ශාන් හිටියෙ නෑ සෝෆා එකේ. ඒත් බෝට එයාගෙ කාමරයෙන් ශාන්ගෙ කටහඬ ලාවට වගේ ඇහුනා... බෝ ඉක්මනට කාමරයට දිව්වේ ශාන් පඩිපෙල නැගගෙන කෙලින් යන්න තරම් හොඳින් හිටියේ නැති නිසායි. බෝ යද්දී ශාන් හිටියේ බෝගෙ කාමරයෙ ගහලා තිබ්බ බෝගෙ photo එක එක්ක ලොකු කතාවක... බෝ ශාන්ට පේන්න යන්නේ නැතිව බලන් හිටියෙ කටත් උල් කර කර කියවන ශාන් දිහා ආදරේ පිරුණු ඇස් වලිනුයි...
" මෝඩ බෝබෝ.... නෑ එයා මෝඩ නෑනෙ.... නපුරු Lio.... ඔව් ඔයා නපුරුම නපුරුයි.... ඔයා ඇයි බෝ එහෙම යැන්ග්සිට ලං උනේ.... මම එයාව kiss කරපු නිසාද??? ඒත් බෝ.... මම එහෙම කලේ.... එහෙම කලේ.... බෑනේ මට ඒක ඔයාට කියන්න බෑ.... සොරී..... තරහයින්ද ඔයා මාත් එක්ක බෝබෝ.... අනේ මට ඕනෙ නෑ.... මට ඕන නෑ ඔයාගෙන් එක තත්පරයකටවත් ඈත් වෙන්න.... ඒත් ඒත් මට බෑ... මට බෑ ඔයාගේ ජීවිතේ විනාස කරලා දාන්න... හීහීහී.... බෝබෝ kiss එකක් දෙන්නද..???"
ශාන් බෝගෙ photo එක අත් දෙකෙන්ම බදාගෙන photo එකට kiss එකක් දීලා ආයෙම photo එකෙන්ම ඔලුව ගහගත්තේ ලස්සන හිනාවක් මූනෙ ඇදෙද්දී " ආදරෙයි බෝ.... මගෙ ජීවිතේටත් වඩා...." ශාන්ගෙ අන්තිම වචන ටිකත් එක්ක බෝගෙ ඇස් තෙත් වෙලා තිබ්බා. ශාන් කියපු හැම දෙයක්ම එයා අහන් හිටිය නිසා එයාට ශාන් ගැන දැනුනේ ලොකු දුකක් වගේම පොඩි කේන්තියක්... "එතකොට ඔයා මේ ඔක්කොම කලේ මට මොනව හරි වෙයි කියලයි.... ඒත් ඔයා කොහොමද ඒ විදිහට මගේ ජීවිතේ ගැන තීරණය කලේ මගෙන් ඈත් උනාම මම සතුටින් ඉදීවි කියල..."
ශාන්වත් එක්කන් washroom එකට ගිය බෝ ශාන්ගෙ මූන සෝදවලා එයාගෙ ඇදුමක් ඇන්දුවේ එයාත් මූනම සෝදගෙන ඇදුම් මාරු කරගෙනයි...
බෝ ශාන් ගාවට ගිහින් අතින් අල්ලන් එක්කන් ඇවිත් ශාන්ව ඇඳ උඩින් වාඩි කරවලා බෙහෙත් පෙත්ත බොන්න දුන්නේ ශාන් තවමත් හරි සිහියෙන් නෙමෙයි හිටියෙ නිසයි.
බෝ ශාන්ගෙ අත උඩින් බෙහෙත් පෙත්ත තිබ්බාම ශාන් බෝ දිහා බලලා අහිංසක විදිහට හිනා වුනත් එක පාරටම ආයෙත් ඇස් පොඩි කරලා photo එක දිහායි බෝ දිහායි මාරුවෙන් මාරුවට බලලා එක පාරටම හයියෙන්ම කෑගහන්න ගත්තේ බෝවත් බය කරලා...
"බනී ඇයි මේ.... ඇයි ඔයා කෑගහන්නේ... කොහෙ හරි රිදෙනවාද???" බෝට ප්‍රශ්න ගොඩයි...