Chapter 53

353 75 7
                                    

යැන්ග්සි ගෙදර ගිය ගමන් කලේ එයාගෙ කාමරේට වෙලා ශාන් කරන්න දෙයක් කල්පනා කරපු එක අන්තිමට එයා හිතාගත්තේ ටිකක් කාලයක් මුකුත් නොකර ඉන්නවා කියලයි. මොකද කියුවොත් මේ වෙලාවෙදි ශාන්ට බඩේ අමාරුවක් හැදුනත් ඒකට එයාව සැක කරන්නේ කියල එයා හොඳින්ම දැනන් හිටියා.
'තව ටික කාලයක් ඉන්නකො ශාන් ඔයා මගෙන් බේරිලා...." යැන්ග්සි එහෙම එයාගෙ හිතින්ම හිතාගත්තේ හිතින් ශාන්ගෙ රූපෙ මවාගෙන පුදුම කේන්තියකින්...
යැන්ග්සි ශාන් එක්ක මේ තරම්ම තරහෙන් ඉන්න තව හේතුවක් තිබුනා... එයා තදින්ම විශ්වාස කලා ශාන් නිසා තමයි එයාට බෝව නැති උනේ කියල... බෝ එක්කත් ලොකු තරහක් තිබුනත් දැන් චෙං සම්බන්ධ උනාම ආයෙමත් බෝ එක්ක තියන තරහට වඩා ශාන් එක්ක තියන තරහ වැඩි උන එකයි සිද්ධ උනේ....

ශාන් එක්ක තිබ්බ තරහ වගේම චෙං නිසා කැළඹිලා තිබ්බ එයාගෙ හැඟීමුත් ඔක්කොම ටිකකට පැත්තකින් තියන්න එයා තීරණය කලේ චෙං ගැන එයාට දැන් මොන විදිහෙ හැඟීමක් දැනුනත් දැන් වැඩක් නැති නිසයි.
කොහොමත් එයා marry කරන්න ඉන්න කෙනාව හම්බෙන්න යන්න තිබ්බ සති 2කින්.....
............................................................................................

මේ අතරෙදි කාලය ගලාගෙන ගියෙ හරිම ඉක්මනට. දවස් 5ක කාලයක් ගත උනේ ඇසිල්ලක වේගයෙනුයි. මේ දවස් 5හේදි ඩ්‍රාමා group එකේ අයට කලින් හිටිය පිස්සු හැදුන බෝවයි ශාන්වයි දැකගන්න ලැබුනා... මුලු ඔක්කොමල්ලාටම ඒක සතුටක් උනා... මොකද ඒ දෙන්න වෙන් වෙලා හිටිය මුලු කාලෙදිම දෙන්නාට දෙන්න විඳවපු විදිහ එයාල එයාලගෙ ඇස් වලින්ම දැකලා තිබුන නිසයි.

"බනී....බනී..... බා..නී....." බෝ මේ set එක හතර වටේම බනීව  හොයන්නේ එයා එක්කම කෑම කන්න යන්නයි....
ශාන් හිටියේ ඩ්‍රෙසින් රූම් එකෙයි.... එයා මේ makeup remove කරන ගමනුයි හිටියේ.... මොකද එයාට තව වැඩකට යන්න තිබුන නිසා... අදට එයාට නියමිත රූගත කිරීම් ටික ඉක්මනට ඉවර කර ගත්තෙ.... ඇත්තටම ඉතිං එයා උදේ ඉදන්ම මුකුත් කාලා බීලත් නෑ.... ඒත් දැන් එයාට කන්න තරම් වෙලාවකුත් ඉතිරි වෙලා තිබුනෙත් නෑ.... ඒ අතරෙදි තමා ශාන්ට බෝගෙ මේ බෙරිහන් දෙන සද්දෙ ඇහුනේ...
ශාන්ට උදව් කර කර හිටිය staff එකේ අයගෙ මූනෙත් අමුතු හිනාවක් ඇදෙද්දී ශාන්ගෙ මූන රතු වෙලා ගියේ ලැජ්ජාවටමයි...  බෝගෙ බෙරිහන්දීම නතර නොවෙද්දී ශාන් කට්ටියට excuse කරලා එලියට ගියේ බෝගෙ කටහඬ ඔස්සෙයි....
"මෝඩ බෝ.... අද... අද ඔයාව කනවා මම lunch dinner දෙකටම එකට...." ශාන් මුමුණන මුමුණන හොයන්නෙ බෝවයි.... එයාට තවත් බෝගෙ කටහඬ ඇහෙන්නෙත් නැති වෙද්දි ශාන් ආයෙමත් හැරුනේ අනිත් පැත්තට යන්නයි... ඒත් එක්කම එයාව එක අතකට අහු උනේ ශාන් ගැස්සිලා යද්දිමයි... මොකද ලඟ පාතක වෙන කිසිම කෙනෙක් හිටියේ නෑ කියල එයාට හොදටම විශ්වාස නිසයි.... ඒ නිසාමයි එයාගෙ ඇස් පුදුමයෙන් වගේම බයෙන් ලොකුම ලොකුවට ඇරිලා තිබුනේ.....
ඒත් එක්කම එයාව බිත්තියට හේත්තු උනේ ඒ ආගන්තුකයා කවුද කියල ශාන් අදුන ගද්දිමයි.... ඔව්.... ඔව් ඉතිං ලස්සන හිනාවක් එක්ක ශාන්ගෙ ඇස් දෙකේ ගිලෙන්න ඉඩ ඉල්ලන බෝ....  ඒත් ඒ ලස්සන හිනාව සරාගී එකක් වෙන්න ගියෙ නම් බොහොම පුංචිම පුංචි කාලයක්....
ශාන්ට හිතන්නවත් කාලයක් ඉතුරු නොකර ඒ තොල් වලට බර උන බෝගෙ සිප ගැනීම ඇත්තෙන්ම දරුණු උනා.... ඒ සිපගැනීම ශාන්ට එයාගෙ හුස්මත් නැති කලා.... එයා බෝගෙ කොන්ඩය අතරින් ඇඟිලි යවලා ඒ කෙස් වලින් අදින්න පටන් ගත්තෙ ඒ පහස දරාගන්න බැරිව එයා බෝව ඉවත් කරන්න හැදුවත් බොහොම ඉක්මනට ඒ තොල් පෙති අතරෙදි ආයෙමත් අතරමං උනා......
අන්තිමට ශාන්ගෙ දෙතොල් බෝ අතහරිද්දී ශාන්ගෙ යටි තොල මත බෝගෙ ආදරයේ පුංචි සලකුණක් ඉතුරු වෙලා තිබුනා....
බෝ ආයෙමත් ශාන්ගෙ දෙතොල් වලට බර උනේ ශාන්ගෙ පිය විලා තිබුන ඒ ඇස් වගේම ඒ හුස්ම ගන්න වේගය වැඩි නිසා උස් පහත් වෙන පපුව දිහා ටිකක් වෙලා බලාගෙන ඉදලායි....
මේ පාර නම් ශාන්ගෙ තොල් වලට දැනුනේ නම් මල් පෙත්තක් ගෑවුන ගානටයි... ඒ තරම්ම පරිස්සමටයි බෝ ශාන්ගෙ දෙතොල් අල්ලගත්තේ..... අන්තිමට තුවාලවුන තැන මත දිවෙන් යාන්තමට තෙත් කරලා කෙටි සිප ගැනුමක් mole එක මතත් සටහන් කරලා ශාන්ගෙ කන ගාවට ලං වෙලා කෙදිරුවේ මේ විදිහටයි "බනී දැන් ඇස් අරින්න.... මෙතන තව දුර යන්න බෑ.... කට්ටිය දැක්කොත්..." බෝ එහෙම කියල හයියෙන්ම හිනා උනේ ශාන්ගෙ මූන තවත් රතු වෙද්දීයී....
"ඒක හරි නම් මගේ dialogue එක බෝ......" ශාන් කියුවේ ලැජ්ජාව මඟහැරගන්න හිතාගෙනයි....
ඒත් කියන්න දුකයි මිත්‍ර වරුනි ඒකෙන් උනේ තවත් බනීම බයිට් උන එකයි...
"ඔව්... ඔව් බනී ඒක ඔයාගෙ dialogue එක වෙන්න තිබ්බා... ඒත් ඉතිං මූනම රතු කරන් ඇසුත් වහන් කටත් උල් කරන් ඉද්දි මට හිතුනා ඒක මමම කියන එක හොදයි කියල.....😂😂" බෝ අන්තිමට කියුවේ යන තැනක කාල යන්න එන්න කියලයි... ශාන්ට බෑ කියල කියන්න විදිහක් නොතිබ්බේ බෝ කලේ ඉල්ලීමක් නෙමෙයි අණ දීමක් නිසයි.....

ශාන්නුත් ඉතිං බෝගෙ පස්සේ වැටුනා... ඒත් එක පාරටම ශාන්ගෙ හිතට දැනුන දඟකාර අදහසක් නිසා හිමීට බෝට ලං උන ශාන් බෝගෙ අතක් තදින්ම කොනිත්තලා set එක පැත්තට දිව්වේ බෝ එයාගෙ පස්සෙන් පන්නද්දී.....

එකිනෙකාට ලං වෙමින් ‍රණ්ඩු වෙමින් තුරුලු වෙමින් මේ ගෙවුන කාලය ශාන්ට වගේම බෝට හුඟක් වටින ලස්සනම ලස්සන කාලයක් උනත් දෙන්නෙකුට ඒ විදිහට දැනුනේ නෑ....

පලවෙනිම කෙනා තමා චෙං බෝ ශාන්ට ලං වෙලා ඉන්න හැම වෙලාවකදිම ශාන්ගෙ අත් වල ගෙලේ සටහන් වෙලා තියන ආදර සලකුනු නැතිනම් love bites දකින හැම වෙලාවකදිම ඒ හිත හුඟක් ලොකු දුකකින් පිරුණා... මොකද චෙං ඉස්සරහදි ශාන් බෝ දෙන්නම හුඟක් නිදහසෙයි හැසිරුනේ.... මොකද චෙංගෙන් හංගන්න දෙයක් එයාලට නොතිබුන නිසායි.....

අනිත් කෙනා නම් ඉතිං යැන්ග්සි.... යැන්ග්සි හුඟක්ම දුක් උනේ ශාන්ගෙ ලස්සන හිනාව දකිද්දී තමා.... ශාන් කියන්නේ හැම වෙලේම වගේ හිනා වෙලා ඉන්න කෙනෙක් නිසා එයාගෙ කේන්තිය වැඩි උනා හොදටම...
ඒත් එයා හිත හදාගත්තේ එයා එයාගෙ ෆියොන්සෙව හම්බෙන්න යන්න ඉන්න දවසෙදීම කරන්න plan කරලා තිබුන දේ අනිවාර්යයෙන්ම හරියාවි කියල සතුටෙනුයි....

එයා ඒකට ඒ දවසම යොදාගත්තේ එතකොට එයාව කාටවත් අල්ලගන්න බැරි වෙන නිසයි....

ඒත් චෙංව දකින දකින් වාරයක් පාසාම එයාට හිතුනේ චෙං වෙනුවෙනුයි එයාගෙ හදවත ගැහෙන්නේ කියල......

.................................................................................
ළමයි යැන්ග්සි මොනවා කරයිද????

55න් කතාව නතර කරන්න තමා අදහස තියෙන්නේ .....
ඒ බැරි උනොත් 60ට තමා උපරිමයෙන්ම.....

රූ...❤️

Love You More - Completed Where stories live. Discover now