"මාව අමතක කරන්න....." ශාන්ගෙ කතාවෙ සාරාංශය එච්චරයි.....වර්තමනය.....
බෝ එයාගෙ කදුලු පිහදාගෙන නැගිට්ටේ හිතේ එකම එක දෙයක් තියාගෙනයි.... ' මම ඔයාව විශ්වාස කරනවා බනී.... ඔයාට මතකද ඔයා මට කියපු කතාව එදා පලවෙනි වතාවට ඔයගෙ හිත රිදවපු දවසේ "මමම කියුවත් ඒ වචන විශ්වාස කරන්න එපා...." ඔව් අද ඔයාම කියුවත් මම ඒ වචන විශ්වාස කරන්නේ නෑ....මම හොයගන්නම් ඔයාගෙ මේ අමුතු හැසිරීමට හේතුව ඉක්මනින්ම...' බෝ එහෙම හිතුවත් එයාට එයාගෙ කදුලු පාලනය කරගන්න එයාටම බැරි උනා.
ශාන්ගෙ තත්වයත් මේහාම සමානයි. වෙනසකට තිබ්බේ බෝ හේතුව හොයාගන්න වෙහෙසෙන කොට ශාන් හේතුව හංගගන්න මහන්සි උන එක විතරයි. පහුවදා සේරම වැඩ cancel කරන්න සිද්ධ උනා දෙන්නාටම. මොකද දෙන්නාම අඬලා ඒ ඇස් හොදටම ඉදිමිලයි තිබ්බේ...
ඊට පහුවදා තමා අයේ අලුත් ඩ්‍රාමා එකේ ශූටින් තිබ්බේ... ශාන් බෝට මූන දෙන්න වෙනවාට බයෙන් ඇකිලෙද්දී බෝ නම් හිටියේ සතුටින් ඒ ශාන්ව එහෙම හරි දකින්න ලැබෙන එකට.
Shooting location එකේදි දෙන්නාව හම්බුනත් ඒ තරම් හොද සම්බන්ධකමක් තිබ්බෙ නෑ දෙන්න අතර ඒක මුලු group එක්ටම තේරුනා. බෝ ශාන්ගෙ පස්සෙන් කොච්චර ආවත් ශාන් බෝව ගනන් ගන්නේ නැති ගානටයි හිටියේ.
මේ සේරම හොදටම වෙනස් උනේ යැන්ග්සි location එකට ආවට පස්සෙයි.යැන්ග්සි ආපු ගමන් දුවලා ගිහින් එල්ලුනේ ශාන්ගෙ අතෙයි. මේ වෙන දේවල් දැක්කම බෝට විතරක් නෙමෙයි මුලු grp එකටම පිස්සු හැදෙන්න වගෙයි දැනුනේ. බෝගෙ ඇස් කෙලින්ම යොමු වෙලා ශාන්ගෙ අතේ පැටලිලා තියන යැන්ග්සිගෙ අත ගාවටයි. ඒක බෝට විතරක් නෙමෙයි ශාන්ගෙ හිතටත් ගොඩක් ගොඩාක් වේදනාකාරී අවස්ථාවක් උනා.
මේ විදිහට කාලය දින සති වලින් ගෙවිලා ගියේ ඒ දෙන්නාට ඒ දෙන්නාවම අහිමි කරමින්. එදත් පුරුදු විදිහට ශූටින් කරන තැන rehearsal එකක් ගියා බෝගේ. ශාන් හමදාම වගේ බෝ දිහා බලන් හිටියේ බෝට හොරෙන්. අදත් එහෙම ඉද්දි කොහෙදෝ සිටිය යැන්ග්සි දුවන් ඇවිත් ශාන්ගෙ අතක එයාගෙ අතක් පලවගත්තේ බෝට පෙන්නමයි. ඊට පස්සේ එයා ශාන්ගෙ උරහිසෙන් ඔලුව තියාගත්තේ මෙහෙම කියන ගමන්මයි. "ඔයා දන්නවානෙ දැන් අපේ අද ශූටින් එක මොකක්ද කියල...... අද තමා ඩ්‍රාමා එකේ හැටියට අපේ පලමුවෙනි වගේම අවසාන කිස් seen එක කියල. " යැන්ග්සිගේ ඒ වචන ටික බෝටත් ඇහුනා.... ඒත් එක්කම අවධානය ගිලිහුන නිසා බෝගෙ අත අනිත් කෙනා අතේ තිබ්බ පිහියට කැපුනා.ඒක දැක්කගමන් ශාන් එතනට දුවලා යන්න ගියත් යැන්ග්සි ශාන්ට කතා කලේ යන්න එපා කියලායි. ඒත් බෝගෙ වේදනාවෙන් පිරුන මූන දැක්කම ශාන්ට කොහෙත්ම බැරි උනා තවත් එහෙම එතන ඉන්න. එයා බෝ ගාවට දුවලා ගිහින් බෝගෙ අතින් අල්ලගන්න හැදුවත් බෝ ශාන්ගෙ අත ගසලා දාල ගියේ ශාන්ගෙ ඇස් වල පිරිච්ච කදුලු දැක්කත් නොදැක්ක ගානට. 1st aid දාල බෝට ටිකක් rest එකේ ඉන්න දීලා ඩිරෙක්ට ආවේ යැන්ග්සි එක්ක ඉතුරු ටික ශූට් කරන්නයි. ශාන්ටත් ඒ වෙලාවෙ මුකුත් තිබ්බේ නැති නිසා ශාන් හිමීට බෝව බලන්න ගියෙ යැන්ග්සි නැති එකට හිතින් ස්තූති කරමින්...
ශාන් යද්දී බෝ හිටියේ ඇස් පියාගෙනයි. බෝගෙ එකම රිද්මයකට ඉහල පහල යන පපුව දැක්කම ශාන්ට තේරුනේ බෝට නින්ද ගිහින් කියලයි. ශාන් ඒ නිසායි තවත් බෝ ගාවට කිට්ටු උනේ. ඇත්තටම බෝට නින්ද ගිහින් තිබ්බේ නෑ.... මේ විදිහට බෝ හිටියේ ශාන්ව බලාපොරොත්තුවෙන්නුයි.
ශාන් ගිහින් බෝගෙ අතේ බෙහෙත් දාලා තිබ්බ තුවාලය දිගේ ඇඟිලි තුඩු ගෙනිච්චෙ ඒ ඇස් වල ආයෙත් අලුතින් කදුලු පුරවගෙන බෝට නොදැනෙන්නයි. ඒත් ශාන් එක පාරටම ගැස්සුනේ නොහිතපු විදිහට බෝගෙ ඇස් ඇරුන නිසයි. ශාන් ඉක්මනින් එතනින් යන්න උත්සාහ කලත් බෝ ශාන්ගෙ අතින් ඇදලා ගත්ත පාරට ශාන් නතර උනේ බෝගෙ උකුල උඩයි.
ඒත් එක්කම බෝ ශාන්ගෙ මූනෙන් තද කරලා අල්ලන් තව තවත් ශාන්ට ලං උනේ ශාන් ඇඳ.මුල්ලේ තවත් යන්න තැනක් නැතිව හිර වෙද්දීයි.
"මොනවා බලන්නද ආවේ....??? තාම මැරුනේ නෑ....." බෝගෙ වචන වලින් ශාන්ගෙ තැලිලා තිබ්බ හිත තවත් තුවාල උනා. එයා ආයෙත් උත්සාහ කලේ බෝගෙන් අයින් වෙන්නයි. ඒත් ඒ උත්සහයත් බෝ ව්‍යර්ථ කලේ ශාන්ව තව තවත් බෝගෙ ඇඟටම හිරවෙද්දීයි.
ශාන්ගෙ බයෙන් වෙවුලන තොල් ඉස්සරහදි බෝට එයාවම control නැති උනා.....
"යැන්ග්සි එක්ක kiss seen එකක් තියන නිසාද අද ඔච්චර සතුටෙන් ඉන්නේ..... ඒත් ඉතිං ඔයා තාම දන්නේ නෑනේ හරියට kiss කරන විදිහ.... කෝ එන්න මම ආයෙත් සැරයක් ඔයාට freeම කියල දෙන්නම්......" එහෙම කියල සරදම් හිනාවක් මවාගත්ත බෝ ශාන්ගෙ තොල් වලට අර උනේ ශාන්ට හිතන්නවත් වෙලාවක් ඉතුරු නොකරයි. මුලදී ශාන් බෝගෙන් ගැලවෙන්න උත්සාහ කලත් වෙනදා වගේම බෝගෙ පහස හමුවේ එයාටත් නොදැනීම කීකරු උනේ බෝගෙ හැඟීම් තවත් අවුලුවමින් හීන් කෙදිරියක් එක්කමයි. ශාන්ගෙ අත් බෝගෙ ගෙල වටේ එතෙමින් ඒ කෙහෙරැල් එක්ක දඟ කරද්දී ඒ දෙන්නාම හිටියේ වෙනම සිහින ලෝකෙක....
විනාඩි 10කට කිට්ටු කාලයක් එක දිගට පිස්සුවෙන් වගේ ශාන්ගෙ දෙතොල් මත දඟකරපු බෝගෙ තොල් ශාන්ගෙ තොල් වලින් මිදුනත් ශාන්ගෙ පියවුන ඇස් ඇරුනේ තවත් විනාඩියකට විතර පස්සෙයි.
"මගේ විතරයි ඔයා බනී...." බෝ ශාන්ගෙ කනට කරලා එහෙම කියද්දී ශාන් බෝගෙන් මිදිලා එලියට දිව්වේ රතු වෙච්ච මූනෙන්මයි. ශාන් දුවලා යනවා බලන් හිටිය බෝගෙ තොල් මත සියුම් හිනාවක් රැදුනේ හිතින් මෙහෙම හිතන ගමන්මයි..... "ඔයානම් මට හේතුව කීයටවත් කියන්නෙ නෑ කියල දන්නවා බනී..... මමම හොයාගන්නම්...."..................................................................................
බෝ හොයාගනීද ලමයි හේතුව?????
රූ...❤️