" නාඩා ඉදින්කො මගෙ දරුවො....උඹ ඔහොම හිතින් වැටුනොත් කොහොමද සුදු නොනාව හොයාගන්නෙ දෙයියනේ "
ඉකිගසමින් අඩන කේනායා ගෙ ඔලුව රෝසි අම්මා අතගාමින් හිටියා .
" මට පි..ස්සු හැ..දි..ලා රෝසි අම්..මෙ...පිස්..සු හැදිලා... ච්...චු..ටි මැණික්..ක ව පෙනවා!! එ..එයා..ගෙ කට්..ට හඩ ඇ..හ් හෙනවා "
රෝසි අම්මා කොච්චර කිව්වත් කේනායා නෙවෙ අඩන එක නතර කලේ...සැරෙන් සැරෙ තත්ත්පරෙන් තත්ත්පරය ගෙවිලා ගියෙ ලියුමි ගෙ නම මුමුණමින් .
බොහොම අමාරුවෙන් කේනායා ව කාමරෙට එක්කගෙන ගිහින් බෙහෙත් පෙව්වා...
" මගෙ දුව මෙහෙම විදවනවා මට බලන් ඉන්න බැ අම්මෙ!! ... එත් කේනායා මෙහෙම හිතින් වැටිලා බැ..බොළද වෙලාත් බැ දැනටමත් සති තුනක් ගෙවිලා ගිහින් ලියුමි තවමත් ජිවත් ඉන්නවද නැත්ද කියලවත් අපි දන්නැ...
එදා සිද්දීය මතක් වෙනකොටත් මගෙ සීතල වෙනවා "
එදා ප්රමෝදා ගෙදර පාටි එකට ඇවිත් සසීනි , ලියුමි ව එක්කගෙන ගියෙ ප්රමෝදා ගෙ කාමරෙ එතැනින් පස්සෙ කේනායා එක්ක රන්ඩූ වුන ලියුමි ගෙදර එන්න හිතාගෙන ගියෙ කේනායා ගෙ වාහනෙ නතර කරලා තියෙන තැනට....කේනායා ත් අම්මව එක්කගෙන වාහනේ ලගට එද්දී කේනායාට හම්බුනෙ බිම වැටිලා කැඩිලා ගිය ලියුමි ගෙ දුරකතන ය පමණයි .... ඒ ගෙවුන මොහොතේ ඉදන් කේනායා පිස්සුවෙන් වගෙ නින්දක් කෑමක් නැතිව ලියුමි ව හොයන්න ගත්තා . සති තුනක් තිස්සෙ ලියුමි ව හෙව්වත් කිසිම දෙයක් පොලිසිය ට හොයාගන්න බැරි උනා....ලියුමි අතුරුදහන් උන දුකට කේනායා ට උණ ගද්දී.... ඒ ගැන ගනන් නොගෙන දිගෙන් දිගෙටම කේනායා හැමතැනම ලියුමි ව හෙව්වා.. අවසානේට ප්රතිඵලය උනෙ කේනායා අසනිප වෙලා ඇදට වැටුන එක විතරයී .
තවත් සති දෙකක් ගෙවිලා ගියෙ ලියුමි අතුරුදහන් වෙලා මාසක් වෙද්දී.... මෙ වෙනකොට කේනායා ගොඩක් වෙනස් වෙලා තිබ්බා... පොඩි දේට කැගහන බනීන කේනායා නෙවෙ හරිම නිහඩ කෙනෙක් උනා....කේනායා ගෙ එකම දුර්වලතාව උනෙ ලියුමි... ලියුමි නැති මොහොතක්වත් කේනායා ට හුස්ම ගන්න හිතුනෙ නැ... එත් හොදින් ඉන්නවද ,කැවද බිව්වද , නිදාගත්තද අඩුම තරමෙ ජිවත් වෙලා ඉන්නවද කියලා හිතලම කේනායා ගතින් වගෙම මනසින් පවා ලෙඩ වෙලා තිබුණා...
![](https://img.wattpad.com/cover/337043895-288-k394675.jpg)
YOU ARE READING
𝐋𝐀𝐌𝐏𝐒 𝐎𝐅 𝐋𝐎𝐕𝐄 ☑️
Short Story𝖦𝖫 𝖲𝖳𝖮𝖱𝖸 ""මේකී මිනිස්සු එක්ක බුදියන එකීයක් ද?"" ""මං ඔයාට පහනක් පත්තු කරා අක්කෙ.. ඒ අපේ ආදරේ වෙනුවෙන් "" මට දරාගන්න හරිම අමාරුයි . මිනිස්සු සත්තුන්ට වඩා අන්තයි. එයලාට ඕන උනාම ජිවිතේට එනවා . හොද කෙනෙක් හම්බුනාම ජිවිතේන් යනවා . හැගිම් සෙල්ල...