වසර 8කට පසු...(ඕස්ට්‍රේලියා ඇඩිලෙයිඩ් වල.....)බෝ යුවාන්ගෙ school එකට ගියෙ එයාව අරන් එන්නයි...... බෝ school එකට ආවත් තවම school එක ඉවර වෙන්න පැය බාගයක්ම වගේ ඉතිරි වෙලා තිබුනා...
"අයියූ.... මම කියුවා පොඩ්ඩක් පරක්කු වෙලා යන්නම් කියල... කොහෙද ඉතිං.... මාව මරන් කන්න ගියානේ..... දැන් ඉතිං මොකද කරන්නේ..." බෝ මේ විදිහට හිත හිත වට පිට බැලුවෙ ඒ මුලු වෙලාවම කාර් එක ඇතුලෙ ඉන්න බැරි නිසයි... මොකද ඒ ග්‍රීෂ්ම කාලෙ නිසා හුඟක් රස්නෙයි.... එතකොට තමා එයා දැක්කේ පාරෙන් එහා පැත්තෙ තිබ්බ cafe එක. කාර් එක පාර්කින් එකට දාපු බෝ දෙපාරක් නොහිතම cafe එකට ගියෙ වෙන කරන්න දෙයක් නොතිබ්බ නිසයි.....
Cafe එකේ cashier එක ගාවට ගිහින් cake piece එකක් එක්ක cappuccino එකක් order කරපු බෝ table එකකින් වාඩි උනේ එයා school එක ගාවට ආව කියල එයාගෙ හිතාදර ජීවන සඟයාට msg එකක් තියන්න phone එක අතට ගන්න ගමනුයි.... බෝ msg එක type කරලා ඉවර වෙද්දි එයාට හරිම හුරු පුරුදු කටහඬක් ඇහුනා cashier එක ගාවින්...
බෝ ඔලුව උස්සලා බලද්දී දැක්කෙ චෙංවයි.... චෙංටත් වෙන්න ඇත්තෙ අනිවාර්යයෙන්ම තමන්ට වෙච්ච දේමයි කියල හිතාගන්න ඉතිං බෝට වැඩි වෙලාවක් ගියෙ නෑ....
චෙනුත් එයාගෙ order එක අරන් හැරෙද්දි බෝව දැක්කා... බෝව දැක්කම චෙංගෙ මූනෙ ඇදුනෙ මරු කතරට දිය පොදක් වැටුනා වගේ සතුටු හිනාවක් ඇදුනා.... බෝගෙ මූනෙත් ඉතිං සටහන් වෙලා තිබ්බේ ඒ වගේම බැල්මක් තමයි...චෙං ඇවිත් තිබ්බෙ එයාගෙ දූව school එකෙන් අරගන්නයි... ළමයි දෙන්නම එක වයසෙ නිසා බෝටයි චෙංටයි ටිකක් වෙලා කතාබහ කරමින් ඉන්න අවස්ථාවක් උදා උනා... දෙන්නත් එක්ක කතාව පටන් ගන්න යද්දිම .... චෙංගෙ phone එක ring උනා.... screen එකේ වැටිලා තිබ්බෙ wifey කියලයි.... ඒත් ඒ screen එක දැක්ක ගමන් චෙංට දාඩියත් දැම්මෙ school එක ගාවට ඇවිත් msg එකක් දාන්න කියල ගෙදරින් කියලා එවපු එක අමතක උනා කියල මතක් උනාමයි......
බෝ දිහා අසරණ බැල්මකින් බැලුව චෙං phone එක answer කලේ හුඟක් අහිංසක හුරතල් විදිහෙ කටහඬකට එයාගෙ කටහඬ convert කරගෙනයි....
"ඔව් බබා... මම මේ ආවා... ඔව් අනේ මම මේ ආව විතරයි.... තාම කාර් එකෙන් බැස්සෙවත් නෑ...." බෝ චෙං දිහා බලන් හිටියෙ 'අනේ පව්...' කියන look එකකින්... මොකද එයාටත් ඔය අත්දැකීම හොඳට පුරුදු එකක් නිසයි....
චෙංගෙ වෙලාවෙ හොඳකම කොච්චරක්ද කියනවා නම් ඒ වෙලාවෙදිම cafe එකට ආපු customer කෙනෙක් හෙන ගහන ගානට හයියෙන්ම එයාගෙ order එක කියුවා....
"බබා... නෑ... ඔව්... කාර් එකෙන් බැස්සා... " චෙං තවත් මොන මොනවද මන්ද කියන්න උත්සාහ කලත් අනිත් පැත්තෙන් call එක කට් වෙද්දි චෙං ගෙදර නොයා යන්න වෙන තැනක් කල්පනා කරන්න ගත්තේ අද නම් තත්වය සෝචනීයයි කියල දන්න නිසයි...
"යැන්ග්සි අවුල් ගියා නේද චෙං????" බෝ ඇහුවේ චෙංට සියලු දෙවි රැකවරණය මුලු හිතින්ම ප්‍රාර්ථනා කරන ගමන්මයි....
"ඔව් එයාට කොහොමත් කේන්ති යනවානේ pregnant නිසා තවත් කේන්ති යනවා වැඩියි...." චෙං කියුවේ ඉතිං තාමත් යැන්ග්සිව ශේප් කරගන්න කරන්න දෙයක් කල්පනා කරන ගමන්මයි..... ඒත් අන්තිමට චෙං හිත හදාගත්තේ කොහොමත් බැනුම් අහන්න වෙනවා කියල තේරුනාමයි...
............................................................................................
Flashback ...