිම ටික කියුවෙ නම් ශාන්ගෙ ඇස් වලට එබිල බලාගෙන. ශාන් බෝගෙ ඒ වචනත් එක්ක ඇස් වලිනුත් හිනා වෙමිනුයි බෝගෙ ඇස් දිහා බැලුවේ.... ශාන්ගෙ ඒ හිනාව බෝව වෙනම ලෝකෙක අතරමං කලා.

Love You More - Completed Where stories live. Discover now