Part 32

393 61 57
                                    


ලියුමි දැන් හොස්ටල් ජිවිතයට හුරුවෙලා මාස තුනක් වෙනවා...මුල්ම දවස් ටිකෙ හිටියෙ ගොඩක් අමාරුවෙන් දරාගන්නම බැරි දවස් වල කේනායා ගෙදර අවෙ නැ රැ එලිවෙනකල් ඩිවුටි කියලා වැඩ කරා . එත් ලියුමි ගෙදරින් ගිහින් මාසයක් වෙනකොට කේනායා ඒ ජිවිතයටත් හුරු උනා . කේනායා දවස් හයක් ගෙවා ගන්නෙ බොහොම අමාරුවෙන්.... කේනායා ඉරිදා දවසම ලියුමි එක්කමයි ඉන්නෙ...වෙනදාට බුදු පහන තියෙන්නැති කේනායා හැමදාම උදේට වැඩට යන්න කලින් කේනායා බුදු පහන තියනවා... ගෙදර එන්න රෑ වෙන නිසා රෝසි අම්මා හවසට පහන තියෙනවා .

" කේනූ!! මට ඔයා එක්ක වැදගත් දෙයක් කතා කරන්න තියෙනවා ... "

කේනායා ගෙදර එද්දී රෑ දහයත් පහුවෙලා තිබුනා. අම්මා තවම නිදාගෙන හිටියේ නැ . රෝසි අම්මට එක පාරම අසනිප උනා... කේනායා පුලුවන් තරම්  හැමතිස්සෙම හොයලා බැලුවා බෙහෙත් අරන් දුන්නා . රෝසි අම්මට බෙහෙත් වලට ගොඩක් වියදම් උනා ඒ ගැන කේනායා ලොකුවට හිතුවෙ නැ රෝසි අම්මා වෙනුවෙන් සල්ලී වියදම් කරන්න කේනායා දෙපාරක් හිතන්නෙත් නැ . එත් රෝසි අම්මගෙ හිතට වදයක් වගෙ දැනුනා කේනායා තමන් වෙනුවෙන් මෙච්චර විදයම් කරන එක . රෝසි අම්මා බොරු කරන්න පටන් ගත්තා ඒනිසාමයි. ' මං අද ඉදී හෙට නැති වෙයි... මෙ මැරෙන්න ඉන්න මනුස්සයාට ඔයිහැටි සත්කාර ඕන නැ....' එහෙම හිතපු රෝසි අම්මා... අසනිපෙ හොද උන ගානට හිටියා.


" මහාන්සි අම්මේ..... ඇගහොදන් එන්නම්"

" හරි ඇග හොදලා එන්න කෑම කන්න "

" මට බඩගිනි නැ... මං ඇග හොදන් එන්නම් "

අම්මා තව මුකුත් කියන්න කලින්ම කේනායා ඉක්මනට කාමරෙට යන්න  පඩිපෙල නැග්ගා.... කේනායා ට සමහර වෙලාවට අම්මා එක්ක කෙන්ති එනවා.... එත් ලියුමි නිසා කේනායා ගොඩක් තැන්වලදී ඉවසනවා.
කේනායා ට අම්මා එක්ක ලියුමි ගැන කතා කරන්න ඕන උනා... අම්මා තවමත් හිතන්නෙ ලියුමි ගෙදර වැඩට ආව ලමයෙක් කියලනෙ....

කේනායා ඔය ගැන හිත හිතම පහලට අවා...

" කේනූ... කෑම ටිකක් කමුද පුතෙ... පව් අර මනුස්සයා අමාරුවෙන් මේ ටික හරි හදන්නෙ ... විසික් කරන එක පව්නෙ..."

  𝐋𝐀𝐌𝐏𝐒 𝐎𝐅 𝐋𝐎𝐕𝐄  ☑️  Where stories live. Discover now