ලියුමි වාහනෙ යද්දී සැරෙන් සැරෙ කේනායා එක්ක එල්ලී එල්ලී කතා කරන්න උත්සාහ කරත් කේනායා ගනන් ගත්තෙ නැහැ .
" තමුසෙගෙ ඔය වාචාල කට වහාගත්තෙ නැත්තම් ඇත්තමයි ලියුමි මං ඔයාව දානවා වාහනෙන් එලියට!!! "
කේනායා කැගහලා එහෙම කිව්වම ලියුමි කටවහන් හිටියා . ඉස්කොලේ ලගට එනකල් දෙන්නාගෙන් කවුරු කතා කරේ නැ .
ලියුමිත් මුකුත් නොකියාම වාහනෙන් බැස්සාම කේනායත් වාහනෙන් බැහලා ලියුමි එක්කම ඉස්කොලේ ගෙට්ටුව ලගට අවා . කේනායා ඒ යනකල්වත් කතාකරේ නැ ලියුමිත් බිම බලාගෙන අවා .
" අන්න ලියූ එනෝ!! ...."
ඉස්සරහින් ප්රමෝදා ගෙ කටහඩ ඇහෙද්දී ලියුමිගෙ බිමට පාත් වෙලා තිබ්බ ඔලුව ඉබේට උඩ ඉස්සුනා . ලියුමිට , ප්රමෝදා ගැන අමුත්තක් දැනුනා... ගෙට්ටුව ලග කසුනි වගෙම ප්රමෝදාත් හිටියා . ලියුමි හොරෙන් බැලුවෙ කේනායා දිහා . කේනායා ගෙ මුහුනෙ ලස්සන හිනාවක් ඇදිලා තිබුනා ඒක ලියුමි දැක්කා . ඒ හිනාව කොයි මොහෙතෙවත් තමන් වෙනුවෙන් තිබ්බෙ නැ නෙද කියලා ලියුමිට හිතුනා .
' ප්රමෝදා වෙනදාට ගෙට්ටුව ලග ඉන්නෙ නැනෙ.... ඇයි අද අවේ '
' මාව දැක්ක ගමන් ඔහොම කැගහලා අත වනන්නෙ මොකටද .... තව එයා කොහොමද මට ලියූ කියන්නෙ '
' අපි එච්චර ලං උනෙ නැනෙ.... ලියූ කිව්වෙ කසුනි විතරයි . '
' ඊයෙ අඩ අඩ හිටිය ප්රමෝදා ඇයි මෙච්චර සතුටින් උඩ පනින්නෙ '
ඔය වගෙ දාහක් දේවල් ලියුමි ඒ විනාඩි කිහිපයට හිතුවා .
" ආ මෙ ලියුමිගෙ අක්කානෙ "
" ගුඩ් මෝනින් අක්කෙ!! "
ගෙට්ටුව ලග හිටිය ගැහැනු ලමයි කේනායා එක්ක කතා කරා . කේනායා ඒ හැමොමට හිනාවෙන් උත්තර දුන්නා . ලියුමි ඒ දිහාත් හොරෙන් බලන් හිටියා .
" චුටි මැනික ඔයා දැන් යන්න පරක්කු වෙයි නැත්තන්"
කේනායා හරි ආදරේන් කතා කරාම මැලවිලා තිබ්බ ලියුමිගෙ මුහුනට ඉබේටම හිනාවක් අවා .

YOU ARE READING
𝐋𝐀𝐌𝐏𝐒 𝐎𝐅 𝐋𝐎𝐕𝐄 ☑️
Short Story𝖦𝖫 𝖲𝖳𝖮𝖱𝖸 ""මේකී මිනිස්සු එක්ක බුදියන එකීයක් ද?"" ""මං ඔයාට පහනක් පත්තු කරා අක්කෙ.. ඒ අපේ ආදරේ වෙනුවෙන් "" මට දරාගන්න හරිම අමාරුයි . මිනිස්සු සත්තුන්ට වඩා අන්තයි. එයලාට ඕන උනාම ජිවිතේට එනවා . හොද කෙනෙක් හම්බුනාම ජිවිතේන් යනවා . හැගිම් සෙල්ල...