Chapter 22

511 111 7
                                    

බෝගෙ පිටි පස්සෙන් ආපු යැන්ග්සි බෝගෙ ඇඟිලි තුලින් එයාගෙ ඇඟිලි දාල අල්ලගත්තා. සාමාන්‍යයෙන් මේ වගේ වෙලාවකදි බෝ වෙනදට කරන්නෙ යැන්ග්සිගෙ අත අත් අතාරින එකනේ. ඒත් බෝ අද කලේ යැන්ග්සිගෙ අත තවත් තදින් අල්ලගෙන ශාන්ලාගෙ ගාවට ඇවිදන් ආපු එකයි. බෝ යැන්ග්සි එක්ක ඉස්සරහට තියන පියවරක් ගානෙ ශාන් ටිකෙන් ටික පිටිපස්සට ගියා. අන්තිමට එයා නැවතුනේ චෙංගෙ ශක්තිමත් අත් වල හිර වෙලයි. තවත් චෙංට කුතුහලයෙන් හිතන්න දෙයක් තිබ්බෙ නෑ ශාන්ගෙයි බෝගෙයි සම්බන්ධය ගැන... ශාන්ගෙ ඇස් වල කදුලු ඒ ටික හොදටම කියලා දුන්නා එයාට. බිම බලන් චෙංගෙ අත්වලට තාමත් මැදි වෙලා ඉන්න ශාන්ව දැක්කම බෝට තවත් තරහයි. එයාට ඕන උනේ ශාන්ව ඇදලා අරන් එයාට තුරුලු කරගන්නයි. ඒත් ශාන් මේ කරපු දේ.... "ඔයාල දෙන්නා යුනිවර්සිටි එකේදි ඉදන්ම ගොඩාක් ගොඩාක් ලඟ යාලුවො වෙන්න ඇතිනේ.." තරහ එක්ක ඊරිසියාව පිරිච්ච බෝගෙ ඒ වචන ටිකට ශාන් ඇස් උස්සලා බෝ දිහා බැලුවෙ බලාපොරොත්තු කඩ වෙච්ච බැල්මකින්....

තවත් එතන රැදෙන්න ශාන්ට පුලුවන් උනේ නෑ එයා මුකුත්ම නොකියා එතනින් ආයේ ඇතුලට යන්න ගියේ චෙං බෝ දිහා බලලා රවද්දී. ඒත් චෙංට බෝ එක්ක කතා කරන්න විදිහක් තිබ්බෙ නෑ. මොකද ඒ වෙද්දිත් ශාන් ගොඩක් දුරට ගිහින් තිබ්බා. චෙං දැනන් හිටියා ශාන් ඉන්නෙ ගොඩක් දුකෙන් කියල. බෝට රවපු විදිහටම යැන්ග්සිටත් රවල චෙං ශාන්ගෙ පස්සෙන් හොටෙල් එක ඇතුලට දිව්වා.

චෙං එතනින් ගිය ගමන් බෝ යැන්ග්සිගෙ අත ගසලා දාල එයාගෙ අත් දෙකෙන්ම ඔලුව අල්ලන් එතනම බිමින් ඉදගත්තා.  ශාන් ගිය දිහා බලපු යැන්ග්සිගේ මූනට ආවෙ සරදම් සිනහවක්...

බිම වාඩි වෙලා හිටිය බෝ නැගිටිද්දී ආයෙත් යැන්ග්සි බෝගෙ අත අල්ලගන්න ගියත් බෝ ඒකට ඉඩ දුන්නෙ නෑ එයාට. ඊලගට බෝ ආයෙත් හොටෙල් එක ඇතුලට යන්න ගියෙ ශාන්ව හම්බෙලා මේ ගැන අහන්නයි. එයා කරපු දේ ගැන බෝ දැනටමත් පසු තැවුනා.

හෝල් එකේ කොහෙවත්ම ශාන් පේන්න හිටියෙ නෑ. චෙං හිටියෙත් නෑ. බෝගෙ තරහ ආයෙත් මතු උනා. "එයා එහෙනම් චෙං එක්ක යන්න ඇතිනෙ කොහෙහරි" බෝගෙ හිත, එයාට එක එක දේවල් කියල තව තවත් අවුල් කලා. ඒතකොටම එතනින් ආපු ඩිරෙක්ට බෝගෙන් ඇහුවෙ ශාන්ට මොකක්ද තිබ්බ අසනීපෙ කියලයි. බෝ ඔලුව වනලා කියුවෙ දන්නෙ නෑ කියලායි. "ඔයාට මුකුත් කියලත් නෑ. චෙංට වත් ශාන් මුකුත් කියලා නෙමෙයි ගිහින් තියෙන්නෙ. මටත් msg එකක් විතරයි දාල තියෙන්නේ. මේ ළමයට අමාරුයිද දන්නෙ නෑ" ඩිරෙක්ටගෙ කටින් මේ වචන ටික පිට වෙද්දිම බෝ ඩිරෙක්ට දිහාට හැරිලා ඇහුවෙ චෙං එක්ක නෙමෙයිද ශාන් ගියෙ කියලා. "නෑ යීබෝ. චෙංනුත් දැන් ටිකකට කලින් මගෙන් ඇහුවා ශාන් ගැන එයා phone එකත් ඕෆ් කරන්...."

Love You More - Completed Where stories live. Discover now