Chapter 24

522 99 6
                                    

                        * 🔞 18+ warning 🔞*   

ටිකක් වෙලා බෝගෙ තොල් මත එයාගෙ තොල් තද කරන් හිටපු ශාන් බෝගෙ යටි තොල හැපුවෙ ලේ එන්නමයි... මෙච්චර වෙලා පුදුම වෙලා හිටිය බෝ දැනුන වේදනාවත් එක්ක තමා ආයෙ හරි සිහියට ආවෙ. "ආවු...." ශාන්ගෙ ඈත් වෙනගමන් කියුව නෙමෙයි කියවුනා බෝට. ශාන්ගෙ නම් කට කොනකට ලාවට හිනාවක් ආවා. බෝ ආයෙමත් ඇස් දුකෙන් බර කරගත්තෙ වෙච්ච දේට එයා තාමත් ගොඩක් පසු තැවුන නිසයි. "සමාවෙන්න මට..." ඒ ඇස් වලින් කදුලු කඩන් වැටෙද්දී බෝ කියුවා. තාමත් ඇදේ වැතිරිලා ඉන්න ගමන්ම ශාන් බෝගෙ බෙල්ල වටේට අත් දෙක දාල තවත් බෝව එයා ගාවට ලං කරගත්තා.

"ආදරෙයිද මට..??" ශාන් ඇහුවෙ ඇස් හංගන්න උත්සාහ කරන බෝගෙ ඇස් වලට එබෙන්න උත්සාහ කරමිනුයි...බෝ ඔලුව ඉහල පහල වැනුවෙ තාමත් ඇස් හංගගෙනයි.
"ආයෙ මාව අවිශ්වාස කරන්නෙ නෑ නේද???" මේපාර බෝ ඔලුව දෙපැත්තට වැනුවෙ නෑ කියන්නයි.
          "මාව අවිශ්වාස කලත් කවමදාකවත් ආයෙ මගෙ ආදරේ අවිශ්වාස කරන්න එපා Lio... කවදා හරි දවසක මමම කියුවත් ඒ වචන විශ්වාස කරන්න එපා..." ශාන් අන්තිම ටික කියද්දි එයාගෙත් කටහඬ බිදුනා. එතකොට තමා බෝ ඇස් උස්සල ශාන්ගෙ ඇස් දිහා බැලුවෙ. ශාන් ඔලුවත් පැත්තට හරවන් බෝ දිහා බලලා අර එයාගෙ ලස්සනම ලස්සන බනී හිනාව දැම්මා.
"මගේ බනී.... මගෙ විතරමයි නේද ඔයා....??" බෝ අහන්නෙ ශාන්ගෙ කම්මුල් දෙක අත් වලින් අල්ලගෙනයි.

ඒත් එක්කම ශාන්ගෙ මූනෙ ඇදුනෙ දඟකාර හිනාවක් "ඉතිං එක්ක තහවුරු කරගන්න..." ඒ වචන ටික ඉවර වෙද්දීම ආයෙ බනී බෝගෙ මූනට ආයෙත් තවත් ලං වෙන්න ගත්තා. බෝටත් බනීගෙ උණුසුම ඕන වෙලා තිබ්බත් එයා ශාන්ව අයින් කරලා ඉක්මනට ඇඳෙන් නැගිට්ටෙ මෙහෙම කියාගෙනයි. "ඔයාට සනීප නෑ... තව ටිකක් වෙලා නිදාගන්න" කලබල වෙලා හිටියත් බෝ එහෙම කියුවා. "අද මොකද මේ මෙයාට වෙලා තියෙන්නෙ..." බෝ එහෙම හිතුවෙ හිතින්..

බෝ හිටියේ ඇඳෙන් අනිත් පැත්තට හැරිලයි. ශාන් නැගිටල ගිහින් පොඩ්ඩක් දණ්හිස් වලින් පහත් වෙලා බෝගෙ බිමට බර උන ඇස් දිහා බලලා කියුව දේ තමා ශාන් අද කරගත්ත ලොකුම මෝඩකම. "ඔයා බයයිනේ.... ඔයා මට වඩා බාලයිත් එක්කනෙ....." ඊට පස්සේ බෝගෙන් ටිකක් ඈතට ඇවිදන් යන ගමන් ආයෙත් ශාන් මෙහෙම කියුවා "අර චෙං නම් මට වඩා වැඩිමල්.... එයා" ශාන්ට ඉතුරු ටික කියාගන්න ලැබුනේ නැත්තෙ බෝ එයාව ඇදලා බෝ ගාවට ගත්ත නිසයි.

Love You More - Completed Where stories live. Discover now