Chapter 20

567 108 7
                                    

ශාන්ව දාල එයාගෙ අපාර්ට්මන්ට් එකට ගිය බෝ අද දවසෙ සේරම මතක එයාගෙ diary එකේ ලියුවෙ පුදුම ආසාවෙන්. ශාන්ට call නොකර msg එකක් විතරක් දැම්මෙ ශාන් නිදි නම් ඇහරවන්න ඕන නැති නිසයි.

ඒත් ශානුත් ඒ වෙද්දිත් නිදාගෙන හිටියෙ නෑ එයා හිටියෙ එයාල දෙන්නා පලවෙනි දවසෙම එකට ගත්ත photo ටික බලන ගමන්. එතකොට තමා බෝගෙ msg එක ආවෙ. බෝගෙ msg එකේ කියල තිබ්බ සුභ සිහින දකින්න කියලයි. ශාන් බෝට "එහෙනම් මගෙ හීනෙට එන්න" කියල රිප්ලයි එකක් යවලා ගියෙ නිදාගන්න. ශාන්ගෙ රිප්ලයි එක දැක්කම බෝට හිනා ගියා. හීනෙන් හරි ඔයා ගාවම ඉන්න තියනවා නම් හිතින් මුමුනපු බෝත් නිදාගන්න ගියා.

සතියක කාලයක් මේ විදිහට ගෙවිලා ගියෙ දෙන්නට මුනගැහෙන්න අවස්ථාවක් නොදීමයි. හැබැයි දෙන්න නවීන තාක්ෂණයට පින් සිද්ද වෙන්න call වගේම video call වලින් පුලුවන් හැම වෙලාවකම සම්බන්ධ උනා. ශාන් කියන්නෙ අහිංසක කෙනෙක් නම් නෙමෙයි කියලායි මේ සතියක කාලය තුල බෝ හිතන්න පෙලඹුනේ. ඇත්තටම එහෙම හිතන්න සාධාරණ හේතුත් ඉතිං තිබ්බා. මොකද කියුවොත් හැමදාකම ශාන්ට බෝ එක්ක රන්ඩු වෙන්න දෙයක් නම් තිබුනා මොනා නැතත් 😂😂 බෝ ගෙන් වරදින පුංචි වචනයක් ඇති ශාන්ට බෝ එක්ක රන්ඩු වෙන්න. ශාන්ම බැනලා අන්තිමට එයාම අඩනවනෙ ඉතිං බෝ ඒ වෙලාවට කලේ කටත් උල් කරන් ඇසුත් කරකව කරකව බනින බනී දිහා ඇස් චූටි කරන් ආදරෙන් බලන් ඉන්න එක විතරයි. පස්සේ ඉතිං ඇස් වල කදුලු පුරවගන්න බනීව සනසවන්න බෝ මේ ටික කලෙට හොදටම ඉගන ගත්තා. බෝ දැන් හොදටම දන්නවා බෝ ගෙ පුංචිම පුංචි ආදරණීය වචනෙකට පුලුවන් කියල එයාගෙ බනීගෙ ඕනම කේන්තියක් නැති කරල දාන්න. ඉතිං එයා බනීට කේන්ති ගිය හැම වෙලේකම කලේ එයාගෙ තරු ඇස් චූටි කරන් අහිංසක විදිහට ශාන් දිහා බලන් හිටිය එක. ශාන්ගෙ තිබ්බ ලොකුම දුර්වලකම තමයි බෝ ගෙ දිලිසෙන තරු ඇස්... ඒ ඇස් ඉස්සරහදි ශාන්ට කියන්න ඉන්න කිසිම දෙයක් මතක් උනේ නෑ....😜
බෝ ගෙ දඟකාර කතා වලින් වගේම එයාගෙ ආදරණීය හොයාබැලීම් වලට ශාන්ගෙ මුලු හිතම ආදරෙන් පිරුනේ ශාන්ගෙ බැනුම් වල ගැබ් වෙලා තිබ්බ ආදරෙන් බෝගෙ හිත පිරෙද්දීයි. ❤

මේ විදිහට ගෙවිල ගිය සතියක අවසානයෙදි ඒ දෙන්නට ආයෙත් හම්බෙන්න අවස්ථාවක් හම්බුනා. ඒ තමා අලුත් ඩ්‍රාමා එකේ වැඩක්. මේක තිබ්බෙ බෝ ලට අයිති හොටෙල් එකක් වෙච්ච ශැංහයි හොටෙල් එකේමයි. ශානුයි බෝ යි හම්බෙන්න පෙරුම් පුරද්දි හෙට යැන්ග්සි බලන් හිටියෙ ආයෙත් බෝව හම්බෙන්න අවස්තවක් ලැබෙන එක ගැන සතුටින්.

Love You More - Completed Where stories live. Discover now