Part 7

484 77 64
                                    

හැමදේම හොදින් සිදුවිමින් තිබුණා ... ලියුමීට private school එකක ඉගෙන ගන්න අවස්තාවක් ලැබුනා කේනායා නිසා .

ලියුමිට පාඩම් වැඩ එක්ක , කේනායාගෙ රස්සාවත් එක්ක ගෙදර වැඩ කරගන්න අමාරු නිසා කේනායා ගෙදර වැඩට කෙනෙක් එක්කගෙන අවා . ලියුමි , කේනායාට ලං වෙන්න කල් ගත්තාට වැඩට අවා කෙනාට ලියුමි ඉක්මනට ලං උනා .

ගෙදර වැඩට ආව කාන්තාවත් ගම්බද කෙනෙක් නිසා ලියුමිට ලං වෙන්න ලේසි උනා .

" සුදු නොනෙ.... හෙට කිරිබත් ටිකක් හදමුද?"

නමින් රුවන්ති උන ඇය හරිම කරුණාවන්ත ගැහැනියක් උනා . පිරිමි දරුවන් දෙදෙනෙකු ගෙ මව උන ඇය ගැහැනු දරුවන්ට බොහෝ සේ ආදරේ කරා .

" රෝසි අම්මා.. ඇයි හෙට කිරිබත් හදන්නෙ "

කොන්ඩේ ගොතමින් හිටිය ලියුමි ඇහුවා . ..

" ඇයි දරුවෝ ඔයා හෙට ඉස්කොලේ පලවෙනි දවසනෙ "

" යනවා නම් තමා ඉතින්....  මට බයයි රොසි අම්මෙ.. මං දහය වසරේ මුකුත්ම දන්නැ එකොලහා වසරේ දේවල් මං කොහොමද අනෙ ඉගෙන ගන්නෙ... මං ඉස්කොලේ නොගහින් රස්සාවක් හොයාගන්නද ? "

පඩිපෙලෙන් ඉදගත්ත ලියුමි , රොසි අම්මගෙ අතින් අල්ලගෙන කිව්වා .

" අනෙ නිකන් ඉදින් කෙල්ලෙ... උබෙ ලොකු අක්කාගෙ බැනුම් අහන්ඩ තමා ඔය ලැස්ති වෙන්නෙ... ඒ කෙල්ල අමාරුවෙන් නෙද බෝට ඕක හොයලා දුන්නෙ ...

බය වෙන්නැතුව ඉදින්කො... මුලින්ම කරලා බලමු .. කාටත් ඉතින් එක පාරින් ගොඩ යන්ඩ බැ පොඩි ලොකු බැටකාගෙන ඉන්ඩ වෙනවා "

රෝසි අම්මා , ලියුමිගෙ ඔලුව අතගාමින් ආදරේන් කිව්වා .

කේනායා , ලියුමි එක ගෙදර හිටියට කතා කරන්න වෙලාවක් හම්බෙනවා අඩුයි... කේනායා වැඩට ගිහින් එන්නෙ ගොඩක් රෑ වෙලා ඒ වෙලාවට ලියුමි නිදි.. නිවාඩු දවස් අඩුයි.. නිවාඩු තිබ්බත් ඒ දවසේත් මොකක් හරි වැඩකට යන්න වෙනවා ... මොකද දැන් කේනායාට තවත් උසස් තනතුරක් හම්බුන නිසා .

කේනායා සහ ලියුමි දෙන්නා අතරේ ලොකු අවබෝධයක්  නැහැ ... අඩුම තරමෙ උපන්දීනයවත් දන්නෙ නැ . කේනායා වැඩ අස්සෙ හිර උනාම කේනායා තමන් ගැනවත් හිතන්නෙ නැ .

  𝐋𝐀𝐌𝐏𝐒 𝐎𝐅 𝐋𝐎𝐕𝐄  ☑️  Donde viven las historias. Descúbrelo ahora