දවසෙ වැඩ ටික ඉවර කරලා කට්ටිය ගෙවල් වලට ගියාට අද නම් ශාන්ගෙවත් බෝගෙවත් හිත් වලට කිසිම සහනයක් දැනුනේ නෑ...
ශාන් එයා අද කරපු දේ නිසා බෝගෙ හිත රිදිලාද කියලා වගේම හෙට බෝගෙ kiss seen එක ගැන හිත හිත තැවෙද්දී බෝ නොසන්සුන් ගතියෙන් ඒ රෑ ගත කලේ ශාන් යැන්ග්සිව සිපගත්ත හැටි සැරෙන් සැරේ ඒ ඇස් ඉස්සරහ මැවි මැවී පෙනෙද්දී වගේම හෙට එයා කරන්න හිතන් හිටිය දේ හරිද වැරදිද කියල කල්පනා කරමින්.....
බෝශාන් සම්බන්ධතාවයෙදී හැම වෙලේම ඊරිසියාවෙන් දැවුන පුද්ගලයා උනේ මෙච්චර කාලයකට බෝ විතරයි. මොකද ශාන් කට්ටිය එක්ක සුහදව කටයුතු කලාට බෝ හැම වෙලේම ශාන්ගෙන් හැර අනික් හැම කෙනෙක් එක්කම කටයයුතු කරද්දි යම්කිසි දුරක් තියාගෙනයි කටයුතු කලේ. ඒත් අද... අද නම් ඊරිසියාවෙන් පිපිරෙන්නේ ශාන්.... යැන්ග්සි කියන්නේ කවුද කියන එක වගේම යැන්ග්සිගෙ හිතේ කලින් බෝ ගැන තිබ්බ කැමැත්ත නිසායි යා මේ ලතවෙන්නේ කියල ශාන් හිතාගත්තත් ඇත්තටම ශාන්ට උවමනා උනේ නෑ බෝ කිසිම කෙනෙකුට ලං වෙනවා බලන්න.... අන්තිමට එයාගෙ අදහස් සිතුවිලි එකඟ කරගත්ත ශාන්ට වැටහුනා එයා කොහෙත්ම බෝ වෙන කිසිම කෙනෙකුට එක අඩියකින්වත් ලං වෙනවාට අකමැති බව.....
"ඔයා මගේ විතරයි..... මගේ Lio..." කාලය එක්ක සන්සුන් වෙනවා වෙනුවට උනේ ශාන් තව තවත් නොසන්සුන් උන එකයි. බෝ හෙට යැන්ග්සිව සිපගනී කියල හිතෙද්දී ශාන්ට ඕන උනේ අද මේ රෑ මේ මොහොත නතර වෙලා තියෙන්නයි. උදා වෙලාත් නැති හෙට කියන දවසට ශාන් වෛර කලා. ඒත් අන්තිමට එයා හිත හදාගත්තේ
"නෑ කීයටවත්ම බෝ බෝ මාව රිද්දවනේ නෑ.... එයා කීයටවත්ම කොහෙත්ම අය යක්ශනීට ලං වෙන්නේ නෑ.... එයා එහෙම කරන්නේ නෑ....." මේ විදිහට හිතලයි.
ඒ වගේම එයාට බෝගෙන් සමාවත් ඉල්ලන්න ඕන උනා ඒත් යැන්ග්සිව kiss කලාට බෝගෙ ඊරිසියාවෙන් තොර හැසිරීමට එයා වෛර කලා "ඔයා මාව දැනටමත් අතැරලද බෝ.... මම මේ විදිහට හැසිරෙන්නේ ඔයාව මට වටින නිසාමනේ.... ඒත් මම මේ මොනවද හිතන්නේ එයා මාව අමතක කරලා නම් මම සතුටු වෙන්න එපැයි හරි නම්..." ශාන් ඇත්තටම ශාන්ගෙ හැඟීම් තුලම පැටලිලයි හිටියේ.... එයාට ඒ කිසි දේක අගක් මුලක් තේරුනේ නෑ....
ඒත් එයා එක දෙයක් දැනන් හිටිය එයාට කොහෙත්ම බෝ වෙන කෙනෙකුට බොරුවට වත් ලං වෙනවා බලන්නවත් බෑ කියල...