" අනෙ මෙ යනවා යන්ඩ අහකට... අච්චී ආවොත් එහෙම දෙන්නම ඉවරයී "
ලියුමි , කේනායා ව එහාට තල්ලු කරමින් කිව්වා . කේනායාටත් ඕන උනෙ නැ එතැනින් එහාට මුකුත් කරන්න මොකද ලියුමි තවම පොඩි කියන සිතුවිල්ල හැමතිස්සෙම ඔලුවේ තිබ්බ නිසා . එත් පුංචි පුංචිම සිපගැනිමකින් පුලුවන් උනා ප්‍රශ්න ගොඩක හිරවෙලා ඉන්න කේනායා ගෙ හිත වගෙම මුලු ගතම මොහොතකට හරි සන්සුන් කරවලා වෙනම ලොකයකට අරන් යන්න.
ලියුමි එහාට වෙලා දියරෙද්ද හදමින් හිටියා .
" ඒයි මේ "
" මොකද!! "
ලියුමි සැරෙන් වගෙ අහද්දී කේනායා ගස්සලා අහක බලාගත්තා .
" මුකුත් නැ තමුසේ ගිහින් හොදගෙන එනවකො"
' හහ්... මෙයාගෙ එන්න එන්නම සැරෙ වැඩිවෙනවනෙ.... රවනවයි ගස්සනවයි මාර වැඩක්නෙ යකො...මුල් දවස් ටිකෙනන් හීන්මිච්චා වගෙ ගෙදර හිටියේ '
ගස්සන් ගිය ලියුමි දිහා බලාගෙන කේනායා හිතුවා . ලියුමි එන්න එන්න වයසින් ලොකු වෙන නිසා දෙවල් ඉගෙන ගන්නවා වගෙම කේනායාට තියෙන බයත් ටිකෙන් ටික නැතිවෙනවා .
ලියුමිත් නාන්න ගිය නිසා කේනායාත් ඉක්මනට ඇදුම් මාරුකර ගත්තෙ ලියුමි එක්කම නාගන්නොනෙ නිසා .කේනායා , ලියුමි තියලා ගිය දියරෙද්ද ඇගෙ පටලොගෙ කාමරෙන් එලියට යන්න හදද්දීම දුරකතන ඇමතුමක් අවා....
දුරකතන ඇමතුමකින් .....
කේනායා : ඔව් .. කියන්න ප්‍රමෝදා ..
කේනායා වැඩි උනන්දුවකින් තොරව කතා කරා .
ප්‍රමෝදා : අක්කෙ... මට ඔයා එක්ක ටිකක් කතා කරන්නොනි... ඔයා free ද
ප්‍රමෝදා කතාකරෙ අඩලාවගෙ නහයත් බරකගෙන කතා කරා .
කේනායා : ඔව් කියන්න ... මොකද්ද උනෙ..
ප්‍රමෝදා කියන්න හදන්නෙ මොකද්ද කියලා කේනායාට ඉවෙන් වගෙ තේරුනා . කේනායා හිටියේ ඒ දේ ප්‍රමෝදා ගෙ කටින්ම අහාගන්නයි.
ප්‍රමෝදා : අක්කෙ.. ඇයි ඔයා මාව බ්ලොක් කරලා... වැරදි දෙයක් කිව්වෙ නැනෙ .. මං ආදරේයි කියලා විතරයී කිව්.. වෙ .. මගෙ හිතෙ අක්කා ගැන ලොකු කැමැත්තක් ඇති උනා .. ඒකයි.. මං අක්කාට ගොඩක් කැමති . අක්කාට පුලුවන්ද බ්ලොක් එක අරින් ප්ලිස්...
YOU ARE READING
𝐋𝐀𝐌𝐏𝐒 𝐎𝐅 𝐋𝐎𝐕𝐄 ☑️
Short Story𝖦𝖫 𝖲𝖳𝖮𝖱𝖸 ""මේකී මිනිස්සු එක්ක බුදියන එකීයක් ද?"" ""මං ඔයාට පහනක් පත්තු කරා අක්කෙ.. ඒ අපේ ආදරේ වෙනුවෙන් "" මට දරාගන්න හරිම අමාරුයි . මිනිස්සු සත්තුන්ට වඩා අන්තයි. එයලාට ඕන උනාම ජිවිතේට එනවා . හොද කෙනෙක් හම්බුනාම ජිවිතේන් යනවා . හැගිම් සෙල්ල...