බෝට හිතාගන්න බැරි උනා කරන්න ඕන මොනවද කියලා. එයාගෙ කකුල් දෙකම පණ නැති වේගන එන බවක් තේරුන නිසා එයා එතනම බිමින් වාඩි උනා.... එයාට එයා ඉන්නේ කොහෙද එයා කවුද දැන් මොනවද එයා කරන්නේ ඒ කිසිම දෙයක් සිහියට ආවෙ නෑ. ඒත් එයාගෙ ඇස් වලිනුත් තාම එක කදුලු බිංදුවක්වත් වැටුනේත් නෑ.... මොකද එයා තාමත් ඉන්නේ ලොකු shock එකකින් නිසයි.. බෝගෙ තොල් වලින් මිමිනුන එකම එක වචනය 'බනී... මගෙ බනී..' ඒත් ඒ වචනයවත් පිටට ඇහෙන විදිහට හයියෙන පිට උනේ නහයියෙන්මයි කෙඳිරීමක් විතමයි ඒ....
කාර් පාර්ක් එකට යන පාරෙ බිම වාඩි වෙලා තනියම මුමුනන බෝව දකින ඕනම කෙනෙකුට බය හිතෙනවා මොකද ඕනම කෙනෙකුට බෝව මේ විදිහට දැක්කොතින් හිතෙන්නේ බෝට පිස්සු කියලයි..... බෝගෙ ආරක්ශකයින් ඉක්මනට බෝව කාර් එක ඇතුලට දාගත්තෙ මේ විදිහට බෝව කවුරු හරි දැක්කොත් ඒක තව පැය බාගයක් යන්නත් කලින් ලොකු news එකක් වෙන නිසයි.... බෝව කාර් එක ඇතුලට දාගත්තට පස්සේ ඔක්කොමල්ලා බැහැල ගියෙ බෝට හුඟක්ම ලඟ ප්රධාන ආරක්ශකයා විතරක් ඇතුලෙ ඉතිරි වෙද්දීයි.... මේ වෙද්දි ඔක්කොමල්ලාම මේ ආරංචිය දැනන් හිටියා...
"සර්.... ඔයාට දුකයි කියල මම දන්නවා.... plz අඩුම ගානේ අඬන්න.... ඔහොම ඉන්න එපා... මට බය හිතෙනවා.... සර් ඔයා මේ වෙලාවෙ වැටිලා බෑ.... ශාන් සර්ට ඔයාව හුගක්ම ඕන මේ වෙලාවෙදි.... plz.... මොනවම හරි reaction එකක් දෙන්නකො.... " ආරක්ශක ප්රධනියා තවත් මොනවාද කියුවත් බෝව හරි සිහියට ගන්න ඒවා වලින් වචන කිහිපයකට පමණක් පුලුවන් උනා.... "...ශාන් සර්ට ඔයාව හුඟක්ම ඕන මේ වෙලාවෙදි ......." ඒව තමා ඒ වචන.... ඒ වචන ටිකත් එක්ක බෝ හිමීට ඇස් උස්සල එයා ඉස්සරහ වාඩි වෙලා දුකෙන් කලු වෙච්ච මූනකින් තාමත් කතා කරන එයාගෙ ආරක්ශක ප්රධානියා දිහා බැලුවා.... ඒත් එක්කම බෝගෙ ඇස් වලට කදුලු පිරුනා..... කිසිම වෙලාවක බෝගෙ ඇස් වල කදුලු දකින්න අකමැති අයගෙනුත් කෙනෙක් උනත් මේ වෙලාවෙදි බෝගෙ කදුලු එයාගෙ ආරක්ශක ප්රධානියාට ලොකු අස්වැසිල්ලක් උනා... මොකද news එක දැකපු වෙලේ ඉදන් මේ වෙන්කන්ම බෝගෙ හැසිරීම එයාගෙ හිතට ගෙනාවෙ බයක්.... බෝ හැසිරුනේ හැඟීම් දැනීම් නොදැනෙන ගානට...."බනී.... accident ...වෙලාලු.... ම..ගෙ... බ..නී... එයා... එ...ආ... කො...හො...මද ???" බෝ දැන් කතා කරනේ ඉකිගහ ගහ අඬන ගමනුයි....
එක දිගටම විනාඩි 20ක් විතර මේ විදිහට අඬපු බෝ ඇස්වල කදුලු පිහාගත්තා...
"Hospital එකට යමු....." ඒ තමා බෝගෙ අණ... බෝට විරුද්ධ වෙන්න කාටවත්ම හයියක් තිබුනේ නෑ.... විනාඩි 20ක විතර ගමනකින් පස්සේ එයාලා hospital එකට ආවා.... ඒ ආපු ගමන් බෝ ඇතුලට දුවලා ගියේ යන්න ඕන තැනක්වත් කාගෙන්වත්ම අහන්නෙවත් නැතුවයි... එයාගෙ ආරක්ශකයින් තමා අහන්න කරන්න ඕන දේවල් අහලා බෝව theater එක ගාවට එක්කන් ගියේ.... එයා එතනට යද්දිම වගේ ශාන්ව එලියට අරන් එනවා.... ඒ එක්ක ආපු doctor ගාවට බෝ දුවලා ගියේ සිහිය නැතිව ඉන්න ශාන් දැක්කම එයාගෙ බය තවත් වැඩි උන නිසයි... ඒත් doctor හිනා වෙලා කියුවේ surgery එක success ඒ වගේම ශාන්ට ලොකු damage එකක් නෑ කියලයි.... බෝට ලොකු සැනසීමක් දැනුනා ඒ වචන ටික එක්ක... ඒත් doctorගෙ ඊලඟ වචන ටික බෝට ආයෙමත් කියාගන්න බැරි දුකක් මතු කලා......
"Mr. ශාන්ට නම් ලොකු ප්රශ්නයක් නෑ... තව පැය 2ක් යද්දි එයාට සිහිය ඒවි... ඒත්.. කාර් එකේ හිටපු අනිත් කෙනාගෙ නම් situation එක සෑහෙන්න serious.... පේන හැටියට එයා accident එකෙන් වැඩිපුරම හානි වෙලා තියෙන්නේ Mr. ශාන්ව බේරන්න ගිහින් වගේ පේන්නේ නම්....."
"චෙං....." බෝගෙ කටින් ඒ වචනය හැමදාම පිට වෙන්නෙ තරහකින්... ඒත් අද ඒ නම් කියද්දි බෝගෙ මූනෙ තිබුනේ ලොකු දුකක්, ස්තූති පූර්වක බැලමක්, සහෝදරත්වයක්... ඔය ඔක්කොම එකට ආපු හැඟීමක්....මෙච්චර වෙලා බෝ හිටියෙ හරි සිහියෙන් නොවන නිසා එයාට ඇහුනේ නැති අඬන ශබ්දය එයාට ඇහෙන්න ගත්තෙ ශාන්ට බරපතළ මුකුත් නෑ කියල doctor කියල ගියාට පස්සෙයි.... ඒ ඔස්සේ බලපු බෝට දකින්න ඕන ලැබුනේ යැන්ග්සි යැන්ග්සිගෙ දෙමව්පියන්, චෙංගෙ දෙමව්පියන් ඔක්කොම එතන එකට හඩන බවයි.... බෝට එයාලට සැනසිලි වචනයක් කියන්න උවමනා උනත් එයා තාමත් කල්පනා කරන්නේ යැන්ග්සි චෙං නිසා අඬන්නේ ඇයි කියලයි.....
මේ අතරෙදි චෙංගෙ surgery එක කරපු surgeon එලියට ආව.... ඒත් ඒ වචන ටික ආයෙමත් බෝට shock එකක් උනා.... මොකද චෙං කෝමා තත්වයට පත් වෙලා තිබුනා.... මොකද එයාගෙ හිස් කබලට බරපතල විදිහට හානි වෙලා තිබුන නිසයි.....
බෝට තවත් ඒ දිහා බලන් ඉන්න පුලුවන් උනේ නෑ... ඒ නිසයි එයා ඉක්මන් කරලා ශාන්ගෙ රූම් එකට ගියේ.....
පැය 2කව විතර පස්සෙ ශාන්ට ටිකෙන් ටික සිහිය එද්ද්දී තේරුනා එයා ඉන්නේ ගෙදර නොවන බව.... ඒත් එක්කමයි එයාට accident එක ටිකෙන් ටික මතක් උනේ.... එයා ඇස් අරිද්දී බෝ ඉන්න කියල ප්රාර්ථනා කරලා ඇස් ඉස්සරහ පිට හිටියේ ඉතිං බෝම තමා .... එයාගෙ අතින් බෝට එයාගෙ ලඟට එන්න් කියල හිනාවක් මූනෙ තවරගෙනම කියපු ශාන් බෝගෙන් ඇහුවේ උත්තර දෙන්නම බැරි ප්රශ්නයක්..... "චෙං... චෙං කොහෙද ???"...............................................................................
මොනවා වෙයිද ළමයි.....
රූ...❤️