ලගින් ම හිටිය හොදම යාලුවා එහෙම දෙයක් කරා කියන එක ලියුමි ට දරා ගන්න බැරි උනා....කසුනි ව සහ රවිදු ව පරිවාසෙ ට නියම වෙද්දී..කාටත් වඩා ඇඩුවෙ ලියුමි...උසාවියෙදී ත් කසුනි හිටියේ ලියුමි දිහා රවාගෙන ." එයා මගෙ යාලුවානෙ අක්කෙ....කසුනි කොහොමද එහෙම කරන්නෙ...මට..මට මිනිස්සුන් ව විශ්වාස කරන්න බයයිනෙ අක්කෙ....ඇයි කසුනි එහෙම කලේ...මට හරි දුකයි... තමන්ගෙම යාලුවා ට එහෙම දෝහියෙක් උනෙ කොහොමද දෙයියනේ !! "
සති දෙකක් ගෙවිලා ගිහින් ලියුමි හිටියේ තරමක් හොද තත්වයෙ....කසුනි කරපු රගපැම වගෙ කසුනි අවසානේට කිව්ව දෙවල් ලියුමි ගෙ හිත සැරෙන් සැරෙ රිද්දුවා...
" එයා අවසානේට මගෙ දිහා බලන් කිව්වා අක්කෙ...එයා කරපු දේට පසුතැවෙන්නැ කියලා....එකම එකම පසුතැවිමක් ලු තියෙන්නේ ඒ මාව... මාව මරන්න බැරි උනට එකට...ඒ තරම් තරහාක් ඇයි අක්කෙ...කියන්නකො ඔයා කසුනි එක්ක ඒ වෙලාවෙ කතා කරා නෙද .....කියන්නකො අක්කෙ "
ලියුමි සහ කේනායා හිටියේ පල්ලියෙ...කේනායා ට පුලුවන් හැමවෙලාවෙම ලියුමි ව පල්ලියට එක්කගෙන අවා.
" අහනන්න මැනික.....කොයිම වෙලාවකවත් මිනිස්සුන්ව විශ්වාස කරන්නෙපා සමහර වෙලාවට ලගින් ඉන්න අපි ආදරේ ම කරන අය තමා අපිට දෝහි වෙන්නෙ!! ...ආදරේට පුලුවන් තිරිසෙනෙක් ව මනුස්සයෙක් කරන්නත් , මනුස්සයෙක්ව තිරිසෙනෙක් කරන්නත්!! ඉතින් මැනික කසුනි ට උනෙ ඒක... කසුනි ගෙ හිත ඊර්ෂ්යාව ක් ඇති උනා ඔයා ගැන...හිත තරහවෙන් පිරිලා යද්දී කසුනි ට තමන්ව පාලයක් නැති උනා...මුලි මුනින්ම ඊර්ෂ්යාව , කෙන්තිය කසුනි ව ගිලගද්දී හරි වැරද්ද පෙනුනෙ නැ ලියුමි!! හිතට වද දෙන දෙවල් තමන්ගෙ පාරෙන් අයින් කරන්න්යි ඕන වෙලා තිබුනෙ...කසුනි ගොඩක් ම ඊර්ෂ්යා කලේ ඔයාගෙ රූපෙට, ඉගෙනිමට , ඔයාට ලැබෙන ආදරේ ට....හැමොම අතරෙ ඔයාව කැපි පෙනිලා කසුනි ව කොන් කරද්දී හිතෙ තරහව දෙගුණ තෙගුණ උනා....පස්සෙ පස්සෙ එයත් ඔයා ට ආදරේ කරද්දී....උඹව අයිති නෑය කියලා දැනගද්දී ඊර්ෂ්යා වෙ උපරිම තැනට ඇවිත් තමා එ වගෙ තිරිසන් වැඩක් මගෙ මැනිකට කලේ"
කසුනි කරපු දේ කොයිතරම් නරක තිරිසන් වැඩක් උනත්...කේනායා ඒ ගැන ලියුමි ගෙ හිතට දැම්මෙ කවදාවත් කසුනි ගැන තරහක් හිතෙ නොදැනෙන්න...හරි ලස්සනට හිමිට ලියුමි ට ඒ දේ කේනායා තේරුම් කරලා දුන්නා.

ESTÁS LEYENDO
𝐋𝐀𝐌𝐏𝐒 𝐎𝐅 𝐋𝐎𝐕𝐄 ☑️
Historia Corta𝖦𝖫 𝖲𝖳𝖮𝖱𝖸 ""මේකී මිනිස්සු එක්ක බුදියන එකීයක් ද?"" ""මං ඔයාට පහනක් පත්තු කරා අක්කෙ.. ඒ අපේ ආදරේ වෙනුවෙන් "" මට දරාගන්න හරිම අමාරුයි . මිනිස්සු සත්තුන්ට වඩා අන්තයි. එයලාට ඕන උනාම ජිවිතේට එනවා . හොද කෙනෙක් හම්බුනාම ජිවිතේන් යනවා . හැගිම් සෙල්ල...