Chapter 13

588 121 6
                                    

වෙනද වගේම ශාන් බලන් හිටියෙ බෝ කතා කරනකන්. වෙලාව විනඩි 5ක් විතර පරක්කු වෙද්දි ශාන්ගෙ හිතට බයක් දැනෙන්න ගත්තා. ඒත් එයාට බෝට call එකක් ගන්නත් බෑ. මොකද එයාගෙ හැඟීම් බෝට තේරුනොත්.... phone එකත් අතේ තියන් ශාන් එයාගෙ කාමරයේ වටේ ඇවිදින්න ගත්තෙ නොසන්සුන් හිත සන්සුන් කරගන්න. ඒ එක්කම එයාගෙ phone එක රින්ග් වෙන්න ගත්තා. Call එක කාගෙන්ද කියල දැක්කම ශාන්ගෙ හිතට පුදුම සැනසීමක් දැනුනේ ඒත් එක්කම අර ලස්සනම ලස්සන හිනාව එයාගෙ මූනෙ ඇදුනා... කියන්න දෙයක් නෑනෙ ඉතිං ආයෙ ඒ කතා කලේ බෝ තමා.

අන්සර් කරපු ගමන් ශාන්ගෙ කටින් පිට වෙච්ච වචන ටික ශාන්ට පුලුවන් නම් මොනා කරල හරි ආයෙ ඇතුලට දා ගන්න එයා මොනා කරලා හරි ඒ දේ කරනවා.... එච්චර දෙයක් කරන්න එයා මොනාද ඇහුවේ☺️ "ඇයි පරක්කු උනේ...." ගත්ත ගමන් බනීගෙ ටිකක් තරහ ගිය කටහඩ එක්ක වගේම ඇහුව වචන ටික නිසා බෝට හිතා ගන්න බැරි උනා ඇයි මෙහෙම කියන්නෙ කියල බනී.... ඒ එක්කම වෙලාව දැක්කම බෝ තේරුනා මොකක්ද උනේ කියල. "ඔයා බලන් හිටියද මගෙ බනී පැටියො මම ගන්නකන්"  බනීගෙ උත්තරේ උනේ ඉතිං වෙනද වගේම නෑ කියන එකයි. ඒත් මේ වෙද්දි බෝට ටිකක් තේරුම් ගිහින් තිබ්බා බනී එයා ගැන ටිකක් හිතනව කියල.  මේ විදිහට කතාව ගලාගෙන ගියෙ දෙන්නටම වෙලව ගැන තේරුමක් නැතුවම පාන්දර 1ත් පහුවෙද්දි. මේ අතර බෝ ඇහුවෙ " බනී ඔයා හෙට එනව නේ. මම 7.30 වෙද්දි හෝල් එකට යනවා. ඔයත් එන්න ඉක්මනටම. මම බලන් ඉන්නවානේ"    
      එහෙම කියපු බෝ හිනා උනේ හිතට දැනුන අසීමිත සතුට නිසයි. තවත් ටිකක් වෙලා දෙන්නත් එක්ක  ටිකක් කතා බහ කරලා නිදා ගන්න ගියා.  පහු වෙනිදට එයාට ආයෙත් ශාන්ව දකින්න පුලුවන් නේද කියල හිතන ගමන්. ශාන්ටත් බෝගෙ ඒ ආඩම්බරකාර මූන දකින්න පුදුම නොඉවසිල්ලක් තිබ්බෙ. Phone එකෙන් කතා කලත් ශාන්ට තාම පොඩි අමුත්තක් දනුනා ගොඩ කාලෙකට පස්සෙ බෝව හම්බෙන්න යන නිස වෙන්න ඇති කියලයි ශාන්ට හිතුනේ.

               කියපු වෙලාවටම බෝ ඇවිත් බෙල්ල කරකව කර කව හොයන්නෙ ශාන් එන්නෙ කීයටද කියලයි. ඊලඟට ආපු කාර් එක  ශාන්ගෙ කියල හිතන් දුවන් ආපු බෝ දැක්කෙ ශොර්ට් ස්කර්ට් එකකට් ස්ලීව් ලෙස් බ්ලව් එකක් ඇදන් මේකප් නාගෙන වැනි වැනී එන යැන්ග්සිව. බෝව දැක්ක ගමන් ලගට දුවන් ආපු යැන්ග්සි බෝව hug කලේ බෝට හිතන්නවත් වෙලාවක් නොතියායි. ඒ එක්කම ආපු කාර් එකෙන් බැස්ස ශාන් දැක්කෙ බෝට තුරුල් වෙලා ඉන්න යැන්ග්සිව .......

...................................................................................

මොනව වෙයිද ළමයි ...???
කතාව පොඩ්ඩයි නම් සොරි හොදේ....

රූ...❤️

Love You More - Completed Where stories live. Discover now