Chapter 15

573 121 5
                                    

ශාන්ගෙ දිගටි දෙතොල් වලට පහලින් තියන පුංචි උපන් ලපය මත මුලින්ම තොල් තද කල බෝ  එයාගෙ දිවෙන් mole එක තවත් තෙත් කලා. ශාන්ගෙ මූන රතු වෙලා ශාන්ගෙ තොල් වෙව්ලන්නට උනේ බෝගෙ උණුසුම තවත් අයදිමින් වගෙයි. බෝ මුලින්ම රිදුමක් ඇති නොවන විදිහට ශාන්ගෙ තොල් පෙති සිපගන්න ගත්තා. හැබැයි දෙන්නටම මේක අලුත් අත්දැකීමක් උනා. බෝ ඩ්‍රාමා වලදි කොතෙකුත් නිලියන් සිපගෙන තිබුනත් ඒ කිසිම වෙලාවකදි බෝගෙ හිත හැඟීම් වලින් මේ වගෙ පිරිලා තිබුනෙ නෑ. ශාන්ගෙ නම් මේ පලමුවෙනි වතාවයි. බෝගෙ සියුමැලි දෙතොලෙ සිහින් පහස ශාන්ව සිහින ලෝකෙකට ගෙනිච්චා. ඒ ලෝකෙ හිටියෙ ඒ දෙන්න විතරමයි.

බෝගෙ ග්‍රහනය ක්‍රම ක්‍රමයෙන් දරුණු වෙද්දි ශාන්ගෙ මුවින් සියුම් කෙදිරිලි හඬක් නික්මුනා. ඒත් ඒ කෙදිරිලි හඬ බෝගෙ මුව තුල ගිලිල ගියේ බෝගෙ හැඟීම් තවත් තියුනු කරන ගමන්......
            බෝගෙ සිප ගැනුම වඩාත් දරුණු වෙද්දි ශාන්ට එය වේදනාවක් උනත් ශාන්ට බෝගෙ පහසින් මිදෙන්න බැරි උනා. ශානුත් නොදැනුවත්වම බෝගෙ බෙල්ල වටා එයාගෙ අත් දෙක දාපු ශාන් බෝගෙ සිනිදු කෙස් අතරින් එයාගෙ දිග ඇගිලි අරන් ගියෙ බෝව තවත් නොසන්සුන් කරමිනුයි. ශාන්ගෙ ලා රත් පැහැ තොල තද රතු පාටක් වෙලා තිබ්බෙ බෝගෙ දඟ වැඩ වලට පින් සිද්ද වෙන්නයි. ශාන්ගෙ තොල් වලින් එයාගෙ තොල් මුදවගත්ත බෝ පිස්සුවෙන් වගෙ ශාන්ගෙ මුලු මූනම සිපගත්තා. නලල, ඇස් දෙක තියුනු නහය, ආයෙමත් mole එක..... ඒ සිප ගැනීමට නැවැත්මක් තිබුනෙ නෑ. ඒත් බෝ එයාගෙ හරි කල්පනාවට ආවෙ ඩිරෙක්ටගෙන් එයාට ආපු call එකක් නිසයි.

                   "ඔයාල කොහෙද ඉන්නෙ??? ඉන්න තැනකින් ඉක්මනට එන්න මේ වැඩේ අද ඉවරකරන්න ඔනෙ... බෝගෙ phone එකේ සද්දෙ නිසාම ඇස් ඇරපු ශාන් දොරත් ඇරන් ඉක්මනට දුවන් ගියෙ ලැජ්ජ හිතුන නිසයි. එක පාරට දුවලා ආපු ශාන්ව දැක්ක්ම යැන්ග්සි ශාන්ට රැවුවෙ ශාන්ව පුච්චල දාන්න පුලුවන් බැල්මක් ශාන් දිහාවට පා කරලයි.
මේ අතර බෝත් මෙතනට ආවා. ඒ ඇවිත් එයාගෙ තොල් අග ඇගල්ලකින් අතාගාන ගමන් ශාන් දිහා බලලා මනමාල හිනාවක් පා කලා.....
බෝගෙ අගිල්ල බෝගෙ තොල් මත එහෙ මෙහෙ යද්දි ශාන් ආයෙමත් කලින් වෙච්ච සිද්දිය තුල හිරවුනා. එයා එයාගෙ රතු උන මූන බිමට හරව ගත්ත.
මේ සේරම දිහා යැන්ග්සි බලන් හිටියෙ ගිනි පිට වෙන ඇස් වලින්....

...................................................................................

රූ...❤️

Love You More - Completed Where stories live. Discover now