" බබා දැන් නිදාගන්න .. තරු දිහ බලන් හිටියා ඇති "
" කේනු .... බබා!! කේනායා ! "
" අම්මි!! කැගහන්නැතුව ඉන්නකො "
ඇය තම දරුවාට බැන වැදමින් ඇයව තුරුලට ගත්තා .
" කේනායා ඇයි එච්චර තරු වලට ආස"
කේනායාගෙ අම්මා දරුවාගෙ ඔලුව අතගාමින් ඇහුවා .
" මට හිතෙනවා ඒ සුරංගනාවියො කියලා . අනෙ මටත් සුරංගනාවියෙක් ඕන "
කේනායා නැවතත් කියවන්න පටන් ගත්තා .
" ආ අයියෝ හරි හරි මං තාත්තිට කියන්නම් දැන් නිදාගන්නකො ම්ම්ම් "
කේනායා පොඩි කාලේ ඉදලාම හැදුනෙ වෙනස්ම විදිහට . කේනායා ගෙ තාත්තා ජපන් රටේ ව්‍යාපාරිකයෙක් . අම්මාත් තාත්තා ගෙ office එකෙ වැඩ කරනවා . කේනායා හැදුනෙ වැඩුනෙ ගෙදර වැඩ කරන සේවිකාවන් ලග .
කේනායා ආස උනෙ වොලිබෝල් වලට ඇයට ඕන උනෙ පිරිමි ලමයෙක් විදිහට හැසිරෙන් එත් ඒ ආසවට පොඩි තරම්වත් ඉඩක් ලැබුනෙ නැහැ .
කේනායා තේරුම් ගත්තා එයා ආස ගැහුනු ලමයීට කියලා . ඉතින් ඇය ඒ දැනුන දේ යාලුවාට කිව්වා . ඇය අදටත් සතුටු වෙනවා තමන්ට කිසිම බයක් නැතිව හැමදේම කියන්න පුලුවන් යාලුවේක් ඉන්න එකට . ඒ යාලුවා ලග කේනායාට කේනායාම විතරක් වෙන්න පුලුවන් . අනිත් අය ඉස්සරහා කේනායා රගපානවා විතරයී . ඒ යාලුවා කේනායාට සලකන්නේ පිරිමි යාලුවේක් විදිහට .
" කේන්.... මං හිතන්නෙ මැඩම්ගෙ කනට ගිහින් උඹ මෙතාශී එක්ක washroom එකෙ~~~~~~
" ශික්...
කේනායා යන්නෙ කොළඹ තියෙන ප්‍රසිද්ධ බාලිකා පාසලකට . කේනායා පාසලේ නම ගිය චරිතයක් . ඇය හැම තරගයකින්ම පලමු තැන ගන්න නිසා .
කේනාට පාසලේ ගැහැනු ලමුන් කිහිප දෙනෙක් සමගම සම්බන්ධතා තිබුනත් කාටවත් අහු උනෙ නැ එත් මේ පාර ලේසි උනෙත් නැ ..
" කේනායා ඇත්ත ද මේ කතාව "
කේනායාට ගොඩක් ගුටි කන්න උනා ඒ සිද්දියෙන් . ඒකෙන් ප්‍රතිඵලය උනෙ කේනායගෙ අම්මා වෙනත් ලමයෙක් අරන් හදාගන්න ගත්ත එක ඒ පිරිමි ලමයෙක්....
කේනායාට දැන් වයස 24 ක් වෙනවා . ඇය පොලිස් නිලධාරීනියක්... නමුත් එදා සිද්දියෙන් පස්සෙ ඇය ගොඩක් තනි උනා . යාලුවාටවත් කතා කරන්න ගෙදරින් තහනම් කරා .....
ඇය තරමක් නපුරු චරිතයක් උනා ..
****
" මැඩම් තවත් ගණිකා මඩම් දෙකක් තියෙනවා කියලා ආරන්චී ලැබුනා ස්පා විදිහට තමා කරගෙන යන්නෙ "
" සේරම බාල වයස්කාර ලමයි "
" හරි යමු. සේරම සිවිල් පිට යන්න uniform එකෙන් දෙන්නෙක් විතරක් යන්න "
එහෙම කිව්ව කේනායා වතුර විදුරුව බිව්වෙ කෙන්තියෙන් .
" මුන්ව සේරම පරිවාසෙ දාන්න ඕන "
මේ ඔවුන්ගෙ කතාවයි.
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
_Ruby __කතාවේ චරිත දෙක හදුන්වලා දුන්නා .
චරිත දෙක ගැන මොකද හිතෙන්නෙ .
🌝❤️
YOU ARE READING
𝐋𝐀𝐌𝐏𝐒 𝐎𝐅 𝐋𝐎𝐕𝐄 ☑️
Short Story𝖦𝖫 𝖲𝖳𝖮𝖱𝖸 ""මේකී මිනිස්සු එක්ක බුදියන එකීයක් ද?"" ""මං ඔයාට පහනක් පත්තු කරා අක්කෙ.. ඒ අපේ ආදරේ වෙනුවෙන් "" මට දරාගන්න හරිම අමාරුයි . මිනිස්සු සත්තුන්ට වඩා අන්තයි. එයලාට ඕන උනාම ජිවිතේට එනවා . හොද කෙනෙක් හම්බුනාම ජිවිතේන් යනවා . හැගිම් සෙල්ල...