Special Chapter

800 117 58
                                    


"බෝ ඔය එළවළු ටික සෝදලා දෙන්නකෝ... කුස්සියේ හිටියා කියල වැඩකුත් නෑනේ.... කිසි දෙයක් කපන්නවත් දන්නවා කියලාද ඉතිං මේ බෝබෝ..." ශාන් අන්තිම ටික කියුවේ බෝගෙ දිහා ඇස් යටින් හොරෙන් බලන ගමනුයි. ශාන් හොදටම දන්නවා බෝ එයාට උයන්නා බැරි එක ගැන හුඟක් ලැජ්ජා වෙනවා කියල...
ශාන් හිතුවා හරියටම හරි ශාන්ගෙ අන්තිම වචන ටික එක්ක බෝගෙ මූන ඇදවෙලා ගියේ හරියට කරත්ත රෝදෙකට අහුවුන කජු ලෙල්ලක් වගෙයි....😂😂 බෝගෙ මූන ශාන්ගෙ මූනට හිනාවක් ගෙනාවත් ශාන් බොහොම අමාරුවෙන් ඒ හිනාව පාලනය කරගත්තේ දැන් ශාන් හිනා උනෝතින් බෝට දුක හිතෙයි කියලයි... මොකද ඉතිං ඇත්තටම කියුවොත් බෝ මාසයක් විතර කුකරි clz එකකටත් online සහභාගි උනා. අන්තිමට බෝ දවසක් kitchen එකෙන් ශාන්ව එලවලා දැම්මෙ එදා උයන්නේ එයා කියලයි.... ඉතිං ශාන් යුවාන් එක්ක පාර්ක් එකට ගියේ එයා කොච්චර උදව් කරන්නම් කියුවත් බෝ එපාමයි කියපු නිසයි... අන්තිමට අනේ ශාන් ගෙදර කෑම කෙසේ වෙතත් එද්දි මුලු කුස්සියම අපායකට convert කරලා තියන්න නම් බෝට පුලුවන් වෙලා තිබුනා.... එදා ඉදන් බෝ බිත්තරයක් බැද්දත් ශාන් එයාගෙ පස්සෙන් ගියේ safety first කියලා මතක් කරගෙනයි.
කොහොමින් කොහොම හරි කෑම ටිකත් හදලා ශාන් වැඩට ඉන්න කට්ටිය ලව්වා ගෙදර සම්පූර්ණයෙන්ම අස් කලා... මොකද අද චෙංලා එයාලගෙ ගෙදර එනවානෙ....

බෝ චෙං දෙන්නා නම් මේ වෙද්දි හොඳම හොඳ යාලුවො වෙලා හිටියා... ඒත් ඉතිං තාමත් චෙං ශාන් එක්ක ටිකක් වෙලා කතා කරකර ඉද්දි බෝගෙ මූන ඊරිසියාවෙන් පිරිලා යනවා...

යැන්ග්සි ශාන් දෙන්න අතරත් මේ වෙද්දි හොඳ බැඳීමක් තිබුනා... දෙන්නට දෙන්නා නොදැක්ක ඉන්නකන් ඒ දෙන්නාගෙ ආදරය පුදුමාකරයි... හැබැයි ඉතිං හම්බුන වෙලේ ඉඳන් සෑම පැය භාගයකට වරක් වලියක් අනිවාර්යයි...

දරුවො දෙන්නා නම් ඇත්තටම ආදරෙන් හිටියා... සහෝදරයින් නොවුනත් ඒ දෙන්නා අතර ඊටත් වඩා ලොකු ගැඹුරු බැඳීමක් තිබුනා....

චෙංලා ආවෙ දවල් කෑමටයි... කෑම ටික අද ශාන් එයාගෙ අතින්ම විශේෂයෙන් හැදුවේ යැන්ග්සි ආයෙමත් මේ වෙද්දි pregnant නිසාමයි....
ආපු වෙලේ ඉදන්ම යුවාන් මියැන් මියැන් එක්ක සෙල්ලමට වැටුනා... කෑම කනකන් විතරයි ඒ දෙන්නා ගෙයි රැදුනේ...
කෑමෙන් පස්සෙ බෝ චෙං එක්ක එලියට ගියෙ චෙංගෙ අලුත් වාහනය බලන්නයි...
යැන්ග්සි සහ ශාන් ගෙයි ඇතුලෙ රැදුනේ යැන්ග්සිට මහන්සි කියපු නිසයි...
ටික වෙලාවක් යද්දි චෙංනුයි බෝයි ගේ ඇතුලට කලබලෙන් දුවන් ආවෙ ගේ ඇතුලින් ආපු ඒ සද්දෙ එක පාරටම වැඩි වෙච්ච නිසයි....

Love You More - Completed Where stories live. Discover now