" මොකක්!! ඔයාට පිස්සු ද අම්මේ!! "
කේනායා යි , අම්මායි අතර ලොකු ලෙංගතු කමක් තිබ්බෙ නැ . ලියුමි හොස්ටල් දාන එකට අම්මා ගැන කේනායා ගෙ හිතෙ තිබ්බෙ ලොකු තරහවක්. කේනායා හැමදේම අමතක කරලා ජිවිතේ අලුතින් හදාගන්න හැදුවා විතරයී ..... අම්මා නිසා ආයෙ හැමදේම විනාස කරගන්න කේනායාට ඕන උනෙ නැ . ලියුමි ගෙ හිතට වදයක් උනෙ හොස්ටල් යන එකට වඩා කේනායා , තමන්ගෙ අම්මා එක්ක රන්ඩූ වෙන එක . අම්මෙක් ගෙ වටිනාකම ලියුමි හොදටම දන්නවා . ලියුමි හිතන් හිටියේ ලෝකෙ ඉන්න හැම අම්මා කෙනෙක් ම එක වගෙ කියලා ......... එත් ලියුමිට එතැන වැරදුනා... ' හැම අම්මා කෙනෙක් ම එක වගෙ නැහැ!! නෙද' ලියුමිට එහෙම හිතුනා .
" මට ඇති පිස්සුවක් නැ .... තමුන්ගෙ ජිවිතේ පිලිවෙලක් කරගන්නොනෙ නැද්ද "
" ඒක මං කරගන්නම්... ඔයා ඔයාගෙ පුතා ගැන බලන්න... මොන එකකටද මගෙ ජිවිතේ ට ආයෙ ආවෙ... ඇයි මතක නැද්ද ඔයාට ... මං එදා ඔයාගෙ කකුල් අල්ලගෙන ඇඩුවා මාව දලා යන්න එපා අම්මෙ කියලා .
තාත්තාව බදාගෙන ඇඩුවා එයා හිටියේ ගල් පිළිමයක් වගෙ හහ්....එයා එක්ක කතා කරපු කාලයක් මතක නැහැ... දරුවෙක් ව තේරුම් ගන්න බැරි අම්මෙක්ගෙයි තාත්ත්ගෙයික් තියෙන වැඩෙ මොකද්ද අම්මෙ...
ඔයාලට මාව ලැජ්ජාවක් උනානෙ... අදත් ඒ කේනායා ම තමා ඉන්නෙ මෙ ඔයාගෙ ඉස්සරහා!!... කිසිම වෙනසක් වෙලා නැහැ....පුතෙක්ව අරන් මගෙ ඉස්සරහාම හුරතල් කරද්දී එදා මගෙ හිතට මොන තරම් දුකක් හිතෙන්න ඇතිද කියලා ඔයාට හිතුනෙ නැද්ද!! ඔයාට අමතක උනාද කේනායා කියන්නෙ ඔයලාගෙ දරුවෙක් කියලා .
මාසෙන් මාසෙට සල්ලී එව්වට කේනායා කැවද කියලා හෙව්වද... උපන්දීනය ට විශ් කරාද... අනිත් ලමයි එයලගෙ අම්මලා තාත්තලා එක්ක එහෙ මෙහෙ යද්දී...මං එ දවස් වල කොච්චර තනි උනාද කියලා ඔයා දන්නැ අම්මෙ... ඉස්කොලේ රැස්වීමකටවත් ඔයා ආවද අම්මෙ... මෙව්වා කියොලා වැඩකුත් නැ කොහෙන් පටන් අරන් කොහෙන් ඉවර කරන්නද...... "
කේනායා හිතෙ තිබ්බ දුකට පරන දෙවල් කියෙව්වා.... තවත් දිගට කියවන්න පටන් ගද්දී ලියුමි පඩිපෙල දිගෙ හයියෙන් හයියෙන් අඩි තියමින් පහලට ආවෙ කේනායා ගෙ අවදානය තමන්ගෙ පැත්තට ගන්නොනෙ නිසා... ලියුමි ව දැක්ක ගමන් කේනායා , අම්මට කැගහන එක නතර කරා . ලියුමි ලස්සනට කේනායා එක්ක හිනාවෙලා කුස්සියට ගියා . අම්මත් මුකුත් නොකිය උඩ මහලට අඩියට දෙකට දිව්වා....
' අම්මා අඩනවද' කේනායාට එහෙම හිතුනාත් .. ඒ ගැන නොහිතා ලියුමි ඉන්න පැත්තට ගියා .

ANDA SEDANG MEMBACA
𝐋𝐀𝐌𝐏𝐒 𝐎𝐅 𝐋𝐎𝐕𝐄 ☑️
Cerpen𝖦𝖫 𝖲𝖳𝖮𝖱𝖸 ""මේකී මිනිස්සු එක්ක බුදියන එකීයක් ද?"" ""මං ඔයාට පහනක් පත්තු කරා අක්කෙ.. ඒ අපේ ආදරේ වෙනුවෙන් "" මට දරාගන්න හරිම අමාරුයි . මිනිස්සු සත්තුන්ට වඩා අන්තයි. එයලාට ඕන උනාම ජිවිතේට එනවා . හොද කෙනෙක් හම්බුනාම ජිවිතේන් යනවා . හැගිම් සෙල්ල...