Part 35

402 63 70
                                    


ලියුමි වචන වලට කේනායාට කෙන්ති ගියාට වඩා දැනුනෙ දුකක් විතරයී . කෙන්තියෙන් ගස්සගෙන උඩ කාමරෙට ගිය කේනායා ආය පල්ලෙහාට ආවෙ පොලිස් uniform එකත් ඇදගෙන...කේනායා ඒ uniform එකට හරි හැඩයි ලියුමි හරි ආසයි ඒ uniform එකට . ' මං යනවා එද්දී රැ වෙයි ... වෙලාවක් කියන්න බැහැ!! ' එහෙම කියාගෙන කේනායා වේගයෙන් වාහනෙත් අරගෙන ගියා.

කේනායා යන දිහා ලියුමි බලාගෙන හිටියත් කේනායා කා දිහාවත් බැලුවේ නැ . කේනායා ගිය වෙලාවෙ ඉදන් ලියුමි , සසිනි එක්ක ගොඩක් දෙවල් කතා කරා . ' මෙ කෙල්ල එක්ක ඉදලා සුදුනොනා තවත් කටකාර වෙයිද මන්දා ' සසිනි සහ ලියුමි හිනාවෙවි කියොන විදිහ දැකලා රෝසි අම්මට එහෙම හිතුනා .

" සොරි අක්කෙ මට එවෙලෙ ඉරිසියා හිතුනා ඉතින් "

ලියුමි අහිංසක විදිහට කියද්දී සසිනි හයියෙන් හිනාවෙලා ලියුමි ඔලුවට පොඩි තට්ටුවක් දැම්මා .

" හයියෝ ඔහොම තමා බන් ලව් කරද්දි... අනි~~~~~~

" ලියුමි!! ....."

" සුදු නොනා අර ප්‍රමෝදා දුව ඇවිත් අන්න.... එන්න එන්න දුවේ "

සසිනි ගෙ ඇස් ගියෙ ප්‍රමොදා දිහාට...එත් එක්කම අහක බලාගත්ත සසිනි එතැනින් නැගිටලා කුස්සියට ගියා .

" ඔයාට අසනිප උන නිසා බලන්න
ආවෙ "

එතැනින් නැගිටලා යන සසිනි දිහා බලාගෙන ප්‍රමොදා කතා කරා . සසිනි ව දකිද්දී ප්‍රමෝදා ගෙ මුහුනෙ ඇදුනෙ හරි ලස්සන හිනාවක්.... කවදාවත් ලියුමි නොදැකපු ලස්සන අහිංසක හිනාවක් ! ..

" එච්චර ලොකු අමාරුවක් නැ ප්‍රමෝ... එන්න ඉදගන්න... අපි බීම බොමු ද  "

ටික දවසක් තිස්සෙ කසුනි ට වඩා ලියුමි ට ප්‍රමොදා ව දැනෙන්න පටන් අරන් තිබ්බ. ප්‍රමොදා වචනින් පෙන්නනෙ නැති උනත් යාලුකම ..... ක්‍රියාවෙන්න පෙන්නන අවස්තා තිබ්බ. ලියුමි , ප්‍රමෝදට අකැමැති උනෙ කේනායාට කැමති උන නිසා උනත් ලියුමි ගෙ හිත කිව්වෙ ප්‍රමෝදට අවස්තාවක් දිලා යාලුවේක් කරගන්න කියලා .

ප්‍රමෝදා , ලියුමි එක්ක කතා කරත් ප්‍රමෝදා ගෙ ඇස් සැරෙන් සැරෙ සසිනි දිහාට යනවා දකිද්දී ලියුමිට හිනාත් ගියා.... ඒ උපහාසයට නන් නෙවෙ.

  𝐋𝐀𝐌𝐏𝐒 𝐎𝐅 𝐋𝐎𝐕𝐄  ☑️  Where stories live. Discover now