ලියුමි හොස්ටල් එකට ගියාට පස්සෙ ගෙදර හිනා සද්දයක් තිබ්බෙවත් නැ සසිනිට පුලුවන් උනා ගෙදර තත්වය පොඩ්ඩක් වෙනස් කරන්න . ඉස්සර වගෙ නෙවෙ කේනායා සහ සසිනි ගොඩවෙලාවක් කතා කරා.... 'උබ වචන දහයක් කතා කරොත් එකෙන් නවයක්ම ලියුමි ලියුමි!! ' සසිනි හැමතිස්සෙම වගෙ ඔහොම කිව්වා .කතාව පටන් ගත්තෙ වෙනත් තැනකින් උනාට කතාව ඉවර කරේ ලියුමිගෙන්..... සසිනි කලින් දැක්ක කේනායා ට වඩා දැන් ඉන්න කේනායා ගොඩක් වෙනස් වෙලා . සසිනි හදවතින්ම සතුටු උනා....." අන්තිමට හැමදේම හොදින් උනා නෙද...... මට සතුටුයි බන් ඇත්තටම උබ ගොඩක් වෙනස් වෙලා "
සසිනි , කේනායා ගෙ ඔලුව අතගාමින් කිව්වා .
" නැ.... උබ මෙ පටන් ගත්තා විතරයී!! . මෙතැනින් එහාට මොකක්වෙයිද කියලා හිතන්නත් මට බයයි "
කේනායා එහෙම කිව්වෙ රෝසි අම්මා හදලා ගෙනවිත් දුන්න බීම වීදුරුවෙන් උගුරක් බිලා .
" ඇයි උබ එහෙම කියන්නෙ....ගෙදරිනුත් කැමති ... අනික ලියුමි ගෙ ආච්චිත් අකැමති වෙන එකක් නැහැ... මෙ සම්බන්ධයට "
" එහෙම නෙවෙ බන්....ලියුමිගෙ ලගින් ඉන්න යාලුවා පවා දන්නෙ මායි ලියූ ඇත්තටම සහොදරයො කියලා . අපෙ සම්බන්ධය දැනගතොත් ලියුමිට ඉස්කොලේවත් යන්න බැරි වෙයි බන්.... මෙ කෙල්ල තව කාලයක් ඉස්කොලේ යන්න එපැයි... මන්දා අප්පා....හැමදාම හැංගි හැංගි ඉන්නත් බැ! "
" හරි ඉස්කොලේ නන් පස්සෙ අපි කෙල්ලව වෙන ඉස්කොලයකට දාමු... නැත්තම් රට යමු... ඉවරනෙ...ඇයි උබ ඔච්චර හිතන්නෙ "
" උබට තේරෙන්නැ... ලියුමිගෙ යාලුවේකුත් මට කැමති වෙලා හිටියා ඒක තවමත් ලියුමි දන්නැ, අනික කසුනි ලා ඔවා දැනගෙන මගෙ කෙල්ල්ට ලැජ්ජ කරයි කියලා බයයි. "
" අනෙ හු##ත ඕනවට වඩා හිතන්න එපා බන් එන්ස් දෙයකට මුහුන දීපන් ... මං දන්නවනෙ උබ ඒ කෙල්ලව දලා යන්නැ කියලා .... ඒ නිසා බය නොවි ඉදපන්... කෝ බන් ඉස්සර හිටිය කේන්!! මොකෙක්ටවත් බය නැති එකා අද බය වෙලා ඇයි බන් මේ "
" මට මගෙ ගැන පොඩ්ඩක්වත් බය නැහැ බන් .... මට බය ලියුමි ගැන..... ඒකමයි බන් මං ඉරිදාටවත් ලියුමිව බලන්න යන්නැතුව හිත හදාගෙන ඉන්නෙ.... කෙල්ලගෙ නමවත් කැත උනොත් මං නිසා.... "
YOU ARE READING
𝐋𝐀𝐌𝐏𝐒 𝐎𝐅 𝐋𝐎𝐕𝐄 ☑️
Short Story𝖦𝖫 𝖲𝖳𝖮𝖱𝖸 ""මේකී මිනිස්සු එක්ක බුදියන එකීයක් ද?"" ""මං ඔයාට පහනක් පත්තු කරා අක්කෙ.. ඒ අපේ ආදරේ වෙනුවෙන් "" මට දරාගන්න හරිම අමාරුයි . මිනිස්සු සත්තුන්ට වඩා අන්තයි. එයලාට ඕන උනාම ජිවිතේට එනවා . හොද කෙනෙක් හම්බුනාම ජිවිතේන් යනවා . හැගිම් සෙල්ල...