ශාන් එදා දවස ගෙවාගත්තෙ හරිම අමාරුවෙන්. එයාට බෝව හම්බවෙන්නම ඕන ඒත් කොහොමද එයාව හම්බෙවෙන්නෙ. බෝ එක්ක කිසිම සම්බන්ධකමක් ශාන්ට තිබ්බෙ නෑනෙ. අන්තිමට එයා හිතාගත්තෙ ඩිරෙක්ට හරහම බෝව හම්බෙන්න විදිහක් ලෑස්ති කරගන්නවා කියල. කොහොමත් දැන් ඩිරෙක්ටට ශාන් අහන ප්රශ්න වලට උත්තර දෙන්න වෙනවා. එයා දන්නවානෙ වෙච්ච දේ ගැන.
ශාන් හිතන් ඉන්නෙ අලුත් ඩ්රාමා එකත් බෝගෙ මොකක්හරි වැඩක් කියල. එයා ඒ ගැන බෝ එක්ක තරහෙන් හිටියෙ.
කොහොමින් කොහොමහරි දවසෙ වැඩ ටික ඉවර වෙද්දි ඩිරෙක්ට ශාන්ට කතා කලා.
''ශාන් ඔයා ඇයි දවල් යීබෝගෙ නම කිවුවෙ කියල මට කියන්න පුලුවන්ද ඔයට? මම ඔයාට පොරොන්දු වෙනව ඔයා මට කියන දේ වෙන කෙනෙකුට දැන ගන්න ඉඩතියන්නෙ නෑ කියල. හැබැයි මට ඇත්තම කියන්න ඕන ඔයා.''
ශාන් කොහොමත් මේ දේ බලාපොරොත්තුවෙන් හිටියා. එයා ඩිරෙක්ටට ඇත්තම කියුවා. එයාට ඩිරෙක්ටගෙ call එක ඇහුන විදිහ. අන්තිමට එයා ඩිරෙක්ටගෙන් ඉල්ලීමක් කලා
'' ප්ලීස් සර් මට කියන්න පුලුවන්ද ඇයි Mr. Yibo මගෙ ගැන මෙහෙම හොයන්නෙ කියලා??"
ශාන් අහපු ප්රශ්නයට උත්තර දෙන්න ඩිරෙක්ටට පුලුවන් කමක් තිබ්බෙ නෑ. ඒත් එයාට තෙරුනා ශාන් ඉන්නෙ ගොඩක් කලබල වෙලා කියල. එයාට ඇත්තටම දුක හිතුනා ශාන්ගෙ අහිංසක ඇස් වල කදුලු පිරිල තියනව දැක්කහම. ඉතිං එයා ශාන්ට මෙහෙම කිවුවා. "ඇත්තටම ශාන් මට ඔය ප්රශ්නයට උත්තර දෙන්න බෑ. මොකද මම එකට උත්තරේ දන්නෙ නෑ. හැබැයි මට පුලුවන් ඔය ප්රශ්නෙට උත්තර දෙන්න පුලුවන් කෙනෙක් ගාවට ඔයාව යවන්න. හැබැයි මට එතනින් එහාට මුකුත් කරන්න විදිහක් නෑ. ඔයා මොකද කියන්නෙ ශාන් ? ඔයා දන්නවා ඇතිනෙ මම මේ කාගෙ ගාවටද ඔයාව යවන්න යන්නෙ කියලා...."
ශාන්ට තේරුනා මේ කියන්නෙ බෝ ගැන කියල. දවල් ඉඳන්ම එයාට ඕන උනෙත් බෝව හම්බවෙන්න. ඒත් දැන්.. දැන් ශාන්ට දැනුනෙ අමුතු බයක්. ඒත් එයාගේ හිතේ තිබ්බ කුතුහලය වැඩී බයට වඩා. ඉතිං එයා ටිකක් වෙලා කල්පනා කරලා ඔලුව වැනුවෙ යන්න කැමති කියල කියන්න.
"හරි එහෙනම් මම එයාට කියන්නම් ඔයා එනවා කියල. ශැංහයි හොටෙල් එකට යන්න ශාන් ඔයා. මම බෝට කියල රූම් නම්බර් එක ඔයාට msg එකක් දාන්නම්."
ඩිරෙක්ට එහෙම කිවුවහම ශාන් අයෙම ඔලුව වැනුවා. එයා දන්නවා බෝගේ ප්රසිද්ධියට පින් සිද්ධ වෙන්න බොට එලියට බහින්න බෑ කියල ලේසියෙන්.
ශාන් උනත් දැන් සෑහෙන තරමකට ප්රසිද්ධ නිසා එයා ඒ ගැන පුදුම වුනේ නෑ. ඒත් බෝ එක්ක තනියම රූම් එකකට යන්න... ශාන්ගෙ හිතේ අමුතු චකිතයක් වගේ හැඟීමක් දැනුනා...