Chapter 50

402 90 7
                                    

බෝගෙ දිහා ඕන තරම් වෙලා බලන් ඉන්න ශාන්ට පුලුවන් විශේෂයෙන්ම බෝට නොදැනෙන්න නොපෙනෙන්න බලන් ඉන්න එක තමා එයා කරන්නේ.... ඉතිං අදත් ඒවගේ අවස්ථාවක් ලැබිලා ශාන්ට. ඒත් ඉතිං එහෙම ඉන්න තරම් වෙලාවක් නම් තිබුනේ නෑ දෙන්නට.... මොකද අද ආයෙම දෙන්නටම ශූටින්..... ඒක මතක් උන ගමන් මෙච්චර වෙලාවක් ශාන්ගෙ හිතේ රැදිලා තිබුන සතුට අතුරුදහන් උනේ ක්ෂනයකින්. මොකද ආයෙම යැන්ග්සිව මතක් උනේ දැනුයි එයාට...

මොනවා උනත් මොන ප්‍රශ්නෙ ආවත් ආයෙමත් මොන විදිහකටවත් බෝව එයා අතාරින්නෙ නෑ කියල මේ වෙද්දි ශාන් තීරණය කරලා තිබුනා... මොකද මේ ප්‍රශ්නෙ හින්දා එයාට රිදුන විදිහ එයා බෝව රිදවන්න ගිහින් ආයෙමත් එයාම රිදවගත්ත  විදිහ, බෝට රිදුන විදිහ බෝ එයාව රිදවන්න ගිහින් බෝත් එයාටම  රිදවගත්ත විදිහ... මේ හැම දෙයක්ම උනේ එයාගෙ ඒ එදා ගත්ත තීරණය නිසා කියල එයා දැනන් හිටියා.. ඒ නිසා එයාට කිසිම විදිහකින් ඒ විදිහෙ දෙයක් ආයෙමත් කරන්න ඕන උනේ නෑ....

ටිකක් වෙලා බෝගෙ මූන දිහාම බලන් ඉදලා බර හුස්මක් පිට කරපු ශාන් බෝව ගොඩක් පරිස්සමට එයාගෙ ඇගෙන් අයින් කලේ බෝට තව ටිකක් වෙලා නිදාගන්න ඉඩ දීලයි....

"මොනව උනත් ඒ වෙන හැම දේටම ශක්තිමත් විදිහට මූන දෙනවා...." ශාන් එහෙම හිතලා එයාගෙ සුපුරුදු බනී හිනාව මූනෙ තවර ගත්තා. බෝගෙ මූනට පහත් වෙලා ඒ නලල මත දෙතොල් තද කලේ ශාන්ගෙ හිතේ බෝගෙ ගැන තියන ආදරය වචන වලින් නැත්ත හරි අපූරුවට ඒ හාදුවෙ ගැබ් කරලයි. ඊලගට ඉක්මනට washroom එකට ගියේ wash දාගන්නයි...
එයා එලියට එනකොට බෝ ඇහැරිලා තිබ්බා.... ඒත් තාම බෝ ඇඳ උඩ වාඩි වෙලා හිටියේ ඒ ඇහැරුන විදිහටමයි... බෝගෙ කොන්ඩෙ පැත්තෙන් පැත්ත කෑලි කෑලි ඉස්සිලා තිබ්බා වගේම ඒ ඇසුත් තාමත් විවර වෙලා තිබුනෙ ඉතිං බාගෙට කටත් ඇද කරන් ඉන්න බෝව දැක්කම ශාන්ට ඉබේම හිනා ගියා.... ශාන්ගෙ හිනාවේ හඬ ඔස්සේ බලපු ඇස් අරන් ගිය බෝ ශාන්ගෙ දිහා බලන් හිටියේ කලින් විදිහටම තමා හැබැයි ඒ බෙල්ල පොඩ්ඩක් ඇද කරලා බලන් ඉන්න බෝ දැක්කම ශාන්ට හිතුනේ 'cute 🦁' කෙනෙක් කියලයි.

"බෝබෝ මම ඔයාගෙ ඇදුමක් ගන්නවා.... " එහෙම කියාගෙන wardrobe එකට යන්න ගිය ශාන් නතර උනේ බෝ අහපු ප්‍රශ්නෙ නිසයි....
"මෙච්චර උදෙන්ම..... කොහෙද බනී ඔයා යන්න යන්නේ...."
ශාන් ටිකක් වෙලා බය වෙලා වගේ බෝ දිහා බලන් ඉදලා බෝගෙ ගාවට ඇවිත් ඒ නලලට අත තියලා බැලුවෙ ශාන්ගෙ හැසිරීමෙන් බෝ confuse වෙද්දීයි.
"ඇයි ඇයි මොකද???? මට උන නෑ... බනී ඔයාට මොකද උනේ මේ එක පාරට....?? ඊයෙ රෑ බැරි වෙලාවත් ඔලුවවත් වැදුනාද කොහෙ හරී...??" බෝ ආයෙම එහෙම කියුවට පස්සේ තමා ශාන්ගෙ කටින් උත්තරේ පිට උනේ....
" මගේ නෙමෙයි ඔයාගෙයි ඔලුව වැදිලා තියෙන්නේ... අද ශූටින් මම ගෙදර ගිහින් එන්න එපැයි...."
ටිකක් වෙලා කල්පනා කරපු බෝ ශාන්ට කියුවේ එයා එක්කම යමු කියල... එයාගෙ ඇදුම් ගොඩක් දුරට එයාගෙ බනීට හරියන නිසා ප්‍රශ්නයක් නෑ කියලයි එයා කියුවේ.... ටිකක් වෙලා කල්පනා කරපු ශාන් බෝගෙ යෝජනාවට කැමති උනේ කොහොමත් දැන් එයා එයාගෙ ගෙදර ගිහින් එනකොට ශූටින් වලට පරක්කු වෙනවා කියල තේරුන නිසයි.
හැබැයි දෙන්නටම එලියට බහින්න බැරි තව ප්‍රශ්නයක් තිබුනා... ඒ තමා දෙන්නාගෙම  ඇඟ පුරා සටහන් වෙලා තිබුන ඒ ආදරයේ සලකුණු.....

Love You More - Completed Where stories live. Discover now