ලියුමිගෙ හිතේ තවමත් තියෙන්නේ කේනායා ගෙ චරිතෙ ගැන අමුතු සිතුවිලි .... ලියුමි හිතන්නෙ .... වැරද්දක් කලොත් එයාට ගහාවි , හැමතිස්සෙම බනි , කොයිවෙලාවෙත් සැරෙන් කතා කරයි , කවදාහරි ගෙදරියන් යන්න කියාවි ඔය වගෙ බොළද විදිහට හිතුවේ කේනායා ගෙ හැසිරිම් රටාව නිසාම තමා ...
කේනායා කල්පනා කරේ ලියුමි ගැන... කේනායාට දැනුනෙ එක දෙයයි හිතට ඒ තමා
' සැනසිම ' . ඒ ඇස් දිහා බලනකොට කේනායාට දැනුනෙ අමුතු සැනසිමක් , හරි පරන ගතියක් දැනුනා . කලින් ඉදලාම දන්නවා වගෙ හුරුපුරුදු ගතියක් දැනුනා .දැක්ක ගමන් ආදරයක් ඇති වෙන්න පුලුවන් ... මුලින්ම ආකර්ශනය වෙනවා ඉට පස්සෙ ටිකෙන් ටික හිතට දැනෙනවා එයා වෙනුවෙන් දැනෙන්නෙ ආදරයක් ද නැත්තම් කැමැත්තක් ද කියලා .
කේනායා , ලියුමි ගැන හිත හිත පහලට අවේ අම්මා කතා කේරුව නිසා .
" ඇයි අම්මි .. මොකද්ද කතා කරන්න ඕන කිව්වෙ "
කේනායා , අම්මට වැඩි අවදානයක් නොදි සැටියෙන් ඉදගෙන ගත්තා .
" ඇයි එක පාරටම ගෙදර වැඩට කෙල්ලෙක් උස්සන් ආවෙ "
" උස්සන් ආවෙ නැ එයා කැමැත්තෙන් ආවේ "
" හරි අපි බලමුකො... කේනායා ඔයාට යෝජනාවක් ආවා මගෙ යාලුවාගෙ පුතාගෙන් "
" අර ගෑනි වගෙ එක්ක එකාගෙන්ද ?"
" මිනිස්සුන්ට හරියට කතා කරන්න කේනායා!! "
ටිකෙන් ටික පටන් ගත්ත කතා බහා අන්තිමට නතර උනේ රන්ඩුව ලොකුවටම ගිහින් .
එදා වගෙම කේනායාගෙ අම්මා අදත් ගෙදරින් ගියෙ කේනායා එක්ක හිත් අමනාපෙන් ....
වෙනත් අයට අම්මා තරහා උනාම දැන්නෙන්නෙ හිතට ලොකු වේදනාවක් . දවස් ගනන් කතා නොකර ඉන්නත් අමාරුයි අම්මා එක්ක . එත් කේනායා ගෙ හිතට සතුටක් අම්මා තරහා වෙලා ගිය එකට .
දවස් දෙකක් ගෙවිලා ගියා . කේනායා වැඩ එක්ක හිර උනාම ගෙදර එන්න රෑ වෙනවා . සමහර වෙලාවට කේනායාට අමතක වෙනවා ලියුමි ගෙදර ඉන්නවා කියලා . ගෙදර උයන්න එළවලු මුකුත් තිබ්බෙ නැ කේනායා එළවලු අරන් ආවේ දන්න විදිහට මොනාහරි හදනවා කියලා හිතාගෙන ....

VOCÊ ESTÁ LENDO
𝐋𝐀𝐌𝐏𝐒 𝐎𝐅 𝐋𝐎𝐕𝐄 ☑️
Conto𝖦𝖫 𝖲𝖳𝖮𝖱𝖸 ""මේකී මිනිස්සු එක්ක බුදියන එකීයක් ද?"" ""මං ඔයාට පහනක් පත්තු කරා අක්කෙ.. ඒ අපේ ආදරේ වෙනුවෙන් "" මට දරාගන්න හරිම අමාරුයි . මිනිස්සු සත්තුන්ට වඩා අන්තයි. එයලාට ඕන උනාම ජිවිතේට එනවා . හොද කෙනෙක් හම්බුනාම ජිවිතේන් යනවා . හැගිම් සෙල්ල...