Chapter 47

396 84 5
                                    


"බනී යන තැනක මගේ ඇදුම් ටික තියලා යන්න...." තාමත් නිදි කියලා හිතපු බෝගෙ කටහඬ ශාන්ගෙ කනට ඇහෙද්දී ශාන් බය වෙලා ආයෙත් බෝගෙ මූන දිහා බලද්දිම ලඟ තිබුන ස්ටූල් එකේ පැටලිලා ශාන්ව වැටුනේ මුලු කාමරේම ඒ සද්දෙට දෙදරද්දීයී. තමාත් ඇස් පියන් හිටිය බෝත් ඇස් ඇරියේ ඒ සද්දෙට ගැස්සිලා.
බෝ බලද්දී ශාන් හිටියේ බිම වැටිලා... ඒත් එක්කම ශාන් නැගිට්ටේ එයාගෙ කොන්දත් එක අතකින් අතගාගන්න ගමන්මයි...😖😖
"ආවු..."🐰🐰

මුලින්ම බෝ ශාන්ට තුවාලයක් උනාද කියල බය උනත් එහෙම නෑ කියල තේරුනම ශාන්ගෙ මූන දැක්කම බෝට එයාගෙ හිනාව පාලනය කරගන්න බැරි උනා...
බෝ හිනා වෙන හැටි දැක්කම ශාන්ටත් තිබ්බ සේරම අමතක උනා. "හිනා වෙන්න එපා....😡.... මෝඩ බෝබෝ...😡" ශාන්ගෙ මේ වචන ඇහෙද්දි නම් බෝගෙ හිනාව තවත් වැඩි උනා..... තමන් මේ බෝට හොරෙන් පැනලා යන ගමන් කියන එකත් අමතක උන තැන ශාන් බෝගෙ ඇඟට පැනලා බෝට අත් දෙකෙන්ම ගහන්න ගත්තා.. ඒත් බෝ අත් දෙකම අල්ලගත්ත නිසා ශාන් කලේ බෝව හපපු එක....
අන්තිමට බෝ ශාන්ව ඇඳමත හිර කලේ ඒ අත් දෙක ශාන්ගෙ හිසට උඩින් තියලා අල්ලගෙනයි...
මෙච්චර වෙලා කේන්තියෙන් දඟලපු ශාන්ගෙ වගේම සිනහ වෙමින් හිටපු බෝගෙ කටහඬවල් වලින් පිරිලා තිබුන කාමරය පුදුම තරම් නිශ්ශබ්ද තැනක් උනා.... ශාන් ඒ වෙලාවෙයි හරි සිහියට ආවෙ ආයෙත්....
"අත් අරින්න මාව.... මොන එහෙකටද මාව මෙහෙ ගෙනාවෙ...??? යන්න දෙන්න යීබෝ... මට යැන්ග්සි හම්බෙන්න යන්න තියනවා...." බැරිම තැන ශාන් යැන්ග්සිගෙ නමත් use කලේ එතකොටවත් බෝඑයාව අතහරී කියල හිතලායි.
"ඔයාට ඊයෙ කියපු කරපු මුකුත් මතක නෑ වගේ නේද බනී...." මෙච්චර වෙලා නිශ්ශබ්දව හිටපු බෝගෙ කටින් ඒ වචන පිට වෙද්දී ශාන්ගෙ මූන බයෙන් පිරුණා. 'මම එයාට මුකුත් කියුවාද?? කියුවා නම් ඒ මොනාද..???? මම කලේ මොනාද??' ශාන් පුලුවන් හැම විදිහකටම කල්පනා කලත් එයාට මතක් උනේ කෑලි කෑලි මතක් ගොන්නකුයි....

එකපාරටම ශාන්ගෙ මූණටම ලං උන බෝ ශාන්ගෙ කන් වලට ලං වෙලා කියුවේ.." මාට ඉන්න නොදී මාව කෑව මතක නැද්ද?? බොරු නම් මේ බලන්න මගෙ අත් දිහා... ඔයාගෙ දත් පාරවල් ...." ශාන්ගෙ ඇස් ඒ දත් පාරවල් මත නතර වෙද්දී ශාන්ගෙ මූන ලැජ්ජවෙන් රතු උනා....

Love You More - Completed Tempat cerita menjadi hidup. Temukan sekarang