ශාන්ගෙ ඇස් වලට අහුනොවෙන ගානක දුරට ශාන් යනකන් පොඩි වෙලාවකට යැන්ග්සිට නිදහසේ හුස්මක් ගන්න පුලුවන් උනත් ශාන් චෙංගෙ දෑස් වලින් ඈත් වෙද්දීම කේන්තිය පිරුණු ඒ ඇස් යැන්ග්සිගෙ දිහාවට හැරුනේ යැන්ග්සිගෙ ඇස් බයටම අහක බලද්දීයි. යැන්ග්සිගෙ ඇස් වල කවදාවත්ම නැතුව කදුලු පොරකෑවෙ මොන හේතුවටකටද කියල හරියටම එයාටවත් හිතාගන්න බැරි උනා... මොකද එයාට ශාන් එක්ක කේන්තිය වගේම ජීවිතේ කිසිම දවසක නොදැනුන පුදුම අසරණකමක් දැනුනා.... ඒත් එයා පරාජය පිලිගන්න ලෑස්ති උනේත් නෑ.... ඒ නිසාමයි තාමත් එයා චෙංගේ අත්වලට හිර වෙලා තිබුන එයාගෙ අත් ගලවගන්න උපරිමයෙන් උත්සාහ කලේ.... ඒ අත් වලින් මිදෙන්න යැන්ග්සිගෙ උත්සාහය වැඩි වෙන තරමට චෙංගෙ අත් වලට තව තවත් හිර උනා... ඇත්තටම ඒ ග්රහනය තරමක් වේදනාකාරී එකක් උනා....
"මම හිතන්නේ මිස් යැන්ග්සි මම ඔයාට කලින් දවසකත් කියුවා ඒ දෙන්නාට පාඩුවෙ ඉන්න දෙන්න කියල.... අමතක උනාද ඒ warning එක මෙච්චර ඉක්මනට.... " චෙං එහෙම අහද්දි යැන්ග්සි වේදනාවෙන් අපහසුවෙන් උනත් චෙං දිහා බැලුවේ උපහාසය මුහු වෙච්ච බැල්මකින්....
" මිස්ටර් චෙං ඔයා ගාව ඒ වීඩියෝ එක නැතිකොට මම මොකටද තවත් බය වෙන්න ඕනේ....." යැන්ග්සිගෙ ඒ උත්තරේ නිසා චෙංගෙ හිතේ තිබ්බ ප්රශ්නයට උත්තරේ හම්බුනා....
" ඒ කියන්නේ මම හිතුවා හරි.... ඒ ඔයා නේද ??? මගෙ දේවල් හොරකම් කෙරෙවුවේ...." චෙං උත්තර දුන්නේ කිසිම පුදුමයකි තොරවයි... චෙං මේ තරම් දුරට පුදුම නොවෙද්දී යැන්ග්සිට පුදුම හිතුනේ චෙං එයා ගැන එච්චර දන්නේ කොහොමද කියලායි..... ඒත් චෙං එයාගේ නරකම පැත්ත දන්නවා කියල හිතට දැනෙද්දී එයාට පොඩි දුකකුත් දැනුනා....ඒ ගැන එච්චර හිතන්න කාලයක් නොතිබ්බේ චෙං ඒ එක්කම ආයෙත් කතා කරපු නිසයි... "මිස් යැන්ග්සි මාව සෑහෙන්න underestimate කරලා වගේ... ඒ වීඩියෝ එක නැති උනත් තව වීඩියෝ එකක් හදන්න අමාරු නෑනේ... " එහෙම කියල ඉවර වෙද්දිම චෙං යැන්ග්සිගෙ මුව මතට පහත් උනේ යැන්ග්සිට වෙන්නේ මොකක්ද කියල හිතාගන්න බැරි වෙද්දීයි.... තත්පර කිහිපයකින් පස්සේ චෙං ඒ දෙතොල් වලින් මිදුනේ තාමත් බය වෙලා වගේ හුස්ම ගන්නත් අමතක වෙලා ඉන්න යැන්ග්සි දිහා බලලා කට කොනකින් හිනා වෙලායි...
ඊලඟ තත්පරේදි යැන්ග්සි ආයෙමත් හරි සිහියට ආවෙ චෙං එයාට පෙන්නපු photo එක නිසයි... ඒකෙ තිබ්බේ දැන් චෙං එයාව සිපගද්දි ගත්ත photos වගයක් තමා ඒ තිබ්බේ.... ඒ ටික දැක්කම යැන්ග්සි රතු උනේ ලැජ්ජාවෙන් වගේම කේන්තියෙන්නුත් උපරිමයටම ලඟා වෙලා...
" මම දන්න හැටියට නම් මිස් යැන්ග්සි ලඟදීම engage වෙන්න ඉන්නේ නේද?? ඒකත් ගොඩක් ලොකු politicians කෙනෙක්ගෙ පුතෙක් එක්ක.... කොහොමද මේ ටික release උනොත් දැන්...." චෙං කියන්නේ photo අයෙමත් ආයෙමත් බල බලයි...