Chapter 35

416 85 4
                                    

බෝගෙ කේන්තිය තවමත් අඩු වෙලා නම් තිබ්බේ නෑ. ඒ නිසාමයි බෝ ශාන්ගෙ අත අයින් කරලා එතනින් අයින් වෙන්න හැදුවේ. හැබැයි ශාන් අද බෝට එච්චර ලේසියෙන් යන්න දුන්නෙ නම් නෑ. එයා බෝගෙ ඉන වටේට අත් දෙක දාල බෝගෙ පිටට හේත්තු උනේ එයාගෙ ඔලුව බෝගෙ පිටට හේත්තු කරලා. ශාන් එහෙම ඉදන්ම කතාකරන්න ගත්තේ ඇත්තටම එයාටත් දැන් බෝගෙ පහස උවමනා වෙච්ච නිසයි. "බොබො.... අහන්නකො.... මම ඔයාගෙ විතරයි. ඔයාගෙ විතරමයි. වෙන කිසි කෙනෙකුට දෙන්න තරම් මගේ හිතේ ඉතුරු නෑ.... මගෙ මුලු හිතේම ඉන්නෙ මගෙ Lio විතරමයි. ඔයාට මාව විශ්වාසයි නේද...??? ඉතිං ඇයි මේ කලබල වෙලා..... ම්ම්ම්ම්.... " ශාන් එහෙම කියල එයාගෙ නාසයෙන් හිමින් සැරේ බෝගෙ පිට පුරා සියුම්ව ගෙන ගියා.

ශාන්ගෙ වචන එක්ක බෝගෙ තරහව අඩු වෙද්දි මේ දැනෙන ශාන්ගෙ පහස බෝට එයාගෙ පාලනය නැතිකරන්න සමත් උනා.

ශාන්ගෙ අතින් අල්ලලා බෝ ශාන්ව එයාගෙ ඉස්සරහට ගත්තේ ශාන්ට හිතන්නවත් තත්පරයක් නැති වෙද්දීයි.
"අහ් බෝ... " ශාන්ට කෑගැහුනේ බෝ එයාගෙ අතින් තද කරලා අල්ලගත්ත විදිහට එයාට ගොඩක් රිදුන නිසයි. "ඇයි.... රිදුනාද...???" බෝ අහන්නේ ශාන්ගෙ අත අත් හරින්නේම නැතිවයි. ශාන් වේදනාවෙන්ම ඔව් කියල ඔලුවෙන්ම උත්තර දුන්නේ බෝගෙ විලාසය හරි නෑ කියල තේරුනා නිසාමයි. "අත් හරින්නකො..." ශාන්ගෙ වේදනාත්ම ආයාචය බෝටත් රිදුමක් උනත් බෝ ශාන්ව අත් හැරියේ නෑ තාමත්.... "දන්නවාද බනී මට අද ඔයිට වඩා ගොඩක් රිදුනා කියල....." බෝගෙ ඇස් වල දැන්නම් කදුලු පිරිලා තිබ්බා. එයා ඒ එක්කම ශාන්ගෙ අත අත් හැරලා ගිහින් ඇඳෙන් වාඩි උනා. ශාන්ට බෝගෙ මේ හැසිරීම ගැන පුදුමයක් තිබුනේ නෑ. ශාන් මේ විදිහටම මේ දේවල් බලාපොරොත්තුවෙන් තමයි හිටියේ. බරැති සුසුමක් හෙලපු ශාන් ගිහින් වාඩි උනේ බෝගෙ උකුලෙන්. බෝගෙ බෙල්ල වටේ අත් දෙක යවපු ශාන් ඔලුව බෝගෙ පපුවට තද කරත්තේ ඒ හද ගැස්මට සවන් දෙමිනුයි. "සමාවෙන්න...."ශාන්ගේ ඒ සරල ඒත් හුඟක් දේවල් ගැබ් වෙලා තිබ්බ වච්නයත් එක්කම බෝට දැනුනේ එයාගෙ පපුව තෙත් වෙන බවකුයි.
ශාන්ව ඉක්මනට එයාගෙ පපුවෙන් අයින් කරන්න බෝ උත්සාහ කරද්දි ශාන් තව තවත් ඒ පපුවට තුරුලු උනේ හා පැටියෙක් වගේමයි.
බෝගෙ මූනේ සුන්දර හිනාවක් ඇදුනේ "බනියෙක්ම තමා ...." කියන වචන කටින් පිට වෙනවත් එක්කමයි. "අඬන්න එපා තව...."බෝ එහෙම කියල ශාන් ඔලුව අතගන්න ගත්තා. ශාන් නම් තවමත් චූටි බබෙක් වගේ බෝගෙ උකුලෙ ඉදන් බෝට තවත් තුරුලු උනා. 
ශාන්ගෙ ඇඩිල්ල ටික වෙලාවකින් නැති වෙද්දී ශාන් බෝගෙ පපුවෙන් මෑත් උනා. බෝ මුකුත් නොකියා තවමත් ශාන්ගෙ ඔලුව අතගාමිනුයි හිටියේ.
ශාන් ඔලුව උස්සනවා දැක්කම බෝ ශාන්ට දුන්නේ කාටවත් ලේසියෙන් හම්බෙන්නෙ නැති ශාන්ට විතරක්ම උරුම බෝගෙ ඒ ලස්සන හිනාව...

Love You More - Completed Where stories live. Discover now